මනම්පිටිය නිමල් ජයරත්න –
-
සරසවි සිසුන්ට ණය ගන්න විශේෂ බැංකු පද්ධතියක්… ණය ගෙවන්නේ ශිෂ්‍යයින් රැකියා කරන කාලයේ දි…
-
අන්තර්ජාතික තලයේ පහසුකම් රැසක් සමග නව සරසවිය විවෘතවන බව හිස්බුල්ලා කියයි…
කලක් සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මඩකලපුව පූනානි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අද (14) දහවල් බෞද්ධ ආගමික කටයුතුවලට පමණක් මුල් තැන දෙමින් එම විශ්ව විද්‍යාලයේ සභාපති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ඇතුළු පාලක සභාවේ සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළේය.
ඒ අනුව ජනවාරි 18 වෙනිදා සිංහල, දමිළ, මුස්ලිම්, ඇතුළු සියලු ජාතීන් හා ආගම් නියෝජනය කරමින් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල නිර්මාතෘ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්.ඒ.එම් හිස්බුල්ලා මෙහිදී පැවසීය.
මෙම විශ්වවිද්‍යාලය සඳහා දැනටමත් අයදුම්පත් තුන්දාහක් පමණ ලැබී ඇති අතර මෙහි අධ්‍යාපන ලැබීමට දස දහකට ආසන්න සිසුන් සංඛ්‍යාවකට සියලු පහසුකම් පවතින බවත්, ලෝකයේ ජාත්‍යාන්තර තලයේ පහසුකම් පවතින විශ්ව විද්‍යාලයක් බවට පත්කර ඇති බවත් ඔහු පැවසුවේය.
මෙහි අධ්‍යාපනය ලබන සිසුන්ට ණය පහසුකම් ලබාදීමට එම ස්ථානයේ බැංකු කිහිපයක් ආරම්භ කරන බවත්, එම සිසුන් ලබාගත් ණය රැකියා සිදුකරන අවස්ථාවලදී ගෙවීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද හෙතෙම කීවේය.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වත්මත් උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර , මෙහිදී වැඩ භාරගත් අතර උතුරු මැද, නැගෙනහිර, ඌව යන පළාත්වල සිසුන්ට මෙන්ම සෙසු පළාත්වල විශ්ව විද්‍යාල වරම් තිබෙන දරුවන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවත්, ජනවාරි මාසයේ සිට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදී අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බවත් උප කුලපතිවරයා පැවසුවේය.
වැලිකන්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කඩවතමඩුව ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය මෙහිදී ආගමික වතාවත් සිදුකලහ.
විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු වලට ආශිර්වාද සිදුකිරීමේ දී බෞද්ධ ආගමික කටයුතුවලටත් මුල්තැන ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම ස්තුතිය පිරිනිමන බවත්, නැගෙනහිර විශ්ව විද්‍යාලයට සිංහල, දමිළ, මුස්ලිම්, දරුවන් ඇතුළත් කරගනිමින්, රටට යහපත් පුරවැසියන් පිරිසක් බිහි කිරීමට හිස්බුල්ලා හටපු ආණ්ඩුකාරවරයා ඉදිරිපත්වීම පිළිබඳ තමන් වහන්සේ ප්‍රශංසා කරන බත්ද මෙහිදී ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියෝ අනුශාසනව සිදුකරමින් පැවසූහ.
ආගමික වතාවත් සහ ආශිර්වාද කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නයට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් අටපිරිකර පූජා කිරීමද සිදු කළේය.
විශේෂත්වයක් වූ අතර,ඉස්ලාම් ආගමිකයකු වන
2018 වර්ෂයේ දී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු අවසන් කෙරුවද සහරාන්ගේ ප්‍රහාරයත් සමඟ එම විශ්ව විද්‍යාලයේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූයේය. අනතුරුව වසර දෙකකට ආසන්න කාලයක් එම විශ්වවිද්‍යාලය යුද හමුදාව යටතේ පාලනය විය.
කොවිඩ් වසංගත කාලයේ දී නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පැවැති නැගෙනහිර විශ්ව විද්‍යාලය පසුගිය ඔක්තෝබර් 20 වැනිදා යුද හමුදා විසින් නැවත වරක් විශ්ව විද්‍යාලයේ සභාපති හිස්බුල්ලා වෙත භාර දෙන ලදී.