බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගේ සියලු දේ නැතිවෙලා ගොඩනැගිය නොහැකි ලෙස විනාශ වෙලා ඉවරයි… ඒත් ඝාතකයා ගැනත් හිතන්න… ඔහු තවම 19 හැවිරිදි කොල්ලෙක්… ඔටාවා සමූහ ඝාතනයේ වින්දිත පියා ලෝකයට කී කතාව!

by editor
මාර්තු 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

බණ්ඩාරනායක ගම වලව්වේ දර්ශනී දිලන්තිකා ඒකනායක (වයස අවුරුදු 35), ඉනුකා වික්‍රමසිංහ (අවුරුදු හතයි), අශ්විනි වික්‍රමසිංහ (අවුරුදු හතර), රණයා වික්‍රමසිංහ (අවුරුදු දෙකයි), කෙලී වික්‍රමසිංහ (මාස දෙකහමාරක්). එකම පවුලේ මව සහ දරුවන් හතර දෙනා…

අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණී අමරකෝන් (වයස 40)… එම පවුලේ දයාබර සගයා…  හයදෙනාම මරා දමලා…

පවුලේ පියා ධනුෂ්ක වික්‍රමසිංහ… ඔහු මාරාන්තික තුවාල සහිතව මේ මොහොතවනවිටත් රෝහල්ගතව….

19 හැවිරිදි කොළුවෙක් කළ තිරශ්චීන අපරාධය තවමත් කිසිම කැනේඩියානුවෙකුට තේරුම් ගත නොහැකි වී තිබේ. මේ බිහිසුණු සිදුවීම මේ වනවිට ලෝක අවධානයට ලක් වී ඇත.

මේ වනවිට ඝාතන සම්බන්ධ මරණ පරීක්ෂණ සිදුකර අවසන්ය.  කැනඩාවේ ඔටාවාහි සමූහ ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුලේ ඥාතීන්  ඉදිරි දින කීපය තුළ දී එරටට පැමිණීමෙන් පසු අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු කර ඇතැයි කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් හර්ෂි නවතරන් මාධ්‍ය වෙත පවසා තිබුණාය.

කම්පනය

ඔටාවා ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම සමූහ ඝාතනවලින් එක්ක වූ මෙම ඝාතනය ඝාතනය සිදුකරන්නේ  19 හැවරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැති තරුණයෙකි. ඝාතනය සිදුවු නිවසේම නැවතී සිටි තරුණයෙකි.

ඒ සමූහ ඝාතනය මුළු මහත් ජන ප්‍රජාවම කම්පා කර තිබිණි. සෙනසුරාදා ප්‍රජාව විසින් එක්ව කරන සිහිපත් කිරීමක් සඳහා සඳහා 300 කට වැඩි පිරිසක්   ඔටාවා හි අසල්වැසි Barrhaven  උප නගරයේ දී  රැස් වූහ. ධනුෂ්කගේ  නිවසට ආසන්න උද්‍යානයක එම වැඩසටහන  සංවිධානය කර තිබිණි.    ඊට ප්‍රදේශවාසීන් මහා සංඝරත්නය ඇතුළු දෙරටේම රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.  බොහෝ කැනේඩියානුවෝ එක්ව කඳුළු සැලූහ.

උද්‍යානයේ  බංකුවල සහ අවට, ප්‍රජා සාමාජිකයින් ඔවුන්ගේ ගෞරව දැක්වීම සඳහා හෘදයාංගම සටහන්, ටෙඩි බෙයාර්ස්, මල් කළඹ සහ වෙනත් භාණ්ඩ තබා තිබිණි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“මගේ දුව ඒ දරුවො එක්ක ගොඩක් සෙල්ලම් කළා… අලුත් අවුරුද්දේ පන්සලේ එයාලා හැමෝම එකතු වෙලා සෙල්ලම් කළා.   මේක වුණා කියලා හිතන්න අමාරුයි,” එක් අසල්වැසියෙක් වන මිරිස්සා කුමාර් කඳුළු සලමින් කීවාය.

