සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුද්ධ ශාසන අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් දිලිත් ජයවීර කැලණියේ ජාතික නයි ධාතු ප්‍රදර්ශනයක් ඉල්ලයි…

එය දළදා ප්‍රදර්ශනය තරම්ම විශාල උත්සවයක් විය යුතුයි ලු...

by editor
මාර්තු 17, 2025
in පුවත්
dilith-
Share on FacebookShare on Twitter

දළදා ප්‍රදර්ශනය හා සමාන වැදගත්මක් සහ ගෞරවයක් සහිතව කැළණියේ නාග ධාතු ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අද (17) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

2019 මහ මැතිවරණය ආසන්නයේ දී කැළණියෙන් මතුවූ නාග රාජයා සහ නාග ධාතු සම්බන්ධව වූ මතය දැඩි ලෙස සමාජගත කිරීමට මැදිහත් වූ බවට විශ්වාස කරන දෙරණ නාලිකාව හිමි ව්‍යාපාරිකයා ලෙස දිලිත් ජයවීර එවක විවාදයට ලක් වූයේය.

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු කැලණියේ නාග ධාතු ප්‍රදර්ශනයක් ඉල්ලා සිටියේ එය සංස්කෘතික ප්‍රබෝධයක් සඳහා අත්‍යවශ්‍ය අංගයක් වනු ඇතැයි කියමිනි. එමෙන්ම ජනාධිපති අනුර දිසානායක සහ අගමැතිනී හරිනි අමරසූරිය මනස්ගාත ඔළුවෙන් අත්හැර දළදා ප්‍රදර්ශන පවත්වන සංස්කෘතික මිනිසුන් බවට පත්වීම ගැන තමන් තරම් සතුටුවන වෙනත් කෙනෙක් නැති බව ද දිලිත් ජයවීර පැවසුවේය.

ඔහු අද පාර්ලිමේන්තුවේ මෙසේ ද කීවේය.

ආගම අබින් කියලා කියන මනස්ගාතවලින් ඔබ අයින් වීම ගැන සිතුටුයි. අද දළදා ප්‍රදර්ශනය පැවැත්වීම ගැන මම සතුටුයි. මම යෝජනා කරනවා ඔබතුමන්ලට මේ වගේම අපි වරක් වැන්දොත් නිවන් දකින්නට පුලුවන් කියලා අපි විශ්වාස කරන කැළණිය රජ මහා විහාරයේ අපේ හාමුදුරුවොත් එක්ක කතා කරලා එතනත් අර නාග ධාතු ප්‍රදර්ශනය කිව්වම අපට ශ්‍රද්ධාව ඇති වෙනවා.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

හැම ආගමකම තියෙන්නේ එහි දර්ශනයට ඔබ්බට ගියපු ශ්‍රද්ධාවක්. අපි දැකලා නෑ හේමමාලා කුමරිය දන්ත ධාතුව අරගෙන එනවා. අපි විශ්වාස කරනවා. ඒක අපේ විශ්වාසයක්.

මණිඅක්ඛිත නා රජු දමනයට බුදු රජානන්වහන්සේ කැළණියට වැඩියා කියලා අපි දැක්කෙ නෑ. අපි විශ්වාස කරනවා. ආගමික විශ්වාසයන්ට ඔය විදිහට පහර ගහන්න ඔබ කටයුතු කරනකොට… නයා නයා කියලා ඔබලාගෙ ෆේක් එකවුන්ට්වලින් ගැහුවේ මේ රටේ ශ්‍රි ලාංකික සභ්‍යත්වයට මිසක් මට නෙමෙයි. මම ඔය නිවුස් එක දානව කියල දන්නෙත් නෑ. දැනගත්තා නම් නවත්වන්නෙත් නෑ. ඒක යන්න ඕන නිවුස් එකක්.

හැබැයි ඔය නිවුස් එක හැම චැනල් එකම ගැහුවා. ඔබගේ ඔෆීෂියල් චැනල් එකවන සිරස නාලිකාවෙත් පැයක වැඩ සටහනක් ගියා ලයිව්. දිලිත් ජයවීර පැවසුවේය.

ඔහු කීවේ ඊර්ශ්‍යාව වෛරය ක්‍රෝධය ඉවත් කොට ජාතික ජන බලවේගයේ සාමාජිකයින් සංස්කෘතික මනුෂ්‍යයන් වීම ගැන තමා ඉතාම සතුටුවන බවය. ඔහු මෙසේත් කීවේය.

“අගමැති තුමිය නිරාගමික රාජ්‍යයක් ඉල්ලලා සාක්ෂි දුන්න අගමැතිනිය අටපිරිකර අරගෙන, සුදු සාරිය ඇඳගෙන කොහොමද එකත් පසකට නැමෙනකොට අපිට ආඩම්බර නැද්ද මේ රටේ සභ්‍යත්වය ගැන. අපට ආඩම්බර නැද්ද.”

අනතුරුව ඔහු නාගධාතු ප්‍රදර්ශනයක් ඉල්ලා සිටියේය.

“මේ ආණ්ඩුව ඉදිරිපත් කරන අනෙකුත් කරුණු අනුව සංස්කෘතික හා ආගමික ප්‍රබෝධයට ගරු කරලා අපි අර කැලණියෙත් ධාතු ප්‍රදර්ශනය දළදා ධාතු ප්‍රදර්ශනය වැනි ඒ රාජ්‍ය අනුග්‍රහයෙන්ම පවත්වමු. අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට ගරු කරමින් ඒ සංස්කෘතික කටයුතුවලටත් රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් ඉස්සරහට යමු. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දුගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි…

Next Post

බස් අනතුරක්… 21ක් තුවාලයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.