මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කළ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් දකුණු මුහුදේ දී නාවික හමුදාව විසින් අද (27) අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදෙදී මෙම ධීවර යාත්‍රා අත් අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කරන්නේ රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ජාත්‍යාන්තර සහයෝගය ද සහිතව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී නාවික හමුදාව අදාල ධීවර යාත්‍රා අත් අඩංගුවට ගත් බවය.
නාවික හමුදාව සඳහන් කළේ නාවික හමුදාවේ නෞකා මගින් අදාල මෙහෙයුම සිදුකළ බවය.







