අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටියේ වැලි නවතී…  මංකඩල ලභීන් කම්කරුවන් ටිපර් රථ රියදුරන් මනම්පිටිය වැලි සමාගමේ නිලධාරීන් කාර්යාල අඩස්සියේ තබාගෙන විරෝධතාවයක!

by editor
මාර්තු 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන මංකඩලාභීන්, ටිපර් රථ රියදුරන් දෙසීයකට අධික පිරිසක් ටිපර් රථවලින් මාර්ගය හරස් කර  මනම්පිටිය වැලි සමාගමේ කළමනාකාරීත්වය ඇතුළු නිලධාරීන් කාර්යාල අඩස්සියට ගෙන අද (14 )   උදෑසන සිට පැය හයකට අධික විරෝධතාවයක නිරත වූහ.

තාක්ෂණික සේවා පෞද්ගලික ආයතනයක් මගින් නිකුත්කර ඇති චක්‍රලේඛනයකට අනුව ආයතනයට අදාළ කන්තලේ, මඩකලපුව වැලිකන්ද, ඇතුළු විවිධ ප්‍රදේශවලින් ටිපර් රථවල තට්ටුවට ඉහළින් වැලි රැගෙන ගියද මනම්පිටිය වැලි සමාගමෙන් පමණක් තමන්ට එලෙස වැලි ප්‍රවාහනයට ඉඩ ලබා නොදීමට එරෙහිවත්,  එම වැලි සමාගම රුපියල් කෝටි ගණනින් රජයට මුදල් අහිමිකර සිදු කරන වංචා, දූෂණ, අක්‍රමිකතා, නතර කරන ලෙසත්, ප්‍රධාන ස්ථාන භාර නිලධාරිවරයා මාරු කරන ලෙසත් ඉල්ලමින් විරෝධතාකරුවෝ මෙම විරෝධයෙහි නිරත වූහ.

මනම්පිටිය පෞද්ගලික වැලි සමාගමේ ස්ථාන භාර නිලධාරිවරයා තම හිතවතුන්ගේ යන්ත්‍ර සූත්‍රවලින් පමණක් වැලි පැටවීමට ක්‍රියාකරන බවත්, ඉන් ප්‍රදේශයේ විශාල පිරිසකට බරපතළ අසාධාරණයක් සිදුවන බවත්, වත්මත් ස්ථාන භාරවරයාගේ ක්‍රියාකලාපය අනුව මනම්පිටිය මහවැලි ගඟේ වම් හා දකුණු ඉවර පරිසර විනාශයකට ලක්ව, සතා සිවුපාවන්ට පවා හානි වන අයුරින්   වැලිගොඩ දැමීම  සිදුකරන බවත්, ලංකාවේ හොඳම වැලි ලෙස පිළිගන්නා මනම්පිටිය වැලි ප්‍රවාහනය කිරීමේදී පිටස්තරින් තට්ටු මට්ටමට ඉහළට වඩා වැලි රැගෙන එන ලොරි රථවලට පවතින පවතින ඉල්ලුම තමන්ට මෙම වැලි සමාගම මගින් අහිමිකර ඇති බවත්  විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ වෙනත් ප්‍රදේශවලින් ටිපර් රථ වැලි ප්‍රවාහනය කරන පරිදි තමන්ටද මනම්පිටිය වැලි සමාගම මගින් තට්ටු මට්ටමට ඉහළින් වැලි ප්‍රවාහනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පෙබරවාරි 21 වෙනිදා  තාක්ෂණ සේවා මධ්‍යස්ථානය මගින් වැලි ප්‍රවාහනය කිරීම සඳහා ලබා දුන් කොන්දේසි එදින සිට ක්‍රියාත්මක නොකර එය මාර්තු 14 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීම  පිටුපස  සමාගමේ විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බවද විරුද්ධාකරුවෝ සඳහන් කළහ.

වැලි ටිපර් රියදුරන් මෙන්ම  මංකඩලාභීන් නගන චෝදනාව පිළිබඳ මනම්පිටිය තාක්ෂණ සේවා වැලි සමාගමේ ස්ථාන භාර නිලධාරී මොහොමඩ් හසන්ගෙන් කළ විමසීමකදී ඔහු  සඳහන් කළේ ඉහළ කළමනාකාරීත්වය ලබාදෙන තීරණ තමන් ක්‍රියාත්මක කරන බවත්, විරෝධාකරුවන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.

අප මේ පිළිබඳව තාක්ෂණ සේවා මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සුජිත් කෝනාර  ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු සඳහන් කළේ ආයතන මගින් නිකුත් කර ඇති කොන්දේසි ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම වලංගු වන පරිදි නිකුත් කර ඇති බවය.

මේ වන විටත් වැලි ටිපර් දෙසියකට ආසන්න සංඛ්‍යාවක් වැලි ප්‍රවාහනය නොකර විරෝධතාවයේ නිරත වන අතර තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන තුරු මෙම අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද විරෝධතාකරුවෝ සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වගකීම් සහ වගවීම් බිඳුන ප්‍රතිමාණ විරහිත සමාජයක කතාවක්!

Next Post

අප ආණ්ඩු පත් කරන්නේ  මිනීමරු දුම්කොළ සමාගම්වලට රට ආණ්ඩු කිරීමට ඉඩ දෙන්න නොවේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.