බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙංගාල බොක්කෙන් ඉපදී විටින් විට ඇවිත් යන සුළි කුණාටුවේ අප නොදන්න කතාව

by editor
දෙසැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

  • ශ්‍රී ලංකාවට  ලොකුම සුළි කුණාටු ආවෙ 1978 නොවැම්බරයේදී  වේගය පැයට කිලෝමීටර් 176-192
  • පුද්ගලයන් 975 දෙනෙකු පමණ මරණයට මරණයට පත් වුණා.  
  • ලංකාවට සුළි කුණාටු ඇති වීමේ සම්භාවිතාව වසර 10කට එක්කයි.
  • විනාශකාරී චණ්ඩ සුළි කුණාටු ඇති වීමේ සම්භාවිතාව වසර 25 කට එකයි.
  • වර්ෂ 1900 සිට 2000 අතර ගත වූ වසර 100ක කාලයේදී ශ්‍රී ලංකාවේ සුළි කුණාටුඇති වී ඇත්තේ 15 ක් පමණයි.  

බුරවි සුළි කුණාටුව ලංකාවෙන් නික්ම යද්දී නැවතත් මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් හට ගෙන පසුව එය අඩු පීඩන කලාපයක් බවට පත් ව එය ද තවදුරටත් දුර්වල  වී ක්‍රමයෙන් එහි බලපෑම අඩු වී ගිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක   කීවේය.

ඇති වෙමින්, නැති වෙමින් ඇතැම් විටෙක බලපෑම් කරමින්, නොකරමින් බෙංගාල බොක්කේ මේ තරමට හට ගන්නා පීඩන අවපාත, අඩු පීඩන කලාප, වැඩි පීඩන කලාප, සුළි සුළං සොයා බැලිය යුතු වේ.

බෙංගාල බොක්ක වෙනස් වන්නේ කොහොම ද?

බෙංගාල බොක්ක

ඉන්දියන් සාගරයේ පිහිටි ලොව විශාලත ම මුහුදු බොක්ක වන මෙය වර්ග කිලෝමීටර් 2173000 කින් යුක්ත වේ. මෙහි පළල කිලෝමීටර් 1600 ක් වන අතර ගැඹුර අඩි 8500 කි. උතුරු අක්ෂාංශ 5-22 හා නැගෙනහිර දේශාංශ 80-90 අතර පිහිටා ඇති බෙංගාල බොක්ක වටා ඇති රටවල් වන්නේ බටහිර ඉන්දියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා මියන්මාරය යි. ඉන්දියාවේ නැගෙනහිර වෙරළත්, මියන්මාරයත්, තායිලන්ත බටහිර වෙරළත් මැදි කොට ඇති මුහුදු ප්‍රදේශය බෙංගාල බොක්ක යි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

උතුරු අර්ධ ගෝලය උණුසුම් වන කාලයේදී බෙංගාල බොක්කේ අඩු පීඩන කලාප හට ගනී. තුන් පැත්තකින් ගොඩබිම් ඇති නිසා උණුසුම් කාලයේදී මෙම මුහුදු බොක්ක ද උණුසුම් වන්නට පටන් ගන්නා අතර එහි ඇති ජලය රත් වී ජල වාෂ්ප ලෙසින් ඉහළ අහසට ඇදී ගොස් වැහි වළාකුළු සෑදේ. මෙම ක්‍රියාවලිය සිදු වන අතරේ මුහුදත් වැහි වළාකුළුත් අතර අවකාශය සුළං රහිත හිස් බවකට පත් වේ. එම හිස් බව පිරවීම සඳහා බෙංගාල බොක්ක අවට පිහිටා ඇති උස් බිම්වලින් සුළං හමා එන්නට පටන් ගනී. උතුරු අර්ධ ගෝලයේ සිට හමා එන දැඩි සුළං ධාරාවන් සහ දකුණු අර්ධ ගෝලයේ සිට හමා එන දැඩි සුළං ධාරාවන් එකිනෙක හමු වන, එකිනෙක ගැටෙන කේන්ද්‍රස්ථානයක්  බවට පත් වන්නේ බෙංගාල බොක්කයි.

