බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධුෂ් සමග වළ දැමුවේ දෙශපාලනයේ හා පොලිසියේ අපරාධ ද?

by editor
ඔක්තෝබර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • අවුරුදු එක හමාරක් තිස්සේ ප්‍රශ්න කරනවිට හෙළි වූ පොලිස් ලොක්කන්ගේ තොරතුරු පොත්වල නෑ..
  • එවකට ආණ්ඩුවේ විපක්ෂයේ  දේශපාලකයෙක් සමග කළ මත්කුඩු ජාවාරමක් ගැන තොරතුරු පිට  අත්අඩංගුවට ගන්න සැලසුම් කරද්දි ආණ්ඩු පෙරළිලා
  • දැන් ඔහු ප්‍රභල ආණ්ඩුවේ ප්‍රභල දේශපාලකයෙක්…
  • මධුෂ්ගෙ කලු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් විවෘත  කළේ එවකට අගමැති රනිල්
  • රටපුරාම වත්කම්… ඒ වත්කම් කිසිවක් පොලිස් පොත්වල ලියැවිලා නෑ… 

පොලිස් අත්අඩංගුවේ සිටියදී පෙළ ගැසෙන අභව්‍ය සිදුවීම් දාමයකින් පසු මෙරට පාතාලයේ තවත් ගෝඩ් ෆාදර් කෙනෙකුගේ ඉරණම  උණ්ඩයකින් විසඳෙන්නේ අද අළුයම් කාලයේදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ වසරකුත් මාස හතරක කාලයක් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ඔහු මාකදුරේ මධුෂ්ය.

කොළඹ අතිරෙික මහේස්ත්‍රාත් නිරංජලා ද සිල්වා මධුෂ් ඝාතනය කළ ස්ථානය පරීක්ෂාවේ යෙදුණු අයුරු

තවමත් වෙඩික්කරුවෙක් නිශ්චිත නැති  වෙඩි උණ්ඩයකින් මධුෂ්ගේ ඉරණම විසඳෙන්නේ ලබන නොවැම්බර් 28 වෙනිදා වසර එකහාමාරක රඳවා ගැනීමේ නියෝගය අවසන්ව ඔහු නිදහස ලබන්නට තිබියදීය. නිදහස යැයි කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙනි. එකී නිදහස ලැබීමෙන් පසු ඔහුට හිමිවන්නේ බන්ධනාගාරයයි. එහෙත් ඔහු වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිටීවිදැයි තිබුණේ සැකයකි. ඒ මාකදුරේ මධුෂ්ට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් ගොනු කිරීමට පොලීසිය මෙතෙක් අසමත්ව ඇති බැවිණි.

පොලිස් වැඩ්ඩන්ගේ කමිටුව

මාකදුරේ මධුෂ් ඩුබායි හි රැඳී සිටින තාක් කල් අපේ රටේ පොලිස් ලොක්කන් මධුෂ් අල්ලන්නට ලොකු ලොකු සැළසුම් සකස් කළේය. මධුෂ් ගැන විමර්ශනය කරන්නට පොලීසියේ ලොක්කන්ගෙන් සමන්විත කමිටුවක් පවා සකස් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අධ්‍යක්ෂ ශානි අබේසේකර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ එවකට සිටි නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා, පොලිස් විශේෂ කාර්ය බලකායේ එවකට සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, අපරාධ වාර්තා කොට්ඨාස ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ වත්මන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයියා ඇතුළු පොලීසියියේ ඉහළම නිලධාරීන් 10 ක් 15 ක් පමණ මෙම කමිටුව නියෝජනය කළෝය. ඔක්කොම පොලිසියේ සිටි වැඩ්ඩන්ය. එම කමිටුව සතියකට වරක් රැස්වෙමින් මාකඳුරේ මධුෂ්ගේ අපරාධ ගැන මෙන්ම මෙරට ඔහුට ඇති සම්බන්ධ ඔහුට ඇති දේපොල ආදී බොහෝ තොරතුරු රැස් කළේය.