කැනඩාවේ බෞද්ධ මහා සම්මේලනයේ නාරද කොඩිතුවක්කු රැස්ව සිටි පිරිස අමතා කතා කළේය.

“ඔටාවා ශ්‍රී ලාංකීය ප්‍රජාව, මම දන්නවා ඔබගේ වේදනාවේ තරම… මේක දරාගන්න අපහසු අවස්ථාවක්” ඔහු පැවසුවේය.  ඔහුගේ හඬ හැඟීම්බරව බිඳී යනු ඇසිනි.

මිනීමැරුම් සිදු වූ ප්‍රදේශයෙන් නිවාස කිහිපයක් පහළින් ජීවත් වන රොෂෙල් ලාචෑන්ස් ඇතුළු පවුලේ අසල්වැසියන් මේ ප්‍රචණ්ඩත්වයේ කම්පනය සමග අරගලයක නිරතවී සිටිනු පෙනුණි.

“එය අප බොහෝ දෙනෙකුට දැවැන්ත කම්පනයක්… සියල්ලන්ම එකට එක් වී  දුක් වීමට ලැබීමේ මෙම අවකාශය විශාල සැනසීමක්. මේ කම්පනයෙන් මිදෙන්න අපට  බොහෝ කාලයක් ගතවනු ඇති.    ”ඇය Global News වෙත පවසා තිබුණාය.

තවත් අසල්වැසියෙකු වන ඩැනියෙල් බෝර්ඩේජ් ද එවැනිම හැඟීමක් බෙදා ගත්තේය.

“ඒ ළමයින්ට සිදු වූ දේ…. එය සිහිවීමත්   දුෂ්කරම දෙයක්. ඒ වගේ පොඩි දරුවො මටත් ඉන්නවා.ඉන්නවා,” ඔහුගේ කතාව  Global News වාර්තා කළේය.

විල්සන් ලෝ තවත් එවැනිම අසල්වැසියෙකි.  “මම තවමත් පාසලේ සිටින ළමයින් ගැන සිතමින් ඉන්නවා,   ඔවුන්ගේ මිතුරන් දෙදෙනෙකු තවදුරටත් එහි නොසිටින්නේ මන්දැයි මට  සම්පූර්ණයෙන් තේරුම් ගත නොහැකියි.” ඔහු කිවේය.

ධනුෂ්කගේ යාබද නිවසේ අසල්වැසියා ඇනා රයිට්ස්ය. “වෙන කිසිම දෙයක් නෑ…. ඉතාම නිශ්ශබ්ද ඉතාම සුන්දර මිනිස්සු… වෙහෙස මහන්සි වී වැඩ කරන කාරුණික මිනිස්සු… තවත් කිසි දෙයක් වැඩක් නෑ…” ඇනා පැවසුවාය.

ප්‍රහාරයෙන් දිවි බේරාගත් පවුලේ පියා ධනුෂ්ක වික්‍රමසිංහ මේ වනවිට ශල්‍යකර්ම දෙකකට භාජනය කර ඇත. ඔහුට ජීවිත අවදානමක් නොවේ. ඔහු රෝහලින් ඉවත් වූ පසු ඔහුව රැකබලා ගැනීමට ඔටාවා හි  හිල්ඩා ජයවර්ධනාරාම විහාරස්ථානය   කැමැත්ත ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ විනාශයෙන් ඇති වූ කම්පනය ඔහුව කවදා ගොඩගනු ඇතිදැයි නොදන්නා බව විහාරාවාසී  හිමියෝ පැවසූහ.

ඝාතනයට ලක්වු අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වනවිට ඔටාවා පොලිසිය සිදුකර හමාර කර ඇත. ඒ බව ඔටාවා පොලිසියේ ප්‍රධානී එරික් ස්ටබ්ස් තහවුරු කර තිබේ.  ධනුෂ්කගේ පවුලේ ඥාතීන් කැනඩාවට රැගෙන ඒමට කටයුතු  කර ඇති බව කියැවේ.  . ඒ අනුව ලබන සතියේ මුල මෙම වේදනාත්මක ඝාතනයේ ගොදුරු වූ අසරණ මිනිසුන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇත.