මෙම සුළං ධාරාවන් එකිනෙක ගැටීමෙන් එහි ගමන් රටා ක්ෂණිකව වෙනස් වීමක් ද සිදු වේ. මෙසේ සිදු වන සුළං රටාවේ ගැටීම් හා වෙනස්කම් අනුව බෙංගාල බොක්කේ අඩු පීඩන පද්ධති Law pressure system (සුළඟේ වේගය පැයට කිලෝමීටර් 27 ට අඩු), පීඩන අවපාත Depression  (සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ට අඩු), සුළි කුණාටු Cyclone system (සුළඟේ වේගය පැයට කිලෝමීටර් 113 ක් පමණ), චණ්ඩ  සුළි කුණාටු Severe cyclone system (සුළඟේ වේගය පැයට කිලෝමීටර් 114 ඉක්මවයි), ඇති වේ.

සුළි සුළං ඇති වෙන්නේ කෙසේ ද?

සුළි කුණාටුවක චන්ද්‍රිකා ඡායා රූපයක්….

උතුරු අර්ධ ගෝලය ආශ්‍රිත ව ඇති වන සුළි සුළං ධාරාවන් වාමාවර්ත ව භ්‍රමණය වන අතර දකුණු අර්ධ ගෝලය ආශ්‍රිත ව ඇති වන සුළි සුළං ධාරාවන් දක්ෂිණාවර්ත ව භ්‍රමණය වේ. වායු ගෝලයේ පීඩනය අඩු තත්ත්වයක පවතිද්දී එම අඩු පීඩන කලාපයේ මධ්‍ය ලක්ෂය වටා සුළං ධාරාවන් සර්පිලාකාර ව වේගයෙන් කරකැවීම හේතුවෙන් සුළි සුළං ඇති වේ. මුල් අවස්ථාවේදී එම මධ්‍ය ලක්ෂය වටා සුළං ධාරා අඩු වේගයකින් කැරකෙන නමුත් ක්‍රමක්‍රමයෙන් එහි වේගය උත්සන්න වෙමින් චණ්ඩ සුළි කුණාටු බවට පත් වේ.

සුළි කුණාටුවක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය නැතහොත් ඇස යනුවෙන් ද හැඳින්වෙන අතර එම කේන්ද්‍රය නැතහොත් ඇස මැදින් එහා මෙහා පෙනෙන විශාල සිදුරක ආකාරය ගනී. එම කේන්ද්‍රය වටා භ්‍රමණය වන සුළං ධාරාවන් කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 100 කට වැඩි දුරක් දක්වා වුව ද පැතිර යමින් කරකැවෙමින් පවතී. කේන්ද්‍රය ආසන්නයේ ඇති සුළඟේ වේගය පැයට කිලෝමීටර් 120 පමණ වන්නේ නම් එය චණ්ඩ සුළි කුණාටු තත්ත්වයකි.

මෙසේ ඉන්දියන් සාගරය ආශ්‍රිත ව නිවර්තන සුළි කුණාටු 100 කට ආසන්න ප්‍රමාණයක් වසරකට හට ගන්නා අතර ඒවායින් බොහෝමයක් දරුණු ආපදාවන් ඇති කිරීමට තරම් ප්‍රබල ඒවා වේ.

මෙම ක්‍රියාවලිය නිසා ම “අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ උණුසුම් වේදිකාව” ලෙසත්, නිවර්තන කලාපයේ මාරාන්තික සුළි කුණාටු හට ගන්නා කලාපය ලෙසත් බෙංගාල බොක්ක හැඳින්වේ.

