කොවිඩ් 19 මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානය තුළ ඇතැම් පුද්ගලයින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගැනීමට සහ තවත් අය තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා ක්‍රියාකිරීම හේතුවෙන් එම මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතුවලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුළුමනින්ම ඉවත් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලීන්ද හේරත් සඳහන් කරයි.
පළමු කොවිඩ් රැල්ල පැමිණි අවස්ථාවේදී සංගමය විශාල දායකත්වයක් ලබා දුන් නමුත් තමන්ගේ පැමිණීම කමිටුවේ ඇතැම් සාමාජිකයින්ට කරදරයක් බවට පත් වූ බවත් ඔවුන් සංගමයේ සාමාජිකයින් නොවන වෛද්‍යවරුන් හරහා සහ විවිධ මාධ්‍ය ආයතන රැස්කරවා සංගමය උපහාසයට කළ බව ද වෛද්‍ය හේරත් කීය.
මේ වන විට රටතුළ දෙවන තුන්වන සහ හරතරවන කොවිඩ් රැල්ලක් පැවතින නමුත් සංගමයේ තාක්ෂණික උපදෙස් අඩංගු මාර්ගෝපදේශයන් ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දුන් අතර ඉන් සමහර දේවල්ක්රියාත්මක කළ බවද හෙතෙම සඳහන් කළේය.
ඇතැම් අවස්ථාවන් වලදී සංගමය ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ඇතැම් යෝජනා ජනාධිපතිවරයා පිළිගන්නා අතර ඒවා ක්‍රියාත්මක කිරීමට යාමේදී වීවධ පාර්ශ්වයන්ගේ බලපෑම් මත ඒවා නතර වන අවස්ථාවන්ද තිබෙන බව වෛද්‍ය හේරත් පෙන්වා දුන්නේය.
තාක්ෂණික උපදෙස්වලින් බැහැරව කොවිඩ් වසංගතය මර්දනය කිරීමට කටයුතු කිරීම තුළ මේ වන විට ඇතැම් කමිටුවලින් විශේෂඥයින් ඉවත්වන බවත් මෙය රටකට ඉදිරියේ දී ඉතා අවාසනාවක්ත තත්ත්වයක් ඇතිවීමට හේතුවක් විය හැකි බවත් ඔහු පෙන්වාදේ.