ඝාතකයා ගැන කතාව

ඝාතකයා 19 හැවරිදි ෆෙබ්‍රියෝ ද සොයිසාය. මේ වනවිට ඔහු ප්‍රථම මට්ටමේ මිනී මරුම් 06 ක් සහ මිනී මැරිමට තැත් කිරීමක් සම්බන්දව චෝදනා සහිතවය.

මෙම ඝාතක තරුණයාගේ නැන්දනිය අනුෂා ද සොයිසා ය. ඇය පසුගිය සිකුරාදා  ග්ලෝබල් නිවුස් වෙත විශාල කතාවක් පවසා තිබිණි.

“මම තවමත් වෙව්ලනවා. මගේ ඇඟම සීතලයි.  මට නින්ද යන්නේ නෑ මේ සිද්ධිය අහපු දා ඉඳලා.  ඒ පවුල එයාට ගොඩක් හොඳයි…  ඔවුන් හරිම අපූරු පවුලක්.”    අනූෂා පැවසුවාය.

චූදිතයා තම සහෝදරයාගේ වැඩිමහල් පුත්‍රයා බවත් මීට වසර දෙකකට පෙර කැනඩාවට පැමිණි බවත් ඇය පැවසුවාය. මා  ඔහු ගැන දැනගෙන හිටියේ “නිහඬ” සහ “හොඳ ශිෂ්‍යයෙක්”  ලෙසයි. ඇය කීවාය.

සමූහ ඝාතක තරුණයා මීට වසර දෙකකට පමණ පෙර කැනඩාවට පැමිණ තිබිණි. ඔහු කැනඩාවට පැමිණ  පළමු මාසය නැන්දනිය අනූෂාගේ  නිවසේ ජීවත් වී ඇත. අනතුරුව හෙතෙම ඔටාවා ප්‍රදේශයේ වෙනත් ඥාතීන් සමග ද කලක් ජීවත් වී තිබේ.  ඔහුට ඇල්ගොන්කින් විද්‍යාලයේදී  ධනුෂ්ක වික්‍රමසිංහ හමු වී ඇත්තේ ඒ අතරය.

මේ වකවානුව තුළ ධනුෂ්ක වික්‍රමසිංහ තම පවුල ශ්‍රී ලංකාවේ සිට ඔටාවා වෙත ගෙන යාමට කටයුතු කරමින් සිට තිබිණි. පවුලම කැනඩාවට පැමිණි පසු ධනුෂ්ක වික්‍රමසිංහ තම පවුලේ අය සමග    බෙරිගන් ඩ්‍රයිව් නිවසේ ජීවත් වීමට එන ලෙස තම බෑණනුවන්ට ධනුෂ්ක වික්‍රමසිංහ විසින් ආරාධනා කර තිබුණු බව නැන්දනිය අනූෂා ද සොයිසා ග්ලෝබල් නිවුස් වෙත කීවාය.

“ නමුත් මෑතක සිට අප ඔහුගේ විශාල පරිවර්තනයක් දැක්කා.  ඔහු අප හා සම්බන්ධ වීම නැවැත්තුවා. ඔහු අපගේ දුරකථන අංක බ්ලොක් කළා.  සමාජ මාධ්‍ය. ඇතුළු  හැම දෙයක්ම අවහිර කළා,” ඇය පැවසුවාය.

“කවුද දෙයියනේ මේ වගේ අපරාධයක් මේ ළමයා කරයි කියලා හිතුවේ…” නැන්දනිය පැවසුවාය.

නිවාස හිමිකරු කතා කරයි

දේපළ හිමිකරු හර්ප්‍රීට් චබ්‍රාය. ඔහු පවසන්නේ මෙම   ඝාතකයා එම නිවසේ  ජීවත් වූ බව තමන් නොදැන සිටි බවය.