ලංකාවේ කාල ගුණයට බෙංගාල බොක්ක බලපාන අයුරු

මේ අනුව ශ්‍රී ලංකාවේ බටහිර, නිරිතදිග, දකුණ හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට තද වැසි, සුළං ඇති වන්නේ මෙසේ ඉන්දියන් සාගරය හරහා ඇදී එන වායු ධාරාවන් ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කරන අවස්ථාවලදී ය.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට බල පෑ සුළි කුණාටු අතරින් උපරිම වේගයක් ඇති වූ සුළි කුණාටුව වන්නේ 1978 නොවැම්බරයේදී ඇති වූ සුළි කුණාටුව යි. එහි වේගය පැයට කිලෝමීටර් 176-192 අතර වූ අතර එහි බලපෑමෙන් පුද්ගලයන් 975 දෙනෙකු පමණ මරණයට පත් ව ඇත. එම සුළි සුළං තත්ත්වයෙන් මඩකළපුව වෙරළ ආසන්නයේ මුහුදු රළ මීටර් 5-6 පමණ ඉහළ ගොස් ඇත. ඉන් පසු 2000 වසරේ ඇති වූ සුළි කුණාටුවේදී ධීවර බෝට්ටු 50ක් පමණ මුහුදු බත් විය.

මධ්‍යම කඳුකරයේ පාරිසරික පිහිටීම නිසා රට අභ්‍යන්තරයට සුළි කුණාටුවලින් සිදු විය හැකි බලපෑම ඉතා අඩු ය. බොහෝ විට එවැනි බලපෑමක් ඇති වන්නේ උතුරු ප්‍රදේශයට ය. ශ්‍රී ලංකාවේ සුළි කුණාටු පිළිබඳ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකාවට සුළි කුණාටු ඇති වීමේ සම්භාවිතාව වසර 10කට එක්ක බවයි. විනාශකාරී චණ්ඩ සුළි කුණාටු ඇති වීමේ සම්භාවිතාව වසර 25 කට එක්කි. වර්ෂ 1900 සිට 2000 අතර ගත වූ වසර 100ක කාලයේදී ශ්‍රී ලංකාවේ සුළි කුණාටුඇති වී ඇත්තේ 15 ක පමණි. එයින් ද වැඩි හානියක් සිදු ව ඇත්තේ 1978 දී ය.

ත්‍රිකුණාමලයේ ස්ථාපිත කර ඇති රේඩාර් මධ්‍යස්ථානයට එහි සිට  කිලෝමීටර් 250ක් දුරක් ඇතුළත පිහිටි සුළි කුණාටු හෝ වෙනත් පීඩන පද්ධතිවල ගමන් පථය පිළිබඳ සළකුණු කිරීමේ හැකියාව ඇත. සුළි සුළ‍ඟක් ගොඩබිමට ළඟා වීමට පැය 24කට පෙර එම මධ්‍යස්ථානය මගින් පූර්ව දැනුම් දීම් කළ හැක.

හිතුවක්කාර ධීවර ජනයා සුළි කුණාටු අනතුරින්  බේරා ගත් අයුරු

වර්තමානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තාක්ෂණික අතින් පියවර ගණනාවක් ඉදිරියට ගොස් ඇති අතර කාලගුණ අනාවැකි ද සියයට 99 ක් පමණ නිවැරදි වේ. එසේ වුවත් තවමත් අපේ රටේ ජනයා කාලගුණ අනාවැකි කෙරෙහි අවධානයක් නොදක්වයි. විශේෂයෙන් ම සුළි කුණාටු තත්ත්වයක දී වැඩි බලපෑමක් ඇති වන්නේ ධීවර ජනතාවට යි. කාලගුණ අනාවැකි නොසළකා හරින්නේ ද ඔවුන් ම යි. මෙවර “බුරවි” සුළි කුණාටුවෙන් හිතුවක්කාර ධීවර ජනයා අනතුරෙන් වළක්වා ගත් අයුරු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මෙසේ විස්තර කළේ ය.

Athula-Karunanayake
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක

“අපි නොවැම්බර් 28 වැනිදා සිට ම ධීවරයින්ට මුහුදු යාමෙන් වළකින ලෙසට අනතුරු ඇඟෙව්වා. ගිණිකොණ දිග බෙංගාල බොක්කේ මුලින් ම ඇති වුණා අඩු පීඩන පද්ධතියක්. ඒක ටික ටික වර්ධනය වෙන්න පරන් ගත්තා. අපි අනාවැකි නිකුත් කළා. දැඩි අවදානමක් ඇති ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කළා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තමයි අපේ අනතුරු ඇඟවීම්වලට අනුව මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. මොන අනතුරු ඇඟවීම් කළත් ධීවරයින් පාලනය කිරීම පහසු නෑ.

