බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මට නැතිනම් තොපිටත් නෑ… රටටත් නෑ… ක්‍රිකට් පරිපාලනයේ තිරිසනා එළියට පැන්න හැටි!

Shammi Silva plays the villain by calling for the ban of Sri Lankan cricket

by editor
නොවැම්බර් 11, 2023
in පුවත්
Shammi
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි – 

මට නැතිනම් තොපි එකෙකුටවත් නැත.

ශිෂ්ඨාචාරයේ අශික්ෂිතම තිරිසන්කම උපදින්නේ  මේ තුච්ඡ අදහසත් සමගය.  ඒ නින්දිත තිරිසන් කුප්ප කුපාඩිකම ෂම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (11) ලෝකයට පෙන්නුවේය. ජනතා මතය රූපණය කරන ආකාරයෙන් කිසිම බෙදීමකින් තොරව පාර්ලිමේන්තුවේ සියලුම නියෝජනය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවය.

ඉතිහාසයේ පළමු වරට මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත වූ විට අවම සදාචාරායක් තිබේනම් සිදුවන්නේ එම ආයතනයේ පාලකයින් ඉල්ලා අස්වීමය. එහෙත් මේ කාලකණ්නි කළේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට ගොස් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලා සිටීමය. මේ ක්‍රිකට් තහනම මෙන්ම මේ රටේ පුරවැසියෙකුගෙන් ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම ස්වභාවික තත්ත්ව යටතේ සිදුවෙතැයි කිසිවෙක් කල්පනා කළේ නැත.

එහෙත් ඉතිහාසයේ සිදුවිය හැකි නින්දිතම දේ සිදුවී ඇත්තේ පක්ෂ පාට වර්ණ ජාති භේදයකින් තොරව ලංකාවේ පුරවැසියන්ට දැනෙන ගැඹුරුම නිලයටය. මේ වනවිට  ඉන්දියාවේ සිටින ෂම්මි සිල්වා අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලා තිබේ. නිමිත්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට දේශපාලන ඇඟිලි ගැසිම් සිදුවන බවට කරන දැනුම් දීමය. ඊයේ (10) පස්වරුවේ හදිසියේ අන්තර්ජාලය ඔස්සේ රැස්වන  ICC මණ්ඩලය මෙම තීරණය ගන්නා විට එම රැස්වීමේ ෂම්මි සිල්වා ද සාමාජිකයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අවසන් තීන්දුව ලබා දෙන බැංගලෝරයේ ලබන 18 සිට 21 දක්වා පැවැත්වෙන අයි.සී.සි යේ කාර්තු රැස්වීමටත් ෂම්මි සිල්වා සම්බන්ධ වෙන්නේය.

මේ තහනම විශේෂය. වර්ෂ 2014-15 කාල සීමාව දක්වාම විටින් විට  මින් පෙර අතුරු පාලක මණ්ඩල පත් කළ අවස්ථා ගණනාවක් තිබිණි.  ඒ එක් අවස්ථාවකවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට අයි.සී.සී ය කටයුතු කළේ නැත. සිදුවූයේ අතුරු කමිටුවක් පත් වූ අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කරන අරමුදල් බැඳුම්කරයක් සේ තෙවන පාර්ශවයක් යටතේ තැබීමය. අයි.සී.සී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරීක්ෂණ මට්ටමින් තැබීමය.