මේ අකාරයට කමිටුවක අවශ්‍යතාවක් මතුවන්නේ මධුෂ් ඩුබායි සිට පොලීසියටත් අභියෝග කරන්නට වූ බැවිණි. පොලීසියට ඔහු අභියෝග කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ප්‍රධානියාව සිටි නියොමාල් රංගජීව  පිළියන්දලදී ඝාතනය කිරීමට සැලසුම් කිරීමත් සමගිනි. අනතුරුව ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ ප්‍රධානියාව සිටි පොලිස් පරීක්ෂක ධර්මප්‍රියටද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අංශ නිලධාරියෙක් වූ දාස් ගුප්තාටද ඩුබායි සිට තර්ජනය කළේය. ඒ රංග ජීවගෙන් පසු ඊළඟ වෙඩිල්ල ඔවුන්ට බව සඳහන් කරමිනි. එතැනින් සීමා නොවූ ඔහු එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දරටද දුරකතන ඇමතුම් දි තර්ජනය කර තිබුණේ තමාගේ වැඩ වලට ඇඟිලි නොගසමින් සිටින ලෙසටය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

සාක්ෂි නැති මහින්ද- ගොඨාභය ඝාතන තැත

මාකදුරේ මධුෂ් ඩුබායි රටට පළා යන්නේ 2015 වස‍රේදීය. ඒ මාස දෙක තුනක් බන්ධනාගාරයේ සිට ඇප මත නිදහස ලැබීමෙන් පසුවය. ඔහු ඒ යන්නේ ද වෙනත් පුද්ගලයෙකුගේ නමින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකිනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී ඔහුවත් එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත්  ඝාතනය කිරීමට එල්.ටී.ටී,ඊ.ය සමග කළ සැලසුමකට ද මධුෂ් චෝදනා ලැබූවේය. ඒ මීගමුවේ ජුවෙල් ලංකා මංකොල්ලයට පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටියදීය. එම ඝාතන සැලසුමට සැකපිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසභාරයට ගෙන වසර එකහාමරක කාලයක් මධුෂ් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේද  රඳවාගෙන සිටියේය. ඒ 2013 අග භාගයේ සහ 2015 මුල් භාගයේදීය.

රඳවා ගැනීමේ නියෝග අවසන් වීමෙන් පසු ඔහු නැවත බන්ධනාගාර ගත වන්නේ ඝාතන කුමන්ත්‍රණයක් තබා අඩුම තරමින් එවැනි ඝාතන කථාබහක් ඇති වූ බවට හෝ ඔහුට එරෙහිව චෝදනාවක් ගොනු කරන්නට සාක්ෂියක් නොමැතිවය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටි වසර එකහාමාරක කාලය තුළදී පවා ඔහු කර තිබුණේ පොලිස් නිලධාරීන් උපක්‍රම ශීලීව තමන් වෙත නම්මාගෙන ඔවුන්ගේ ජංගම දුරකතන වලින් සිය කල්ලිය මෙහෙයැවීමය. ඩුබායි ගොස් ඔහු කරන්නේ කල්ලිය වර්ධනය කර ගනිමින් මුළු රටේම පාතාලයේ රජු බවට පත්වෙමින් මෙරට මත්කුඩු ජාලය සියතට ගැනීමය. නියොමාල් රංගජීවට වෙඩි තබා ඝාතනය කරන්නට උත්සාහ ගන්නේ මධුෂ්ගේ මත්කුඩු ජාලයට පහර පිට පහර දෙන්නට වූයේ රංගජීව නිසාය. රංගජීවව පැත්තකට කිරීමෙන් පසු මාකදුරේ මධුෂ් නිදහසේ සිය මත්කුඩු ජාලය මෙහයෙවන්නට ගත්තේ දේශපාලනයේත් පොලීසියේත් දූෂිතයන්ගේත් ආශිර්වාදය සහ රැකවරණය ඇතිවය.

කළු සල්ලි සුදු කළ දේශපාලකයෝ…

මාකදුරේ මධුෂ්ගේ කළු සල්ලි සුදු කරනු ලැබුවේ දේශපාලනඥයන්ය. ව්‍යාපාරිකයන්ය. මධුෂ්ගේ නමින් මෙරට නොතිබුණත් මධුෂ්ට අයත් ප්‍රකෝටි ගණනක දේපොල රට වටේම වූ බව කියැවුනේය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ  අතිනුත් මධුෂ්ගේ ව්‍යාපාරයක් විවෘත වන්නේ 2017 වසරේදීය. ඒ ජා- ඇල ප්‍ර දේශයේ පිහිටි වාහන කුළි ආයතනයක මූලස්ථානයකි. අද වන විට එම වාහන කුලී ආයතනය වැසී ගොස්ය. එම ව්‍යාපාරය මධුෂ් විසින් ආරම්භකරනු ලැබුවේ කොළඹ කෙසෙල්වත්තේ ව්‍යාපාරිකයෙකු සමගිනි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  එම විවෘත කිරීමට රැගෙන එන්නේ එම ව්‍යාපාරිකයා තමාට හිතවත් මැද කොළඹ දේශපාලනඥයෙකුගේ මාර්ගයෙනි.

