බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධුසමයේ මිහිර සොයා පැමිණි යුවලට මරණය බිය කුමක් දැයි කියා දුන් ගුවන් ගමන

by editor
දෙසැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වගකීම් රහිත සකුරායි ඒවියේෂන් සමාගමේ   සිවිල්  ගුවන්සේවා   බලපත්‍රය අත්හිටුවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර තිබේ. ඒ පිට පිටම සිදුවන්නට ගිය මාරක අනතුරු දෙකක් අනූනවයෙන් බේරාගත් පසුය. ගුවන් නියමුවන්ගේ හැකියාව හෝ වෙනකුමක් හෝ වාසනා ගුණයක් නිසා ජීවිත කීපයක් බේරුනේය.

සකුරායි ඒවියේෂන් සමාගමේ හදිසි ගොඩබැස්වීම් ගැන මෑතක දී මුලින්ම වාර්තා වූයේ මීට දින කීපයකට කලිනි. පසුගිය 22 දා  පයිපර් පීඒ 38 – 112 ටොමර්හෝක් වර්ගයේ ගුවන් යානයක්  නියමුවන් දෙදෙනෙක් බේරුවල වෙරළ තීරයට ගොඩබෑවේය. හේතුව යානයේ කාර්මික දෝෂයකි. ගුවන් හමුදාව මුදවා ගැනීමේ කණ්ඩායම් යැව්වේය. ගුවන් සමාගමෙන් විශේෂ කණඩායමක් පැමිණියේය.  සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් දියත් වුණේය.

ඊට දවස් පහකට පසු අද සවස 1.52ට සකුරායි ඒවියේෂන් සමාගමේ තවත් ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් කළේ කිඹුලා පිටිය වෙල් යායකටය. හේතුව යානයේ ඇති වූ කාර්මික දෝෂයකි. කටුනායක ධානව පථය පෙනි පෙනී  කටුනායක පත්තායන්වත්තේ වෙල් යායකට පාත් කළ මෙම කුඩා ගුවන් යානය  අසීරුවෙන් ගොඩබසින විට එහි මුහුණත වෙල් යාය මැදින් යන කොන්ක්‍රීට් පාරක ඇනී සුන් වී තිබිනි.  වාසනාවට ගුවන් නියමුවන් දෙදෙනාට සහ එහි ගමන්ගත් දෙදෙනාට බරපතල හානියක් සිදුවුණේ නැත.  අනතුරට පත් වූවෝ මීගමුව රෝහලට ඇතුළත් කළහ.

අද සවස් වනවිට සිවුදෙනාම මීගමුව රෝහලෙන් ටිකට් කපාගෙන නවලෝක රෝහලට ඇතුළත් වීමට සූදානම් වී සිටියහ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.

සිකුරායි ඒවියේෂන් සමාගමට අයත් මෙම පැරණි  ගුවන් යානය අද උදේ රත්මලානේ සිට සීගිරියට ගමන් කළේ  මධුසමය ගතකිරීමට මෙරටට පැමිණ සිටි ලෙබනන් ජාතික යුවලක් රැගෙන කොග්ගල බලා ගමන් කිරීමටය. යානයේ ප්‍රධාන නියමුවා වූයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු දිමුතු රුවන්පතිරණය. වයස අවුරුදු 31කි.

නියමුවරිය 27 හැවිරිදි තරුණියකි. ඇය තමාෂා අබේනායකය. පදිංචිය බත්තරමුල්ලේය. මේ තරුණ නිමුවා නියමුවරිය සහිත යානය සීගිරියට ගොස් සීගිරියෙන් ලෙබනන් ජාතික යුවල ගොඩකරගත්හ.  මධුසමයේ මියුරු දින කිහිපය ගත කරමින් සිටි ලෙබනන් ජාතික  සැමියා වසීම් මව්කාල් ය. ඔහු හතලිස් හැවිරිදි අයෙකි. ඔහුගේ යෞවන බිරිය මාරියා මව්ශල්‍යාය. ඇය විසි නව හැවිරිදිය.

යොවුන් නියමුවා සහ නියමුවරියගේ ආචාරශීලී උණුසුම් සමාගම ලබමින් නව යුවල සීගිරියෙන් ගුවන්ගත වූයේ කොග්ගල වෙරළ විඳිමින් තවත් දින කීපයක් ගතකිරීමටය.