ඒ සම්ප්‍රදාය අතිශය විවේචනාත්මකව උල්ලංඝණය කරමින් අයිසීසිය 2019 වසරේ සිම්බාබ්වේ ක්‍රිකට් අත්හිටුවීමෙන් පසු දෙවන අවස්ථාව ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් අත් හිටුවන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

  • සිදුවූයේ කුමක් ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ රටේ ආණ්ඩුවටත් වඩා අශීලාචාර බවත්, අශිෂ්ඨ බවත්,  දූෂිත බවත්, අමුතු දෙයක් නොව,  මේ රටේ පුරවැසියන්ගේ සාමාන්‍ය දැනීමය. විශේෂත්වය වන්නේ  ලෝකය ඉදිරියේ කුජීත වී  අන්ත ගොබ්බයන් සේ මැච් පැරදෙමින් මේ රටේ මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව වූ ක්‍රිකට් සිහිනය කුඩුකරන විට  ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ සමාජය තුළ පැවති  සාමාන්‍ය අවබෝධය පාර්ලිමේන්තුව තුළ ඒකමතිකව සම්මත වී ප්‍රකාශයට පත් වීම පමනය.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක් වූ පාර්ලිමේන්තුවක්, ජාතික ආගම් කුල දේශපාලන භේදවලින් අංශු මාත්‍රතෙක් බෙදී ගිය විභේදනයන් අමතක කළ  ජාතියක්  රටේ ඇති ක්‍රීඩා සංගමයක පාලකයින්ට  කීවේ ඉවත්වන ලෙසය.

එහෙත් උන් කළේ ඉවත්වීම නොවේ ජාත්‍යාන්තරයට ගොස් මේ රටේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය සමග බැඳීමක් ඇති ක්‍රිකට් ක්‍රීඩාව තහනම්  කිරීමය.

මෙසේ වූයේ ඇයි.  ශිෂ්ට සම්පන්න සංස්කෘතික සමාජයක් තුළ සදාචාරවාදී පරිසරයක අශීලාචාර හැසිරීම් ගැන පූර්ව නිර්වචනයකින් තොරව  අශිෂ්ඨ නිරුවත් වානරයින් පිරිසක් ගෙනත් පදිංචි කළ විට ඒ සංස්කෘතික රාමුව තුළ උන්ව පළවා හරින්නටත් බැරිය.   විනාශ කරන්නත් බැරිය.  ඉන්න දෙන්නත් බැරිය. යන්න කිව්වාට යන්නේත් නැත.  එපා කිව්වාට අහන්නේත් නැත.  යනවානම් යන්න හදන්නේ බෝම්බ ගසා සමස්ථය සුන්නද්ධූලි කරමිනි.  දැන් ඒ පළමු මරාක ප්‍රහාරය එල්ල කර ඇත.

දේශපාලනිකව හෝ වෙනයම් ප්‍රභූ සමාජ බලපෑමකට යටත් නොවන ආකාරයට ජාත්‍යාන්තරය හා ගනුදෙනු කළ හැකි ප්‍රමිතිගත   ආයතනයක බලය මෙහෙයවීම සඳහා පත්වන   පිරිස ශිෂ්ඨාචාරවත්ව මානව ධර්මතාවලට එකඟව වැඩ කරනු ඇතැයි පූර්ව නිගමනයක් තිබෙන්නේය.  එහෙත්   බලතල  අශිෂ්ට වානරයින් ප පිරිසක් අතට ගිය විට සිදුවන මූලික දේ සිදුවෙමින් ඇත.

  • ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරින්නේ ඇයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඇත්තේ ශ්‍රී ලංකාවේය.  එය පැවතුනේ  මේ රටේ නීතියට  යටත්වය. එහෙත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය සහ එහි නිලධාරීන් පත්කරගැනීම සඳහා ක්‍රියාත්මක ක්‍රමවේදය පිළිබඳ බරපතල විවේචන තිබිණි. වරෙක ලෝක ක්‍රිකට් ආදර්ශයක් වූ මුත්තයියා මුරලිදරන් පැවසුවේ තමන්ට කොළඹින් ඡන්දය ඉල්ලා ජයග්‍රහණය කළ හැකි නමුත් වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයට තරග කර අතේ ඇඟිලි ගණනට ඡන්ද ලබා ගත නොහැකි බවය.  ලෝක කුසලානය රටට රැගෙන පැමිණි ගෞරවණීය කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මේ ක්‍රමවේදය පිළිබඳ අවස්ථා ගණනාවක ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් සිදකළේය.

ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධ තීන්දුව කාලාන්තරයක් තිස්සේ ගොඩනැගුණ සිද්ධි දාමයක ප්‍රතිඵලයකි. අතිශය බරපතල ක්‍රිකට් දූෂණ විගණනය මගින් හෙළිකරව් වන්නේ වර්ෂ 2018 සිටය. පුදුමාකාර ලෙස නීතිපතිවරයා ඒ නින්දිත දූෂණ විෂයෙහි ක්‍රියාත්මක වන්නේ නැත. පොලිස්පතිවරයා ඒ දූෂණ සම්බන්ධ විමර්ශන ආරම්භ කරන්නේ නැත.

මේ අතර  ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා  තමන් රජයට කිසිම බැඳීමක් නොමැති  රජයේ විගණනයට හෝ රජයේ අධීක්ෂණයට යටත් නොවන ස්වාධීන ආයතනයක් බව ප්‍රකාශ කරන්නට වූයේය. කෝප් කමිටුවට පැමිණීම ප්‍රතික්ෂේප කළේය. 2018 දී ඔවුන් කෝප් කමිටුව වෙත කැඳවා ගන්නේ බරපතල අවවාද ගණනාවක් කිරීමෙන් අනතුරුවය. එමෙන්ම සභාපතිවරයා  විගණනය වර්ජනය කිරීමට උත්සාහ කළේය.  රට තුළ ඇති වෙනත් රාජ්‍යයක රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවේ නීතියට පමණක් නොව පාර්ලිමේන්තුවට ද ඔහු අභියෝග කළේය.

මේ සියල්ල සිදුවන්නේ ක්‍රිකට් නිසා උපදින මහා ධනස්කන්ධය අවභාවිතා කරමින් අත්පත් කරගත යුතු සෑම ආයතනයක්ම, සෑම පුද්ගලයෙක්ම තමන්නට නතු කරගනිමින්  දේශපාලන බලයක් ද සහිතව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා අතුළු සාමාජිකයින් හැසිරීම නිසා බව ක්‍රීඩා ඇමතිවරයා කීපවරක්ම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

  • කොමිසමක් පත් කිරීම

මේ තත්ත්වය දරුණු ලෙස පුපුරා යන්නේ පසුගිය වසරේ  ඔස්ට්‍රේලියාවේ විස්සයි 20 තරගාවලිය තුළ ඇති වූ රටට සහ ක්‍රිඩාවට නොහොබිනා අවිනීත සහ අශිෂ්ඨ සිදුවීම් සමුදායක් සමග රට තුළ බරපතල විරෝධයක් ඇතිවීමත් සමගය. ස්ත්‍රී දූෂණ චෝදනාවකට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක අත් අඩංගුවට පත්වන්නේය. ඔහුව ඔස්ට්‍රේලියාවේ තබා  ඉතිරි ක්‍රීඩකයන් ලංකාවට පැමිණියේ රට නියෝජනය කරන තානාපතිවරුන් ලෙස ස්වකීය වගකීමට  නුසුදුසු නින්දාසගත හැසිරීම් ගණනාවක් පිළිබඳව චෝදනා ලබමිනි.  එ අතරම ක්‍රිකට් පාලක මණ්ඩලයේ අශිෂ්ට හැසිරීම සම්බන්ධව පිළිකුල් සහගත කතා ඇසෙමින් තිබිය දී ය.

මේ තත්ත්වය තුළ ක්‍රීඩා ඇමතිවරයා විසින් මෙම සංචාරය සම්බන්ධව පරික්ෂණයක් පවත්වන්නට කුසලා සරෝජිනී වීරවර්ධන ප්‍රමුඛ පංච පුද්ගල කොමිසමක් පත් කරන්නේය.  ඒ විමර්ශන වාර්තාව අවශ්‍ය නෛතික උපදෙස් හා නිර්දේශ ලබා ගැනීමට 2023.01.18 දින නිතිපතිවරයා වෙත යොමු  කරන්නේය.  නීතිපති  උපදෙස් හා නිර්දේශ මත මේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා  ක්‍රිඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට 203.01.19 දින යොමුවන අතර නීතිපතිවරයා විසින් එම විමර්ශන වාර්තාව රජයේ විගණන කාර්යාලය වෙත යොමුකර විගණන වාර්තාවක් ලබා ගැනීමට 2023.01. 27 උපදෙස් ලබා දෙන්නේය.

