බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෞද්ධ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් නැගෙනහිර විශ්වවිද්‍යාලය ඇරඹෙයි… හිස්බුල්ලාගෙන් අටපිරිකර පූජාවක්!

by editor
දෙසැම්බර් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න –  

  • සරසවි සිසුන්ට ණය ගන්න විශේෂ බැංකු පද්ධතියක්… ණය ගෙවන්නේ ශිෂ්‍යයින් රැකියා කරන කාලයේ දි…

  • අන්තර්ජාතික තලයේ පහසුකම් රැසක් සමග නව සරසවිය විවෘතවන බව හිස්බුල්ලා කියයි…

කලක් සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මඩකලපුව පූනානි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අද (14)   දහවල් බෞද්ධ ආගමික කටයුතුවලට පමණක් මුල් තැන දෙමින් එම විශ්ව විද්‍යාලයේ සභාපති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ඇතුළු පාලක සභාවේ සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු  ආරම්භ කිරීමට කටයුතු කළේය.

නැගෙනහිර විශ්ව විද්‍යාලය….

ඒ අනුව ජනවාරි 18 වෙනිදා සිංහල, දමිළ, මුස්ලිම්, ඇතුළු සියලු ජාතීන් හා ආගම් නියෝජනය කරමින් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල නිර්මාතෘ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්.ඒ.එම් හිස්බුල්ලා   මෙහිදී පැවසීය.

මෙම විශ්වවිද්‍යාලය සඳහා දැනටමත් අයදුම්පත් තුන්දාහක් පමණ ලැබී ඇති අතර මෙහි අධ්‍යාපන ලැබීමට දස දහකට ආසන්න සිසුන් සංඛ්‍යාවකට  සියලු පහසුකම් පවතින බවත්, ලෝකයේ ජාත්‍යාන්තර තලයේ පහසුකම් පවතින විශ්ව විද්‍යාලයක් බවට පත්කර ඇති බවත් ඔහු පැවසුවේය.

මෙහි අධ්‍යාපනය ලබන සිසුන්ට ණය පහසුකම් ලබාදීමට එම ස්ථානයේ බැංකු කිහිපයක් ආරම්භ කරන බවත්,  එම සිසුන් ලබාගත් ණය රැකියා සිදුකරන අවස්ථාවලදී ගෙවීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද හෙතෙම කීවේය.

උප කුලපති වැඩ භාරගත් අවස්ථාව…

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වත්මත් උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර  , මෙහිදී වැඩ භාරගත් අතර උතුරු මැද, නැගෙනහිර, ඌව යන පළාත්වල සිසුන්ට මෙන්ම සෙසු පළාත්වල විශ්ව විද්‍යාල වරම් තිබෙන දරුවන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවත්, ජනවාරි මාසයේ සිට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදී අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බවත් උප කුලපතිවරයා පැවසුවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

වැලිකන්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කඩවතමඩුව ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය මෙහිදී ආගමික වතාවත් සිදුකලහ.

විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු වලට ආශිර්වාද සිදුකිරීමේ දී  බෞද්ධ ආගමික කටයුතුවලටත්  මුල්තැන ලබා දීම  පිළිබඳව  විශේෂයෙන්ම ස්තුතිය පිරිනිමන බවත්, නැගෙනහිර විශ්ව විද්‍යාලයට සිංහල, දමිළ, මුස්ලිම්, දරුවන් ඇතුළත් කරගනිමින්, රටට යහපත් පුරවැසියන් පිරිසක් බිහි කිරීමට හිස්බුල්ලා හටපු ආණ්ඩුකාරවරයා ඉදිරිපත්වීම පිළිබඳ තමන් වහන්සේ ප්‍රශංසා කරන බත්ද මෙහිදී ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියෝ අනුශාසනව සිදුකරමින් පැවසූහ.

හිස්බුල්ලාගෙ අටපිරිකට පූජාව…

ආගමික වතාවත් සහ ආශිර්වාද කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නයට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින්  අටපිරිකර පූජා කිරීමද සිදු කළේය.

විශේෂත්වයක් වූ අතර,ඉස්ලාම් ආගමිකයකු වන

2018 වර්ෂයේ දී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු අවසන් කෙරුවද සහරාන්ගේ ප්‍රහාරයත් සමඟ එම විශ්ව විද්‍යාලයේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූයේය. අනතුරුව වසර දෙකකට ආසන්න කාලයක් එම විශ්වවිද්‍යාලය යුද හමුදාව යටතේ පාලනය විය.

කොවිඩ් වසංගත කාලයේ දී    නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පැවැති නැගෙනහිර විශ්ව විද්‍යාලය පසුගිය ඔක්තෝබර් 20 වැනිදා යුද හමුදා විසින් නැවත වරක්   විශ්ව විද්‍යාලයේ සභාපති හිස්බුල්ලා වෙත   භාර දෙන ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශානිගේ ආරක්ෂාව වහාම තර කරන්න… අභියාචනාධිකරණය නියෝග කරයි…

Next Post

සුවසැරිය සේවාව තාක්ෂණය සමග අත්වැල් බැඳගනී!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.