අපට හොඳට ම පෙනී ගියා මේ පද්ධතිය වර්ධනය වෙලා සුළි කුණාටුවක් බවට පත් වෙනවා. මේ සුළි කුණාටුව ත්‍රිකුණාමලයෙන් රටට ඇතුල් වන බවත්, එය රට හරහා ගමන් කර මන්නාරමෙන් ඉන්දියාව දෙසට හැරෙන බවත් අපි අනතුරු ඇඟෙව්වා. ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඔක්තෝම්බර් 2 දා මුලතිව් බලා පිටත් වුණා. එතුමාත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදත්ත රණසිංහ මහතාත් එක්ව හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වලට අවශ්‍ය සියල්ල සූදානම් කළා. වැඩි ම අවධානම තිබුණේ ධීවරයන්ට නිසා ඔවුන්ගේ මුහුදු ගමන් වැළැක්වීමට කටයුතු කළා.

මුහුදු ගොස් සිටි අයව වහාම ගෙන්වා ගැනීමටත්, ආරක්ෂිත ප්‍රදේශවලට යාත්‍රා කරවීමටත් කටයුතු කළා. මිනිස්සු කියන දේ අහන්නේ නැති නිසා එම මෙහෙයුම් තදින් ක්‍රියාත්මක කරන්න යුද හමුදාපතිතුමා ප්‍රධාන කණ්ඩායම කටයුතු කළා. සුළි කුණාටුවක් හට ගත්ත අවස්ථාවේ පටන් එය චණඩ සුළි කුණාටු තත්ත්වයක් බවට වර්ධනය වෙන්න ටික කාලයක් ගත වෙන්න ඕනේ. නමුත් බුරවි සුළි කුණාටුව එතරම් දුරට වර්ධනය වෙන්න පෙර රට හරහා ගමන් කරන්න පටන් ගත්තා.

හොඳට වර්ධනය වුණු සුළි කුණාටුවක ඇස අහස පේන තරම් විශාල වෙනවා. බුරවි සුළි කුණාටුවේ ඇස එවැනි තත්ත්වයක තිබුණේ නෑ. මේ නිසා තමයි රට හරහා ගමන් කරද්දි හානිය අවම වුණේ. මුහුදේදී තිබුණු අවධානමෙන් ජීවිත හානි කිසිවක් සිදු වුණේ නැත්තේ ආරක්ෂිත මෙහෙයුම් හරියට ක්‍රියාත්මක වූ නිසයි. මිනිස්සු තවදුරටත් කාලගුණය අනාවැකි සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතුයි. අවදානම් ප්‍රදේශවලින් හැකිතාක් ඉවත් ව ජීවත් විය යුතුයි.

බැලුමක් අහසට යවලා අනාවැකි කිව්ව අපි තාක්ෂණික අතින් අද බොහෝ දියුණුවක් ලබා තිබෙනවා. නවීණ උපකරණ අප සතුව තිබෙනවා. පොතුවිල් සහ පුත්තලමේ ඩොග්ලස් රේඩාර් පද්ධති දෙක්ක ස්ථාපිත කරන්න දැනටමත් ජයිකා ආයතනයත් එක්ක අපි මූලික කටයුතු සිදු කර තිබෙනවා. කොරෝනා තත්ත්වය නිසා ඒ අය ලංකාවට එන්න ප්‍රමාදයක් තියෙනවා. එම කටයුතු නිම වුණාම තව දුරටත් කාලගුණ අනාවැකි විශ්ලේෂණාත්මක ව ප්‍රකාශ කිරීමේ හැකියාව අපට ලැබෙනවා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාලබේ ‘ස්ලිට්’ මහපොළ අරමුදලට ලොකු පාඩුවක් කරලා

Next Post

රැඳවියන්ට සිව් අවුරුදු සමාව දීම ගැන ලොහාන්ගෙන් කැබිනට් පත්‍රිකාවක්

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.