මේ දූෂිතයන්ගේ තරම තක්සේරු කරමින්  2023.09.11 දින විගණන වාර්තාව විගණාකාධිපති විසින් නිකුත් කර තිබිණි.  අනතුරුව  2023.09.25 දින ක්‍රීඩා ඇමතිවරයා විසින් කුසලා සරෝජනී කමිටු වාර්තාව සහ විගණකාධිපතිවරයාගේ වාර්තාව අමුණා පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට ලිඛිතව දන්වන්නේ දැන් මේ දූෂිතයන් සම්බන්ධව පරීක්ෂණ පවත්වන ලෙසය. පුදුමාකාර ලෙස පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධව කිසිම හැලහොල්මනක් ඇතිවන්නේ නැත.

වර්ෂ 2018 දි කෝප් කමිටුව විසින් ක්‍රිකට් ආයතන කැඳවා විගණකාධිපතිවරයා හරහා කළ වෝහාරික විගණනයත් නීතිපතිවරයාට ඉදිරි කටයුතු සඳහා යවා තිබුණ මුත් මේ දක්වා එය සම්බන්ධව ද නිතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ නැත.

මේ අතර ක්‍රීඩා වැරදි වැලැක්විමේ ඒකකය විසින් ආරම්භ කළ  විමර්ශන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් හිතාමතාම මගහැර තිබිණි. ඒ සම්බන්ධව නීතිපති උපදෙස් පතා තිබුණේ 2023.10.23 ය. නීතිපතිවරයා ඒත් නිහඬය.

මේ සියල්ල අතර ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රීඩා පනතක් ලෙස සම්මත කරගැනීම සඳහා පුළුල් වපසරියක් ආවරණය වන  චිත්‍රසිරි කමිටු වාර්තාව ගෙනාවේය. එම වාර්තාවටත් ක්‍රිකට් පාලක මණ්ඩලය අභියාචනාධිකරණයෙන් වාරණයක් ගත්තේය. ගනු ලබන සෑම ක්‍රියා මාර්ගයකටම පාහේ ක්‍රීඩා ඇමතිට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩලය නඩු කිව්වේය.  ක්‍රීඩා ඇමතිනට නඩු කියන්න පමණක් ශ්‍රි ලංකා ක්‍රිකට් සිය මුදල්වලින් මිලියන 300ක් වියදම් කර තිබිණි.

  • ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමට හේතුව ICC සහ සාමාජික රටවල්වලට ලිඛිතව දැන්වීම

මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරග අන්ත අලජ්ජී විදිහට  පරාජය වෙිමින් තිබිණි. ඇෆ්ගනිස්ථානටයත් පැරදුන ඔවුහු කිසිවෙක් බලාපොරොත්තු නොවුන සේ යළිත් වරක් ඉන්දියාව හමුවේ නින්දා සහගත විදිහට පැරදුනේය. ආසියානු කුසලාන තරගයේ ලකුණු 50ට සියල්ල දැවී ගිය කණ්ඩායම වෙන්කඩේ ක්‍රීඩාංගනයේ දි ලකුණු 55ට දැවී ගියේය.

