සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙල්ලම කැපෙන්න යන මහජන උපයෝගීතා කොමිසම

by editor
දෙසැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • කොමිසමේ තටු කපන්න හැදුවෙ හිටපු ඇමති රවී කරුණානායක… විනාස කරන්න හදන්නෙ වත්මන් ජනපති ලේකම් පී.බී. ජයසුන්දර

  • තමන්ගේ අමාත්‍යංශයට ඍජුව බලපනා මේ කොමිසම අහෝසි කරන්න යන බව විදුලිබල ඇමති ඩලස් දන්නේ නෑ…

  • වාසු සම්පූර්ණයෙන්ම විරුද්ධයි…

  • දැනට මුදල් ඇමති අත්සන් තබා නෑ… ඒත් අලුත් වටයකින් පැමිණීමේ අවදානමක්…

නියාමන කොමිෂන් සභා පිළිබඳව ශ්‍රි ලංකාවේ ජනතාවට මුලින්ම සුභ ආකල්පයක් ගෙන  ආවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවයි. එය මෙරට ස්ථාපනය වන කාලයේ මෙරට ස්ථාපිත දුරකථන සේවයේ ඒකාධිකාරය තිබුණේ ටෙලිකොම් අතය. රජයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ටෙලිකොම් සමාගම තම සේවාව ඒ කාලයේ ලබා දුන්නේ හිතුමතේය. දුරකථනයකට මුදල් බැන්ද විටෙක එය ලබා ගන්නට දින ගණන් නොව මාස ගණන් පොරොත්තු ලේඛනයේ සිටින්නට සිදුවිය. එසේම දුරකථනයක් දෝෂ සහිත වුවහොත් එය යථා තත්ත්වයට පත් කිරීමට ටෙලිකොම් සේවකයන්ට නොවඳිනා වැඳුම් වඳින්නට සිදුවිය.

මංගල සමරවීර  තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍ය ධුරය දරන කාලයේ විදුලි සංදේශ නියාමන කොමිසමට නව සභාපතිවරයෙක් පත් කළේය. ඔහු මහාචාර්ය රොහාන් සමරජීවය. ඔහු දුරකථන සේවා සමාගම්වලින් පාරිභෝගිකයන්ට සිදුවන අකටයුතුකම් ගැන පැමිණිලි කරන ලෙස ප්‍රසිද්ධියේ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. එතෙක් පීඩාවට පත්ව සිටි පාරි‍භෝගිකයෝ පැමිණිලි  ගෙන පෙළ ගැසුණහ. ඔවුන්ට සිදුවූ අසාධාරණකම්වලට ටෙලිකොම් බලධාරීන්ට යම් යම් දඬුවම් ලැබිණ. ඒ පිළිබඳ මහත් ප්‍රසිද්ධියක්ද ලැබිණ. එයින් මෙම නියාමනයේ වටිනාකම ගැන මෙරට මහජනතාවට යම් අවබෝධයක් ලැබිණ.

  • මහජන උපයෝගීතා කොමිසම

ඊළඟට මෙරට මහජනතාවට වැදගත්වන ආකාරයේ තවත් නියාමන කොමිසමක් බිහි කෙරිණ. එය මහජන උපයෝගීතා කොමිසමය. එය මෙරට තුළ ස්ථාපිත කිරීම පසුපස සඟවුණු හේතුවක්ද තිබිණ. මේ 2000 දශකයේ මුල් කාලයයි. මේ කාලයේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙන්ම විවිධ විදේශ දේශපාලන බල කඳවුරු මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ විදුලි බල මණ්ඩලයට පැවති ඒකාධිකාරය බිඳ ඔවුන්ට යම් යම් ආයෝජන රිංගවන්නට අවශ්‍ය විය. විශේෂයෙන් විදුලිය ජනනය, සහ සම්ප්‍රේෂණයට මෙන්ම බෙදා හැරීම යන විදුලිය බල සම්පාදනයේ එක් එක් අංශවලට වෙනම විවිධ සේවා සපයන්නන් සම්බන්ධ කළ හැකි පසුබිමක් නිර්මාණය කිරිමට ඔවුන් බාහිර බලවේග ක්‍රියාත්මක විය.

විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් සිදු වූ එහි සැබෑ අරමුණ විදුලි මණ්ඩල මණ්ඩලයේ ව්‍යාපාර පෞද්ගලික ආයෝජකයන් අතට ලබා දීමය. ඒ ආයෝජන පසුපස සිටියේ විදේශ රටවල්ය. කෙසේ වුවද එවැනි පසුබිමක් තුළ යම් නියාමන රාමුවක් තිබීම ලොව පිළිගත් ත්තත්වයකි. මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවීමේ   අරමුණ පසුපස එවැනි දේ ද තිබුණි. කෙසේ වුවද මේ වනවිට විදුලිය බල ක්ෂේත්‍රෙය් ප්‍රධාන අංශ තුනෙන් පෞද්ගලික අංශයේ ආයෝජකයෝ එක් අංශයකට පමණක් සම්බන්ධ  වී සිටිති. ඒ විදුලිය ජනනයයි. සම්ප්‍රෙෂණය සහ බෙදා හැරීම තවමත් පවතින්නේ රජය යටතේය.

කෙසේ වුවද මෙම නියාමන කොමිසම පිහිටුවීමේ අරමුණ වූයේ රටේ විදුලිය පරිභෝජනය කරන මහජනතාව ආරක්ෂා කිරීමය. එහිදී තර්කානුකූලව වැඩිපුර නියාමනයක් අවශ්‍ය වන්නේ එම සේවා සැපයීමේ ඒකාධිකාරයක් හෝ ද්වී අධිකාරියක් පවතින විටකය. එවිට ඔවුන්ට ඕනෑම හැටියට විදුලිය ජනනය කොට ඕනෑම මිලකට එය ජනතාවට විකිණිය හැකිය. ඒ තත්තවය මුළුමනින්ම පාහේ වැළැක්වීමේ යාන්ත්‍රණයක් සහිතව බිහි වූ ආයතනයක් වන්නේ මහජන උපයෝගීතා කොමිසමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙය ස්ථාපිත වන්නේ වසර 2002 දී පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සහභාගීත්වයෙන් සම්මත වූ පනතකිනි. 2002 අංක 35 දරන මහජන උපයෝගීතා  කොමිෂන් පනත ඒ අනුව 2002 වසරේ සිට සක්‍රිය විය. එය එතැන් පටන් විදුලි ක්ෂේත්‍රයේ  ජනනය, සම්ප්‍රේෂණය බෙදා හැරීම මෙන්ම විදුලිය පාරිභෝගිකයන් සුරැකීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක විය. මේ වනවිට විදුලිය හැරුණු විට තවත් බහුලව භාවිත වන ඒකාධිකාරයට යටත් වූ මහජන උපයෝගීතාවක්වන ජල සම්පාදන සහ ලිහිසි තෙල් ක්ෂේත්‍රයේ ද නියාමනය මහජන උපයෝගීතා කොමිසමට යටත් කොට ඇත. මේ වෙනුවෙන් මේ වනවිට වැඩ පිළිවෙළක් සැකසෙමින් ඇත

  • මහජන උපයෝගීතා කොමිසමේ වගකීම

මෙම ආයතනයේ මූලික වගකීම වන්නේ විදුලිය ජලය වැනි මහජන උපයෝගීතා භාවිත කරන පාරිභෝගිකයන්ගේ සියලුම අයිතීන් සුරැකීමය. එහිදි සාධාරණ මිලකට ඒවා පරිභෝජනය කිරීම, ගුණාත්මක මට්ටමින් යුතු සේවාවක් ලබා ගැනීම. මහජනතාවට දැරිය හැකි මිලකට විදුලිය ජනනය කිරීම මූලිකව වැදගත් වෙයි. මේ වනවිට විදුලිය බල මණ්ඩලයට අලුතින් විදුලිය ලබා ගැනීමට ඉදිරිපත් කෙරෙන ජනන සැලසුම් මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරනු ලැබිය යුතුය. පසුගිය කාලය තුළ විදුලිය බල මණ්ඩලයේ සහ විදුලි බල අමාත්‍යංශය සම්බන්ධ වගකිවයුත්තන් සම්බන්ධයෙන් එල්ලවන ප්‍රධාන යෝජනාවක් වන්නේ සාපේක්ෂව අඩු වියදම් විදුලි ජනන සැලසුම්වලට වඩා කෙටි කාලීන ඛනිජ තෙල් මත යැපෙන විදුලි බලාගාරවලින් වැඩි මිලකට විදුලිය මිල දී ගැනීමය. මේ වනවිට ඇතැම් විදුලිය බලාගාරවලින් ලබා ගන්නා විදුලි ඒකකයක් වෙනුවෙන් එය පාරිභෝගිකයන්ට ලබා දෙනවාට වඩා විශාල මුදලකට මිලදී ගන්නට විදුලි බල මණ්ඩලයට සිදුවේ. එවැනි සැලසුම් නියාමනය වන්නේ මහජන උපයෝගීතා කොමිසමෙනි. විදුලිය මිල මණ්ඩලයට ඕනෑ පරිදි හිතු හිතූ මනාපෙට වැඩි කළ නොහැකිය. ඊට අවසරය අවශ්‍ය වේ.