මධුෂ් ඝාතනය කළ බව කියන පිස්තෝලය වැටී තිබුණු අයුරු

මධුෂ් මෙරට දේශපාලනඥයන් රැසකට මැතිවරණවලදී සහය දී තිබුණේ පාතාල බලයට අමතරව මුදලින්ද උදව් කරමිනි. මධුෂ්ගේ උදව් උපකාර ඇතිව පාර්ලිමේන්තුවට  ගිය දේශපාලකයන් ගැන ද වාර්තා විය. එම දේශපාලනඥයන්ගෙන් රැසක්ම මේ වන විට සිටින්නේ ඉකුත් මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුන පවා අහිමිව ගොසිනි.

පොලිස් වැඩ්ඩන්ගේ කමිටුවේ කතා පැය 24න් මධුෂ්ට

මාකඳුරේ මධුෂ්ව කොටුකර ගැනීමට පොලිස් ලොක්කන් කමිටු දමා සැළසුම් සකස් කළ ද එම කමිටු රැස්වී පැය 24 ක් යන්නට මත්තෙන් ඒ සියළු කථා බහ මධුෂ් දැනගත් බව පොලිස් ලොක්කෝම  කීහ. ඒ තරමට ඔහුගේ ජාලය බලවත්ව තිබුණි. ඇතැම් පොලිස් ලොක්කන් ඩුබායි හී දී මධුෂ්ව මුණ ගැසී තිබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රසිද්ධ රහසක් විය. ඩුබායි හරහා ජාත්‍යන්තර පොලිස් සමුළුවලට සහභාගිවීමට යන ඇතැම් පොලිස් ලොක්කන්ට ඩුබායි හී පහසුකම් සැපයී තිබුණේ මධුෂ්ගෙනි. සමුළු අවසානයේදී සාප්පු සවාරියේ යන්නට පහසුකම් සැපයුනේද මධුෂ්ගෙනි.

පසුගිය වසරේ පෙබරවාරි 04 වෙනිදා සිය දියණියගේ පළමු උපන්දින සාදයේදී ඩුබායි පොලීසියට කොටුවීමෙන් මාස තුනකට පසු මෙරටට පිටුවහල් කර එවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්වුණු මාකදුරේ මධුෂ් ඒ සියල්ල හෙළිකරනු ලබන බව කියන්නේ ප්‍රශ්න කිරීම් හමුවේය. ඒ පොලිස් ලොක්කන්ගේ නම් ගම් ද ඇතිවය. එම හෙළිකිරීම් පොලීසියට අපකිරීතියක් ගෙන දෙන්නක් බව සඳහන් කරමින් ඇතැම් පොලිස් ලොක්කන් ඒවා පොත්වල සටහන් කිරීමෙන් වැලකී සිටියේ යැයි පොලිසිය තුළින්ම වාර්තා විය. ඒ තමන්ගේ ගෝලබාලයින්ගේ නම් ද  ඒ අතර වූ බැවිණි.

මධුෂ්ගේ හෙළිකිරීම් අතර තිබුණේ පොලිස් ලොක්කන් ගැන පමණක් නොව, දේශපාලනඥයන් රැසකගේ නම්ද කියැවිණි. එවකට ආණ්ඩුවේ සමහර ඇමතිවරුන්ගේත් එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේත් නම් ඒ අතර ඉහළින්ම තිබුණේය. යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙක් ඩුබායි පැමිණ මධුෂ් හමුවී ඔහු සමග කා බී විනෝද වූ හැටි මෙන්ම එම ඇමතිවරයා තරුණ කාන්තාවකගේ පහස ගත් අයුරුද මධුෂ් හෙළි කළේ යැයි පොලිසිය කීවේය.

එපමණක් නොව, එවකට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකම් දැරූවන් සමග මාකදුරේ මධුෂ් දුරකතනයෙන් පැවැති සම්බන්ධකම් ගැන ද මධුෂ්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි විනැයි වාර්තා විය. ඊට අමතරව එවකට විපක්ෂය නියෝජනය කළ දැන් මේ ආණ්ඩුවේ ප්‍රභල දේශපාලකයෙක් වූ පුද්ගලයෙක්   සමග මත්කුඩු ජාවාරම කරගෙන ගිය හැටි ද මාධුෂ් බොහෝ තොරතුරු හෙළි හෙළිකර තිබුණ බව වාර්තා විය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියේ එකී දේශපාලනඥයාව මත්කුඩුද සමග අත්අඩංගුවට ගන්නටය. එහෙත් එය ව්‍යර්ථ වන්නේ ආණ්ඩු පෙරළිය හේතුවෙනි.

