ධීවර බෝට්ටුවකින් කල්පිටිය වෙරළ තීරයට රැගෙන එමින් තිබූ මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (05) නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පොහොර උර 03 ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63යි ග්‍රෑම් 718ක් හා හෙරොයින් කිලෝ 14යි ග්‍රෑම් 802ක් මෙසේ නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය තොගය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. ඔහුව අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.
අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇත.