විදුලිය සම්බන්ධ උපාංග මහජනතාවට කොතෙක්  දුරට ආරක්ෂාකාරීද යන්න පිළිබඳව විමසා ඒ පිළිබඳව තීරණය කිරීමද මහජන උපයෝගීතා කොමිමේ වගකීමකි. මේ අනුව ජීවිත සහ දේපළ ආරක්ෂා කරමින් මහජනතාවට අසාධාරණකම්වලින් වළක්වන යාන්ත්‍රණයක් මහජන උපයෝගීතා කොමිසමට ඇත. යම් හෙයකින් අධි විදුලි ධාරිතාවක් මඟින් නිවසක භාවිත කරන විදුලි ඒකක පිළිස්සී ගියහොත් ඊට වන්දිය ලබා ගන්නට මැදිහත් වන්නේ මෙම මහජන උපයොගීතා කොමිසමය. පෙර දැනුවත් කිරීමකින් තොරව සිදුවන හදිසි විදුලිය බිඳ වැටීමකදී විදුලි බල මණ්ඩලයට එරහිව සහ ඊට වගකිව යුත්තන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමේ බලය ද මහජන උපයෝගීතා කොමිෂන් සභාව සතුය.

ඊටත් වඩා වැදගත් වන්නේ එම කොමිසම විදුලි බල මණ්ඩලය වෙනුවෙන් තීරණාත්මක තැන්වලදී නියාමන ක්‍රියාවලිය හරහා යම් යම්  අකටයුතුකම්වලට එරෙහිව මැදිහත් වීමය. මෙම කරුණ මූලික වශයෙන් බලපාන්නේ දැනට පෞද්ගලික අංශයට විදුලි බල ජනනයට ඉඩ ලබා දීමේදීය.  විදුලිය ඉල්ලුම අඛණ්ඩව වැඩිවෙයි. සාමාන්‍යයෙන් සියයට 7ත් 10ත් අතර ප්‍රතිශතයකින් විදුලිය ඉල්ලුම වැඩි වෙයි. මෙසේ වැඩිවන විදුලිය ඉල්ලුම සැපයීම සඳහා නිසි ජනන සැලසුමක් සකස් කිරීමේදී එය නියාමන කොමිසමේ පිරිවිතරවලට යටත් විය යුතුය. විදුලි බල මණ්ඩලයේ රුපියල් සත කෑදරයින් වැඩිමිල විදුලිය ජනන යෝජනා ව්‍යාපෘති සහ මිල දී ගැනීම් “බිස්නස්“ ගෙනෙන විට එය නියාමනය කරන කොමිසම වැඩියෙන් දිරි ගන්වන්නේ පරිසර හිතකාමී දිගු කාලීනව අඩුවියදම් පුනර්ජනනීය ව්‍යාපෘති ලෙස සැලකෙන සූර්ය බල සුළං සහ ජල විදුලි ව්‍යාපෘති පිළිබඳවය.‍

  • මහජන උපයෝගීතා කොමිසම පාලකයන් නොඉවසන්නේ ඇයි?

වර්ෂ  2018 වසරේදී එවකට විදුල බල අමාත්‍ය රවී කරුණානායක සිටින කාලයේ ඔහු විදුලිය සාපේක්ෂව වැඩි මිලට ලැබෙන හදිසි විදුලි මිලදී ගැනීම් යෝජනා කිහිපයක්ම ගෙනාවේය. එහෙත් මහජන උපයෝගීතා කොමිසමෙන් ඒවාට ඉඩක් ලැබුණේ නැත. එයින් පසු ඇමැතිවරයා කළේ මෙම ආයතනයේ තටු කපා දැමීමට පිඹුරුපත් සැකසීමය. මෙම ආයතනය හුදෙක් දුක් ගන්නාරළ කෙනකුගේ තත්ත්වයට පත් කිරීමට මෙන්ම විදුලිය බල ජනනය සම්බන්ධ නියාමන ක්‍රියාවලියෙන් ඉවත්  කිරීමට ඒ කාලයේ බලධාරීහු කූට ලෙස සැලසුම් සැකසූහ. එහෙත් එය කර ගන්නට ඔවුන්ට නොහැකි විය. මේ පසුපස සිටියේ වැඩි මිලට විදුලි බල මණ්ඩලයට විකිණීමට තැත් කළ ව්‍යාපාර අධිකාරියයි.

