සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියන 6ක බදු වංචා කළ අරක්කු සමාගම් 05ක බලපත්‍ර නොවැම්බර් 30න් අහෝසියි… ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමෙන් විතරක් බිලියන 05ක බදු පොල්ලක්!

by editor
නොවැම්බර් 13, 2024
in පුවත්
mendis
Share on FacebookShare on Twitter
  • රනිල්ගේ යහ පාලන ආණ්ඩු කාලයේ දී ඇලෝසියස් ගේ මෙන්ඩිස් සමාගම වංචාකළ වැට් බදු ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 3කට වැඩියි… අරක්කු බෝතල්වල හොර ස්ටිකර් ඇලවීම ඇතුළු අරක්කු වංචා රැසකට සම්බන්ධ ඇලෝසියස් බැඳුම්කර නඩුවෙත් ප්‍රධාන චූදිතයෙක්… 

හිඟ බදු මුුදල් නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවීමට අපොහොසත් වුවහොත් ඩ්බ්ලියු. එම් මෙන්ඩිස්, රෝයල් ඩිස්ටලරිස්, ෆින්ලී ඩිස්ටලරීස්, සිනර්ජි ඩිස්ටලරිස්, හිඟුරාන ඩිස්ටලරිස් යන සමාගම් පහේ බලපත්‍ර අහෝසි කරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ සමාජ ක්‍රිියාකාරිකයෙක් වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේ දී ය. ප්‍රීති පද්මන් සූරසේන,  යසන්ත කෝඳාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්ඡය මණ්ඩලය ඉදිරියේ පෙත්සම අද විමසා බැලුවේය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ කියා සිටියේ පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස නම් කර සිටින ඩ්බ්ලියු. එම් මෙන්ඩිස්, රෝයල් ඩිස්ටලරිස්, ෆින්ලී ඩිස්ටලරීස්, සිනර්ජි ඩිස්ටලරිස්, හිඟුරාන ඩිස්ටලරිස් යන සමාගම් පහ ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 දාට පෙර ගෙවිය යුතු බවට දැනුම් දී ඇති බවය. එම හිඟ බදු මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම් ලබන වසරේ ජනවාරි මස 22 දා කැඳවීමට දින නියම කළේය. එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කර තිබිණි. පෙත්සම් කරුවන් සිය පෙත්සම මගින් වගඋත්තරකාර මත්පැන් නිශ්පාදන සමාගම් පහ විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්න බවත්, රජයට අය විය යුතු බදු මුදල් දිගින් දිගටම ගෙවීම පැහැර හැරීම නිසා ජාතික ආර්ථිකයට විශාල අගතියක් සිදුවී ඇති බවත් පෙන්වා දී තිබේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ අදාල බදු මුදල් අය කරගන්නා ලෙස සුරාබදු කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසය. එසේ බදු ගෙවීම පැහැර හරිනු ලබන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

මේ සමාගම් පහේ බිලියන 6ක බදු මුදල් වලින් බිලියන 05කට වැඩි බදු මුදලක් වංචා කර ඇත්තේ අර්ජුන් අලෝසියස් ගේ ඩ්බ්ලියු. එම් මෙන්ඩිස්, සමාගමය. ඉන් බිලියන තුනකට ආසන්න මුදලක් වැට් බදු වංචාවකි. රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙක් ලෙස මහ බැංකු බැඳම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙක්වන අර්ජුන් ඇලෝසියස් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය දැරූ යහපාලන ආණ්ඩුව පැවති වකවානුවේ පමණක් වංචාකළ වැට් බදුවල වටිනාකම රුපියල් බිලියන 3කට අධික බව අධිකරණයේ දීම හෙළිදරවු වූයේය.

සෑම මත්පැන් බෝතලයක්ම අත්පිට මුදලට විකිණෙද්දී රජයට ගෙවිය යුතු වැට් බද්ද ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම රජයට නොගෙවා වංචා කර තිබිණි. එමෙන්ම රජය විසින් නිකුත් කරනු ලැබූ මත්පැන් බෝතල්වලට අලවන ස්ටිකර් ද ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇලවිමේ චෝදනාව ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට එල්ල විය.

අධිකරණ නියෝග කඩ කර අදාල බදු මුදල් ගෙවීම හිතා මතා පැහැර හැරිය මෙන්ඩිස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලොසියස් සහ ඔහුගේ සමාගම් අධ්‍යක්ෂවරු තිදෙනෙක් මේ වනවිට ඉන්නේ බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විඳිමිනි. මේ වනවිට මෙන්ඩිස් සමාගමේ නිශ්පාදන සීමා කර ඇති අතර එම සීමාව තුළ නිශ්පාදනය වනවාද නැද්ද යන්න නිරීක්ෂණය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් යොදවා තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ද්විත්ව ශතක සම්බන්ධයක් සමග අවිශ්ක සහ කුසල් ක්‍රිකට් සැනකෙළියක් බවට පත් කළ නවසීලන්ත – ශ්‍රි ලංකා පළමු තරගයේ පළමු ඉනිම !

Next Post

බඩෝවිට තවත් පුද්ගල ඝාතනයක්…. T-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කරයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.