මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා සිදුකළ බව කියන පහර දීමකින් තුවාල ලත් එම අධිකාරියේ බස් රථ පරීක්ෂණ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පල්ලේකැලේ පිහිටි පළාත් ප්‍රවාහන අධිකාරි කාර්යලය තුළ දී මෙම පහර දීම සිදුව තිබෙන අතර සිද්ධියෙන් පසු පහර කෑමට ලක්වූ නිලධාරියා ඒ සම්බන්ධයෙන් බලගොල් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
සේවා කටයුත්තක් සම්බන්ධ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම පහර දීම සිදුකර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
පහර කෑමට ලක්වූ නිලධාරියා නිසි ලෙස සේවයට වාර්තා නොකිරීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් සාමාන්‍යාධිකාරිවරයා සමඟ වාදයක පැටලී තිබෙන බව ප්‍රවාහන අධිකාරියේ අභ්‍යන්තර තොරතුරු මගින් අනාවරණය වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන අධිකාරිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව එහි සභපති පරාක්‍රම දිසානායක කීය