“මම මේ පුද්ගලයා  හඳුනනවා තබා දැකලාවත් නෑ. කොටිහින් ඔහු වගේ කෙනෙක් මගේ දේපලේ ජීවත් වූ බවවත් දන්නේ නැහැ. ඒ වගේම නිවසේ සිට ඝාතනය වූ ගාමිණී අමරකෝන් නැමැති පුද්ගලයා නිවසේ ජීවත් වූ බවත් මා දන්නේ නෑ.  මොකද මම නිවස බදු දීලා තිබුණේ ඒ පවුලට විතරයි.    ”හර්ප්‍රීට් චබ්‍රා සිකුරාදා දුරකථනයෙන් සම්බන්ධ වූ විට ග්ලෝබල් නිව්ස් වෙත පැවසීය.

දේපල හිමිකරු පවසන පරිදි, වික්‍රමසිංහ පවුල පසුගිය ගිම්හානයේදී Barrhaven නිවසට පදිංචියට ගිය අයුරුය. ඔහු පවසන්නේ ධනුෂ්ක වික්‍රමසිංහ මුලින්ම කැනඩාවට පැමිණ තම බිරිඳ දරුවන් සමඟ කැනඩාවට එනතුරු බලා සිටි බවය.

“ධනුෂ්ක වික්‍රමසිංහ කියන්නේ ඉතා හොඳ පුද්ගලයෙක්.. ඔහු ඉතා  හොඳ කුලී නිවැසියෙක්…  ඔහු සෑම විටම නියමිත වේලාවට තම නිවාස කුලිය ගෙව්වා … තමන්ගේම තැනක් වගේ  ඔහු නිවස හොඳින් රැකබලා ගත්තා,”

“මේ හැමදේකටම පස්සෙ මට කතා කරන්න වචන නෑ…  කම්පනය, ආතතිය මාව පෙළනවා. “  චබ්රා පැවසීය.

එමෙන්ම අල්ලපු නිවසේ අසල්වැසි ඇනා රයිට්ස් පවසා තිබුණේත් තමන් කිසිම දවසක මෙම ඝාතකයා හමු වී නැති බවය. ඔහු සිටියේ යැයි නොදැන සිටි බවය.

ඝාතක තරුණයා ඔටාවාහි පශ්චාත් සහ ද්විතීක අධ්‍යාපන ආයතනයක්වන Algonquin College හි ශිෂ්‍යයෙක් බව පොලිසිය තහවුරු කළේය. විද්‍යාලයට අනුව ඝාතක තරුණයා අවසන් වරට පාසලට පැමිණ ඇත්තේ 2023 ජනවාරි සිට අප්‍රේල් දක්වා පැවති   ශීත අධ්‍යයන වාරයේදීය.

Algonquin College හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්ලෝඩ් බෘලේ  ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “  Barrhaven හි මුග්ධ  ඝාතනය සම්බන්ධ විනාශකාරී පුවත සමග   Algonquin College හි තම ප්‍රජාව වැළපෙන බවය.

රත්තරන් මිනිහෙක්

කැනඩාවේ බෞද්ධ මහා සම්මේලනයේ අධ්‍යක්ෂ නාරද කොඩිතුවක්කුය.  සිකුරාදා ඔහු ධනුෂ්ක වික්‍රමසිංහ ප්‍රතිකාර ලබන ඔටාවා රෝහලේදී ඔහුව මුණගැසුනේය.

“ධනුෂකගේ මහා දයාව තවමත් බැබලෙනවා. ඒ සමාව දීමේ ප්‍රමාණය මනුෂ්‍යත්වය ඉක්මවා යන්නක්.” නාරද කොඩිතුවක්කු පවසා තිබිණි.