කෙසේ වුවද පසුගිය රජයේ කාලයේ ගෙනා සැලසුම් යටපත් වූ සැලසුම් මෙම රජය යටතේ යළිත් වෙනත් වේශයකින් පැමිණ ඇත. තවමත් එය පසුපස සිටින්නේ කවුදැයි පැහැදිලි නැතත් ඉදිරිපස සිටින්නේ ජනාධිපතිවරයාගේ ලේකම් ආචාර්ය පී.බි ජයසුන්දර බව පැහැදිළිය. පසුගියදා මෙම මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරමින් එහි යම් යම් වගකීම් විදුලිය බල මණ්ඩල පනත යටතට සහ පාරිභෝගික අධිකාරීය යටතට පත් කිරීමට අදාළ උපදෙස් ජනාධිපති තුමාගේ උපදෙස් පිට යයි කියමින් භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලබා දුන්නේ ඔහුය. මේ උපදෙස් හෝ මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමේ තීරණය පිළිබඳ අඩුම තරමින් විදුලිබල විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුමවත් දැන සිටියේ නැත. අනෙක එය කාගේ හෝ අණකින් කළ හැකි දෙයක් නොව පාර්ලිමේන්තු පනතකින්ම අහෝසි කිරීමට ලක් කළ යුතු තරමේ එකක් වීමය. මේ පිළිබඳව ක්ෂේත්‍ර තුළ කිසිදු සංවාදයක් ඇති නොවි මෙවැනි තීරණ ගැනීම පසුපස සිටින අය රට හඳුනා ගත යුතුය.

මෙම කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශිතවූ කරුණ වූයේ එය නිකම් නිකං මුදල් නාස්ති  කරන ආයතනයක් ය යන මතය  ය. එහෙත් ලෝකයේ දියුණු “සිස්ටම්“ සහිත රටවල් කරන්නේ මෙවැනි සංවිධාන තව තවත් ශක්තිමත් කිරීමය. ක්‍රියාවලීන් විනිවිද පෙනෙන සුළු බවයට පත් කිරීමය. එහ් සඳහා වැයවන පිරිවැය සමාජ ප්‍රතිලාභයක් ලෙස ප්‍රතිපූර්ණය වන්නේය. දැනටත් මහජන උපයෝගීතා කොමිසම එවැනි හානිකර පියවර පාලනයෙන් ව්‍යාපාරිකයන්ගේ සහ දේශපාලකයන්ගේ සාක්කුවලට යන්නට ගිය මහජනතාවටට අයිති විශාල මුදලක්  ඉතිරි කර ඇත.

අනෙක මෙම කොමිසමේ නියාමන කටයුතු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දෙන්නට යෝජනා වුවද එම ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ගැටලු රැසක් ඇත. ආණ්ඩුව පාරිභෝගික භාණ්ඩ  අඩු කිරීමට ගැසට් පිට ගැසට් ගසද්දීත් පාරිභෝගිකයන් මහා පරිමාණයෙන් සූරා කෑම නවත්වන්නට තරම් පිරිස් බලයක් හෝ සංවිධාන ශක්තියක් පාරිභෝගික අධිකාරියටද නැත. මේ නිසා අද ගැසට් හමුවේ මානසිකව චූන් වීමක් හැර සැබෑ ප්‍රතිලාභයක් දෙන්නට ආණ්ඩුව අසමත් වී ඇත.

කෙසේ වුවද මෙම නියාමන කොමිසම අහෝසි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් පවා පසුගියදා සැකසී ඇත. අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඊට අත්සන් තැබීම පසකට තැබුවද යළිත් එය තවත් ස්වරූපයෙන් එළියට එන්නට ඉඩ තිබේ. මෙවැනි ආයතන වයූහ සම්බන්ධයෙන් සැබෑ විද්වත් කතිකාවතක් පැවතිය යුතුය.ඒ මත තීරණ ගත යුතුය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුස්ලිම් ජනතාව කොවිඩ් එන්නතට ඌරු තෙල් එපා කියති

Next Post

බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර ජනවාරි 11 සිට පාසල් ප්‍රාථමික අංශ ඇරේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.