සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 රත්ගම දේවපතිරාජයෙන් බිහිකළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 04 දෙනා – කවීෂා, සශිනි, කාව්‍යා, ශෂිනි පෙරහර කළ පිළිගනිති…

by editor
ජූලි 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගත් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩිකාවන් සිව් (04) දෙනෙක් ගාල්ල, රත්ගම ගා/දේවපතිරාජ ජාතික පාසැල නියෝජනය කළ ක්‍රීඩිකාවන්ය.

එම ක්‍රීඩිකාවන් පිළිගනිමින් ඔවුන්ට උපහාර දැක්වීමේ උත්සවයක් අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රිඩා අධ්‍යක්ෂ සම්පත් ජයසේන, දේවපතිරාජ ජාතික පාසැලේ විදුහල්පති කේ සෑම් ද සිල්වා  ගේ ප්‍රධානත්වයෙන් අද (31) විද්‍යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ඩබ්ලිව් කවීෂා දිල්හාරි, ජී පී සචිනි නිසංසලා, එච් ජී කාව්‍යා කාවින්දි හා ඩබ්ලිව් ශෂිනි ගිම්හානි මෙසේ උපහාරයට ලක් වූ ක්‍රීඩිකාවන්ය. 

කවීෂා දිල්හාරි, නයාගොඩ රත්ගම පදිංචි තරුණියකි.  අතර දේවපතිරාජ විදුහල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 2020 වසරේ නායකත්වය දරා ඇත. රත්ගම හන්දිය, රත්ගම පදිංචි සචිනි නිසංසලා 2021 වසරේ විදුහලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ය.  වලහන්දූව, ගාල්ල පදිංචි කාව්‍යා කාවින්දි 2022 වසරේ පාසල් කාන්තා කණ්ඩායමේ නායකත්වය  දරා ඇත. දැනටමත් විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ශෂිනි ගිම්හානි ගම්මැද්දේගොඩ රත්ගම පදිංචි කාරියකි. ඇය ආසියානු කුසලානය දිනූ ශ්‍රී  ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ලාබාලතම ක්‍රීඩිකාවය.

අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රිඩා අධ්‍යක්ෂ සම්පත් ජයසේන, විදුහල්පති සෑම් ද සිල්වා  ප්‍රමුඛ ආදි සිසුන්, දෙමාපියන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස විසින් මෙම ක්‍රීඩිකාවන් රත්ගම හන්දියේදී මල්මලා දමා පිළිගෙන කැබ් රථයක නංවාගෙන විද්‍යාලයීය තූර්යය වාදක කණ්ඩායම පෙරටුකරගත් අලංකාර පෙරහරකින් විදුහල කරා රැගෙන පැමිණියහ. 

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

විදුහලේ ප්‍රධාන දොරටුව අසලදි මොවුන් නැවතත් පිළිගෙන උත්සව සභාව පවත්වන ලද ප්‍රධාන පීඨිකාවට මහත් හරසරින් මොවුන් කැදවාගෙන පැමිණියහ.

ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණය ලැබූ කණ්ඩායමේ ක්‍රිඩිකාවන් තුන් (03) දෙනෙකුම තමන්ගේ විදුහලේ ආදි සිසුවියන් වීමත් එක් අයෙක් තවමත් අධ්‍යාපනය ලබන සිසුවියක් වීමත් තමන්ට මහත් ආඩම්බරයක් බව මෙහිදී අදහස් දැක්වූ විදුහල්පති සෑම් ද සිල්වා   ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාව ආසියානු මහාද්වීපය තුල ඉහළට ඔසවා තබමින් රටට මෙන්ම තමන්ගේ විදුහලටත් ගාල්ල දිස්ත්‍රික්තයටත් ඉමහත් ගෞරවයක් ඔවුන් ලබා දී තිබෙන බවද මෙහිදී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් සදහන් කළේය. මෙම ජයග්‍රහණයන් පිටුපස සිටි යෝධ හස්තය පුහුණුකරු මහේෂ් සදරුවන්   බවද මෙම අවස්ථාවේ ඔහු කෘතවේදීව සිහිපත් කරන බවද විදුහල්පති සෑම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩග්ලස් දේවානන්දාගේ EPDP රනිල්ට සහාය පල කරයි!

Next Post

බොරුවලට රැවටෙන්න එපා … රෝග සුවපත් කරන කිසිදු ආහාරයක් ලෝකයේ නෑ… සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි! 

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.