ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගේ ක්‍රියාකලාපයට එරෙහිව් උද්ඝෝණය කර විරෝධතාවන් දැක්වූ වෘත්තිය සමිති නායකයින් දඩයම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බව ජාතික රෝහල් වෘත්තිය සමිති චෝදනා කරයි.
වෛද්‍ය බෙල්ලන ගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් සේවයෙන් බැරව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල නිරත වූ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් කරුණු විමසීම සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (14) සිට ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
මේ අනුව ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු කැඳවා වීඩියෝපට පෙන්වා එහි සිටිනුයේ කවුරුන්ද යන වගත් ඔවුන් හඳුනන්නේද යන්න පිලිබඳව සහ ඔවුන් සිටින ස්ථානයන් ගැන දීර්ඝව ප්‍රශ්න නගා ඇතැයිද රෝහල් වෘත්තිය සමිති ප්රකාශකයෙන් පැවසුවේය.
ජාතික රෝහලේ ප්‍රබල වෘත්තීය සමිති නායකයින් කීප දෙනෙකුම ඉදිරියේදී ප්‍රශ්න කිීරීම සඳහා අමාත්‍යංශයට කැදවීම නියමිත් බවද එම ප්‍රකාශකයා ලංකාසර කළ විමසුමකදි පැවසුවේය.
කෙසේ නමුත් නියෝජ්‍ය අධ්යක්ෂවරයාගේ ක්‍රියා කළාපයන් සම්බන්ධයෙන් වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යංශයට දැන්නුවද නියෝජ්‍ය අධ්යක්ෂවරයා සම්බන්දධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔහු කීය.