හොරකම්වල කෙළවරක් නැත. නීතියට යටත් වන්නේත් නැත. නීතියත් ඔවුන් විෂයෙහි හැසිරෙන ආකාරය සමාජය තුළ බරපතල විවේචනයක් නිර්මාණය වූයේය. පවතින වාතාවරණය හමුවේ චිත්‍රසිරි කමිටු වාර්තාවට අදාල වාරණ නියෝගය සම්බන්ධ නෛිතික කටයුතු පිළිවෙළක් කර එය පාර්ලිමේන්තුව තුල සම්මත කරගෙන ක්‍රීඩා නීතිය යාවත්කාලීන කරන තෙක් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමතිවරයා තීරණය කළේය.

එම විසුරුවා හැරීමට පෙර, එනම් පසුගිය නොවැම්බර් 03වන දින ඇමතිවරයා ඒ සම්බන්ධව  නිවේදනයක් කරමින් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉවත්වන ලෙස දන්වා සිටියේය. එම දැන්වීම අනුව ඉවත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මොහාන් සිල්වා පමණි. නොවැම්බර් 06 වැනිදා ආණ්ඩුව තුළම ඇති වූ බරපතල විසංවාද අතර වුව ද ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අර්ජුණ රණතුංගේ නායකත්වයෙන් යුතු අතුරු පාලක මණ්ඩලයක් පත් කළේය.

එම පත් කිරීමට පෙර ක්‍රීඩා ඇමතිවරයා   ජාතික විගණන කොමිසමෙන් නිකුත් කළ විගණන වාර්තාව සහ කුසලා සරෝජනී කමිටු වාර්තාව ද සමග මේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා අතුරු පාලක කමිටුවක් පත් කර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් යටතේ නිවැරදි ඡන්ද ක්‍රමයකින් පාලක මණ්ඩලයක් පත් කරන ආකාරය සම්බන්ධව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලිඛිතව දැනුම්වත් කර තිබිණ. එමෙන්ම අයි.සී.සී. සාමාජිකත්වය සහිත රටවල් 12 වෙත වෙන වෙනම දැනුම් දී තිබිණි.

මේ පසුබිම තුළ දේශපාලන ඇඟිලි ගැසීම් සම්බන්ධ කේලමක් මත බරපතල ආන්තික තීන්දුවකට ගොස් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමේ අවස්ථාවකට යන්නට සාධාරණ අවකාශයක් නැති බව යුක්ති ධර්මය පිළිබඳ මූලික අවබෝධයක් ඇති ඕනෑම පුද්ගලයෙකුට වටහා ගත හැකිය.  එමෙන්ම මේ තහනම් කිරීම සිදුවන්නේ රටක් ලෙස  පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රටේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ  සම්මත කළ මෙම යෝජනාවක් හරහා රටේ ජන මතය පිළිබඳ ජාත්‍යාන්තරයට සහ අයි.සී.සී.ට    ප්‍රබල පණිවිඩයක් ලබා දී ඇති පරිසරයකය. එමෙන් අතුරු කමිටු හරහා පකිස්ථානය ඔස්ට්‍රේලියාව වැනි රටවල් කීපයක ක්‍රිකට් පාලනය වන ආදර්ශයක් ලෝක ක්‍රිකට්වල පවතින පරිසරයකය.

  • අයි.සි.සී හැසිරීම

දැන් අප ඉදිරියේ අනාවරණය වෙමින් ඇත්තේ වෙන කිසි කළෙක් හෙළිදරවු නොවනු ආකාරයේ අශිෂ්ඨ ජඩ හැසිරීම් දාමයකි.  මහත්වරුන්ගේ ක්‍රීඩාව  නම්   ” ස්ලෝගන් එක” තුළ රෙදි ඇඳගෙන  ලෝකයේ  හැසිරිය හැකිදැයි  ප්‍රශ්න කරන තැනට අයි.සී.සි. ය පත් වෙමින්   සිටී.  රටක මහා ප්‍රබල ජනමතයට, රටේ විගණනය පිළිබඳ උත්තරීතර ආයතනයේ නියමන්යට, රටේ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරියක ඇතුළ පංච පුද්ගල ප්‍රමාණිකයින් විසින් කළ විමර්ශන වාර්තාවකින් හෙලිවන කතාවකට වඩා අයි.සී.සී.ය ට එම චෝදනා ලද පට්ට පදුරු කාලකණ්ණි දූෂිතයන්ගේ කේලම් ප්‍රමාණයක්  ප්‍රමුඛ වීම සම්බන්ධව මේ රටේ සිවිල් මිනිසුන් ලෙස අපට ගැටලුවක් තිබේ.

