ශ්‍රියානි විජේසිංහ –
රෝග සුවපත් කරන කිසිදු ආහාරයක් නොමැතිව බවත් ඇත්තේ නිසි පෝෂණයන් ලබා දෙන ආහාර පමණක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා අවධාරණය කරයි.
කිසියම් ආහාරයකින් රෝගයක් සුවපත් වන්නේ නම් ඒ පිලිබඳව සායනික පර්යේෂණයන් සිදුකර මනාව ඔප්පු කළ හැකිනම් එම සායනික වාර්තාවන් ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමුකර අවසර ලබා ගත යුතු බව හෙතෙම පවසා සිටියි.
ආහාර මගින් රෝග සුව කළ හැකි බවට මිනිසුන් නොමග යවන ප්‍රවෘත්ති ප්‍රචාරය කරන පුද්ගලයින් සහ ආයතනයන්ට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව සෞඛ්‍ය බලධරයා සතු වන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.