යානය ගුවන් ගතවී  ටික වෙලාවකින් එහි එන්ජිමේ ඇතිවෙමින් තිබෙන දෝෂයක් පිළිබඳව ගුවන්නියමු දිමුතු නිරීක්ෂණය කළේය. කොග්ගල තෙක් ගුවන් කාලය යානයට පූරණය කළ නොහැකිය.  යානය පාලනයෙන් ගිලිහී යන්නට පෙර ඉක්මන් ගොඩබැසීමක් අවශ්‍ය වී තිබිණි.

ඒ වනවි කටුනායක ගුවන්තොටුපල ගුවන් පථයට දුර විනාඩි කිහිපයකි. කටුනායකට හදිසි ගොඩබැසීමක් සඳහා ගුවන් නියමුවා අවසර ඉල්ලුවේය. අදාල අවසරය  ලැබිණි. යානය ගුවන් පථය දෙසට ඉලක්ක කරගෙන ධාවනය වෙමින් තිබිණි. ගුවන් පථයට විනාඩියක දුරක් තිබිය දී යානය තවදුරටත් ගුවනේ තබා ගැනීමට නොහැකි බව ගුවන් නියමුවා තීරණය කළේය.  කටුනායක ගුවන්පථය පෙනි පෙනී පත්තායන්වත්ත වෙල්යායට පහත් කරන විටම එය නියමුවාගේ පාලනයෙන් මිදී  ඇදී ගොස් වෙල්යාය මැදින් දිවෙන මාවතේ ගැටුනේය.

සිදුවූයේ කුමක් දැයි නව යුවලට අදහාගත නොහැකි වූයේය. නියමු මැදිරියේ ඉදිරි කොටස කුඩුපට්ටම් වුවද නියමුවාට සිදුවී තිබුණේ සුලු තුවාල පමණි.

මහා ශබ්දයක් ඇසී අවට සිටින ගැමියන් දුවගෙන එන විට ගුවන් නියමු දිමුතු සහ  ලෙබන්න ජාතික සැමියා වසීම් යානයෙන් පිටතට පැමිණ සිටියහ. ගුවන් නියමුවරිය වූ තමාෂා සිටියේ සුළු තුවාල සහිතව කම්පනයෙනි. තරමක තුවාල ලබා සිටි යොවුන් බිරිය මාරියා ඔසවා තැබීමට උත්සාහ කරනවාට වඩා ගිලන් රථ සේවාවට දැන්වීම හොඳ යැයි තීරණ කර තිබිණි.

දිමුතු සහ වසීම් ත්‍රීවිල් රථයකින් මීගමුව රෝහල වෙත පිටත් කර යැවිනි. තමාෂා සහ මාරියා    රෝහලට පිටත්කර තිබුණේ ගිලන් රථයකිනි. ගිලන් රථයට රැගෙන එනතුරුත් මාරියා මහ හඬින් හඬමින් සිටියාය.

දෙවියන්ගේ පිහිටෙන් බරපතල අනතුරක් නැත. ඔවුන් ජීවතුන් අතරය. එහෙත් මේ මධුසමයේ මාරක අත්දැකීම වසීම්ගෙන් හෝ මාරියාගෙන් ඉවත් වී යන එකක් නැත. ඒ කම්පනය ලැබුවේ ඔවුන්ගේ ජීවිතවල  සැලසුම් කළ මියුරුම  දින කීපය තුළය.  මේ සිදුවීම් අපට යළිත් වරක් සිතන්නට යමක් ඉතිරිකර ඇත. ව්‍යාපාරයක් කරනවිට මීට වඩා මිනිස්සුන්ගේ ජීවිත ගැන කල්පනා කළ යුතුව තිබේ.

එක අතකට පාරේ යන්නට බැරි ලදරං වාහන යොදාගෙන පාසල් දරුවන් ප්‍රවාහනය කරන්නට අනුමැතිය ලැබෙන රටක ටකරන්වලින් හැදූ ප්ලේන් ගුවන්ගතවීම අරුමයක් වන්නේ නැත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉඩම් ප්‍රශ්නයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළැයි කාන්තාවකගෙන් සංචාරක ඇමති මිලියන 500ක වන්දියක් ඉල්ලයි

Next Post

මැලේරියාව රටින් තුරන් කළ අප යළි මැලේරියා අවදානමක වැටුණු හැටි සෞඛ්‍ය අංශ කියයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.