මධුෂ් අතේ නැටවුණු දකුණේ දේශපාලනය

මධුෂ් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ හෙළිදරවුවලට අනුව ඔහුගේ කළු සල්ලි ඇත්තේ දේශපාලනඥයන් සතුවය. දකුණේ දේශපාලනඥයන් ඒ අතර කිහිප දෙනෙක් සිටිති.

ඊට අමතරව ඔහු වෙනත් පුද්ගල නම්වලින් මිලදී ගත් ඉඩකඩම් රට පුරාම ඇති බව කියැවිනි. පොල්වතු තේවතු කුරුඳු වතු ඇත්තේ අක්කර සිය ගණනිනි. මධුෂ් පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව අද අලුයම මරුමුවට පත්වයන තුරුම ඒ කිසිදු දේපොලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ගැනීමක් හෝ ඒවා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් ආරම්භකර ඇති බවක් දැන ගන්නට නොවීය. පසුගිය කාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කෝටි ගණනක දේපොල සොයාගත් බව කියපු පොලීසිය මධුෂ්ගේ දේපොල ගැන කටක් නොඅරින්නේ පොලීසියට සම්බන්ධ පුද්ගලයන් සතුවද මධුෂ්ට හිමිකම් කියන දේපොල ඇති නිසාද නැති නම් මධුෂ්ගේ එම දේපොල ඩැහැ ගැනීමට පොලිස් ලොක්කන් කිහිප දෙනෙක් ඇස ගසාගෙන සිටින නිසාදැයි පොලීසිය ඇතුලේම ඇත්තේ ලොකු කථාබහකි.

කෙසේ වෙතත් මාකදුරේ මධුෂ්   වෙඩි පහරකින් මරුමුවට පත්වන්නේ ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ පක්ෂ විපක්ෂ දේශපලානඥයන් සහ පොලිස් ලොක්කන් ගැන සියල්ලද සමගිනි. ඒ මේ කිසිදු හෙළිදරව්වක් පොලිස් පොත්වල නිසි ලෙස ලියැවී නොමැති බව කියැවෙන්නේය.

ඩුබායි රාජ්‍යයෙන් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් වසරේ මැයි මාසයේදී එරටට ගොස් මධුෂ්ව මෙරටට රැගෙන පැමිණි දා සිට ඔහු මරුමුවට පත්වන තුරුම කන්න බෝන්නට දෙමින් ඔහුව බලා කියා ගත්තේ ශ්‍රී ලංකා පොලීසියයි. වැඩිම කාලයක් ඔහුව රඳවා තබාගෙන සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය.

කොළඹ අපරාධ කොට්ඨාසයට හිටි හැටියේම ඔහුව භාර කෙරෙන්නේ ඉකුත් සිකුරාදාය. එසේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්වී පැය 24 ක් ඉක්ම යන්නට මත්තෙන් මධුෂ්ගේ ඔත්තුවෙන් යැයි කියා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කොටිකාවත්තෙන් රුපියල් කෝටි 10 කට අධික වටිනාකමක් ඇති මත්කුඩු තොගයක් සොයා ගත්තේය.

අනතුරුව මධුෂ් මරුමුවට පත්වන්නේ තවත් මත්කුඩු කිලෝ 22 ක් ඔහුගේ ඔත්තුවෙන් අල්ලන්නට ගොසින් බව පොලීසියේ නිල ප්‍රකාශය බවට පත්ව හමාරය. ඔහුගේ ඔත්තුවෙන් සොයාගත් බව කියන මත්කුඩු කිලෝ 22 ක්ද ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය සතුවය.

මධුෂ් ඝාතනය වූ සිද්ධියෙන් සොයා ගත් බව කියන මත් කුඩු

කෙසේ වෙතත් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයක් දෙනා අතර දැඩි කථාබහකට ලක්ව ඇත්තේ වසරකුත් මාස හතරකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකදුරේ මධුෂ්ගෙන් සොයා ගන්නට නොහැකි වූ මත්කුඩු කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට පත්ව පැය 24 ක් ගතවීමටත් මත්තෙන් සොයා ගැනීමට හැකියාව ලැබීම ගැනය.

සිද්ධිය වූ අයුරු නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

“කිසිදු කම්හලකට කොවිඩ් වසංගතයෙන් පසු විදේශිකයන් ගෙන්වා නැහැ”

Next Post

බූවැලිකඩ ලෙව්කේ මැදුරේ සුන් බුන් රජයේ වියදමින් ඉවත් කිරීම ඇරඹේ

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.