රටක් ලෙස එකට එක් විය යතු අවස්ථාව යළිත් වරක් පැමිණ ඇති බව විශ්වාස කරමු. බුකි කාරයින්, කුඩු කාරයින්, සල්ලාලයින්, පාතාල මැරයින් ජාත්‍යාන්තරව එක් වී කරන නිරුවත් ක්‍රිකට් පරිපාලන මාෆියාව හැසිරෙන ආකාරය  ලෝකයට පෙර  රටට අවබෝධ විය යුතුය.  මෙතෙක් කල් මේ අමනයින් සමග එක් වී ව්‍යවස්ථාවත් විධායකත් එකට සිට ඩීල් දැම්මා වන්නට පුලුවන. එය අමතක කරන්න. දැන්  කරුණාකාර තාවකාලිකව හෝ  ඒ කුපාඩිකම් නවත්වා රටේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා  දේශපාලකයින් ලෙස  එකතු වන්න. මේ අවස්ථාව තුට්ටු දෙකේ දේශපාලන මජරකම් ප්‍රකාශ නොකරන්න.  රටටම  දැනේන තීරණාත්මක නිලය වනයේ දමා කොටා කුඩු කර තිබේ. රටම ඉන්නේ වේදනාවෙනි.

මේ තරම්  නින්දාවට පත්කර තුට්ටු දෙකට ජාතියක් පත් කිරීම සිදුකර ඇත්තේ රටක් නොව මජර ක්‍රීඩා සංගමයකි. ජනාධිපතිවරයා පසුගිය ඔක්තොම්ර් මස  ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් ජර්මානු මාධ්‍යවේදියාගෙන් බටහිර  විදේශ ප්‍රතිපත්තිය ගැන මෙසේ ඇසුවේය.

“ ඇයි අපේ රට ඉන්නේ දෙවැනි පෙළක ද?. අප ලෝකය ඉදිරියේ දෙවැනි පෙළ පුරවැසියන් ද?”.

සුරතලුන්ගේ සිත් සැනසවීම පසෙක තබා ජනාධිපතිවරයා එදා පෙන්වූ නිර්භීතකම යළිත් පෙන්වනු ඇතැයි පුරවැසියන් ලෙස අපි අපේක්ෂා කරමු.  මක්නිසාද යත් රට දෙකේ කොලයට දමා ඇත්තේ   අන්තර්ජාතික තලයද අවභාවිතා කරමින් බුකිකාරයින් අත නැටවෙන සූදු පිටියක සූදු අන්තුවන් පිරිසකි.   රටක් ලෙස  අයි.සී.සීය වෙත දැනෙන සුළු පණිවිඩයක් සහිතව  මේ වානර නැටුමට තිත තැබිය යුතු බව රට ඉල්ලා සිටින බව ලියා තබමු.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එමෙන්ම මේ අවස්ථාවේ ගන්නා තින්දුවේ ස්වරූපය කාගෙ කාගේත් දේශපාලන ඉරණම තින්දු කරනු ඇති බවත් මතක් කර සිටිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අන්තිම ගේමත් ගහලා… ICC ක්‍රිකට් අත්හිටවා ඇත්තේ ශම්මිලාගේ ඉල්ලීමට…  තීන්දුව ගත් හදිසි රැස්වීමට ඉන්දියාවේ සිටින ශම්මිත් එක් වෙලා!

Next Post

සෞඛ්‍ය පද්ධතියේ අනාගතය තීරණය කරන අවසන් සාකච්ඡාව අද ජනපති සමග…  GMOA කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.