HS 286 කාණ්ඩය යටතේ පවතින ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව 2023 ජූනි 09 දින සිට බලපැවැත්වෙන පරිදි එම ආනයනය සීමා ලිහිල් කර තිබේ.
මේ අතර පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1,216ක් දක්වා දැනට අඩු වී ඇති බවය.







