ඉන්ධන ආනයනය සඳහා තමන්ගේම ණයවර ලිපි විවෘත කරන ලෙසත් විදුලිබල මණ්ඩලය වෙනුවෙන් ඛණිජතෙල් නීතිගත සංසථාවට මින් ඉදිරියට ණයවර ලිපි නිකුත් කළ නොහැකි බවත් ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත දන්වා තිබේ.
ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේ මීට පෙර මිලදී ගත් ඉන්ධන වෙනුවෙන් විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 90ක මුදලක් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති නිසා මෙම තීන්දුව ගත් බවය.
ඒ අනුව විදුලිබල මණ්ඩලය වෙනුවෙන් ණයවර ලිපි විවෘත කළ නොහැකි බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලය වෙත දන්වා ඇතැයි එම සංස්ථාවේ සභාපතිවරයා පවසයි.
මේ පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර් රණතුංග පවසන්නේ විදුලි බල මණ්ඩලයට ඩොලර් වලින් පවත්වාගෙන යන ගිණුම් නැති බවය. ණයවර ලිපි ලබා ගැනීමේ දී නැවත වරක් මහජන බැංකුවේ ඩොලර් සංචිත මත යැපෙන්නට සිදුවන බවත්, ඉන්ධන හෝ දැවිතෙල් ගෙන්වීමේ අවසරයක් විදුලිබල මණ්ඩලයට නොමැති බැවින් එම ආනයනය කළ යුත්තේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින්ම බවත් ඔහු පෙන්වා දෙයි.