“ ‘ඔව්, මගේ ජීවිතයෙ සියල්ල ඉවරයි. හැම අංශුවක්ම විනාශ වෙලා.  එය නැවත ගොඩනැගිය නොහැකියි.  හැබැයි ඒ අපරාධය කරපු කෙනාත් පොඩි කොල්ලෙක්, ඔයා එයා ගැනත් හිතන්න ඕන…. – ඔබ විශ්වාස කරනව ද?. මට ධනුෂ්ක කිව්වේ එහෙමයි… ඒක මොනතරම් ලොකු හිතක් ද?. තමන්ව විනාශ කළ අපරාධකරුවා ගැන ඒ විදිහට හිතන්න… අපට ඒ විදිහට හිතන්න තබා සිතිවිලි මාත්‍රයක් ගන්න පුලුවන් ද? ” නාරද කොඩිතුවක්කු Global News වෙත පවසා තිබිණි.

සතියකට පෙර පැවති උපන්දින උත්සවය…

ෆෙබ්‍රියෝ ද සොයිසා කියන මේ 19 හැවිරිදි ඝාතකයාට ධනුෂ්කගේ නිවසේ කාමරයක රැඳී සිටීමට අවස්ථාව ලබා දී ඔහුට පවුලකින් ලැබිය යුතු හැඟීම ලබා දෙන්නට ධනුෂ්ක කටයුතු කර තිබිණි. මේ තරුණ ඝාතකයා වෙනුවෙන් මේ පවුල පසුගිය සතියේ උපන්දින සාදයක් පවා සූදානම් කර තිබුණා.  ඔවුන්ට ඕන උනා මේ තරුණයා හුදකලා නොකර ඔහු සමග ජීවත් වෙන්න. ඔවුන් එය කළා. ඒ පුද්ගලයාගේ ප්‍රතිචාරය හිතාගන්නවත් බැරි එකක්. නාරද කොඩිතුවක්කු පැවසුවේය.

ධනුෂ්ක බලන්නට ගිය හිල්ඩා ජයවර්ධන ආරාමවාසි සුනීත හිමියෝද ධනුෂ්ක සමග කතා කර තිබිණි.  බදාදා රාත්‍රි සිය නිවස කරා පැමිණි ධනුෂ්කට සිය බිරිය හා දරුවන් සිවු දෙනා ඝාතනය කර සිටිනු දැකගත හැකි වී තිබිණි.  ඝාතකයා ධනුෂ්කට පහරදී ඇත්තේ සැඟවි සිටය. මේ ඛේදවාචකය සැලවූ මොහොතේ සිටම උදව් කරන ආකාරය ගැන විමසමින් රට පුරා සිටින ජනතාව පන්සලට පැමිණ තිබිණි.

විත්තිකරුගේ නීතිඥවරයාට අනුව.  මේ තත්ත්වයේ ඇති පිළිකුල දනවන ස්වරූපය නිසාම මේ පුද්ගලයාගේ    මානසික සෞඛ්‍ය ගැන ප්‍රශ්නයක් නැගෙන්නට හැකි බවය. එමෙන්ම චූදිතයාට නඩු විභාගයට පෙනී සිටිමට ඇති යෝග්‍යතාවය හඳුනා ගැනීමටත සහායක් විය හැකි බව ඔහු කියන්නේය.

“කෙසේ වෙතත් මේ චෝදනාවට ලක්වන පුද්ගලයාට  මානසික ආබාධයක් තිබුණ ද නැද්ද කියලත් හොයන්න පුලුවන් වේවි. “ ඔහු පැවසුවේය.

නිවසේ ලේ පැල්ලම් සෝදා ඉවත් කිරීමට බලධාරීහු ඊයේ කටයුතු කළහ. එහෙත් ඒ වේදනාවේ පැල්ලම කවදා කෙසේ මකා දැමිය හැකිදැයි ඔටාවා මිනිස්සු තවමත් කල්පනා කරති.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය මුහුදු සීමාවේ විරෝධතා පවත්වා  එන්ඩ එපා කීවට පසුත් ඇහුවේ නැතිව උතුරු මුහුදු සීමාවේ ධීවර කොල්ලයට පැමිණි 22ක් අත් අඩංගුවට… 

Next Post

ඖෂධ හිඟයක් ඇතැයි කියමින් මාධ්‍ය බොරු වපුරුවන්නේ කාගේ උවමනාවට ද?… වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා අසයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.