බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටියේ වැලි මාෆියාවට තිත තබන බවට රජය සහතික වෙයි…

by editor
ඔක්තෝබර් 20, 2025
in පුවත්
MANAMPITIYA
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

දේශපාලඥයින් අත්පත් කරගෙන, ගෝලයන් හරහා කරගෙන යන මනම්පිටිය මහවැලි ගගේ වැලි මාෆියාව
නතරකර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය සභාවට පවරා දීමට කඩිනමින් කටයුතු කරන බව පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි (ජාජබ) පද්මසිරි බණ්ඩාර  පැවසීය.

ඔහු  එසේ පැවසුවේ පසුගියදා දිඹුලාගල පැවති රාජ්‍ය නිලධාරින්ගේ රැස්වීමක දීය. මන්ත්‍රීවරයා  එහිදී මෙසේද කීය.

“තෙල් ගහන්නෙත් නෑ,. පොහොර ගහන්නෙත් නෑ… ගගේ එනවා. ගොඩ දානවා. ලෝඩ් එකක් රුපියල් 65000යි, 70000යි. රජයට මොකක්වත් නෑ. අපි අමාත්‍යාංශයත් සමග මේ ගැන කතා කරලා තිබෙනවා. ඉක්මනින් මේවා අත්පත් කරගන්න ඕනේ. මෙතන වෙනම මාෆියාවක් තිබෙනවා.”

“දේශපාලකයින් තමයි ඒක අත්පත් කරගෙන තියෙන්නේ. එයාලගේ ගෝලයෝ තමයි මේකට දාලා තියෙන්නේ. එයාලා තමයි ජන්ද වලට වියදම් කළේ. එයාලා තමයි සල්ලි දුන්නේ. මේ ඔක්කෝමත් සමග යන මහා මාෆියාවක් මෙතන තිබෙනවා. අපි මේක වෙනස් කරන්න සූදානම් කරලා තියෙනවා.”

“මේක ප්‍රාදේශීය සභාවට අත්පත් කරලා දෙන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණ නිලධාරියෙක් පත් කරන්න ඕනේ. ඒ ටික කරලා අපි ඔය වැඩේ වෙනස් විදිහකින් කරන්න ඕනේ. එහෙම නොවුනොත් රට තුළ, පරිසර පද්ධතිය තුළ විශාල විනාශයක් සිදුවෙනවා.” මන්ත්‍රීවරයා කීවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ අතර පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ දිගු කලෙක සිට වැලි සමාගමෙන් කිසිදු සුභ සාධනයක් නොමැතිව, ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් වෙහෙස මහන්සිව ඉතා අඩු මිලට වැලි ගොඩදමන තමන්ට වැලි කියුබ් එකක් සඳහා ගෙවන මුදල වැඩිකරන  මනම්පිටිය මහවැලි ගඟේ මංකඩලාභීහු සහ වැලිගොඩ දමන කම්කරුවෝ ද ඉල්ලා සිටිති.

වැලි කියුබ් එකකින් අධික ලාභයක් සමාගම ලැබුවද මංකඩලාභියාට වැලි කියුබ් එකක් සඳහා රුපියල් 800 ක්ද කම්කරුවාට රුපියල් 3,300 ක්ද පමණක් ගෙවන නමුත්  අදාළ සමාගම වැලි කියුබ් එකක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 8,900 ක් වැනි ඉතා ඉහල මිලකට බව  වැලි ගොඩදමන කම්කරු ප්‍රජාව සහ මංකඩ ලාභීහු ප්‍රකාශ කරති.

මනම්පිටිය ප්‍රදේශයේ ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ වැලි ගොඩ දැමීම සම්බන්ධව පසු විපරම් කමිටුවم පසුගිය 17 වෙනිදා   නිරීක්ෂණ චාරිකාවකට පැමිණෙන අතරතුර රැක සිටි වැලි ගොඩ දමන කම්කරුවන් සහ මංකඩලාභීන් සඳහන් කළේ තමන්ට මෙහි කිසිදු ආරක්ෂාවක් සහ සෞඛ්‍ය පහසුකමක් නොමැති බවය. තමන්ට සමාගම බීමට ජලයවත් නොදෙමින්, එම සමාගම වැලි කියුබ් එකකින් රුපියල් 4,800 ක ලාභයක් ලබන බව ඔවුහු චෝදනා කළහ.

වැලි ගොඩ දමන කම්කරුවන් ලෙස මෙම සමාගම යටතේ වසර ගණනාවක් සේවය කළද දෙදහසකට ආසන්න වූ තමන්ට සේවක අර්ථ සාධක අරමුදල හෝ සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වයක් නැති බව පවසන කම්කරුවන් මේ පිළිබඳ කම්කරු ඇමතිවරයාගේත්, ජනාධිපතිවරයාගේත්, පරිසර අමාත්‍යවරයාගේත් දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.

පිළිතුරු දුන් මනම්පිටිය වැලි සමාගමේ ජ්‍යෙෂ්ඨ කැණීම් ඉංජිනේරු ටී.ඒ.අයි.ඒ. ජයසේකර  සඳහන් කළේ, මංකඩලාභීන්ගේ සහ වැලි ගොඩ දමන කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ඉහළ ආයතනයට යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධව සාකච්ඡාවක් සිදුකිරීමට කටයුතු කරන බවත්ය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශාන් ගේ මිතුරු පෙළේ ” මිස් වුන ” යාලුවාගේ කතාව..

Next Post

ලෝකයම තිගැස්සූ ප්‍රංශ කෞතුකාගාර කොල්ලයේ සොරාගත් භාණ්ඩ ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනය කරයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.