සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ද්විත්ව ශතක සම්බන්ධයක් සමග අවිශ්ක සහ කුසල් ක්‍රිකට් සැනකෙළියක් බවට පත් කළ නවසීලන්ත – ශ්‍රි ලංකා පළමු තරගයේ පළමු ඉනිම !

by editor
නොවැම්බර් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දෙවැනි විස්සයි 20 තරගය තියුණු ලකුණු 05කින් පරාජය වන්නේ ලකුණු 108ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දඹුල්ල තණ තිරූවේය. ඒ තරගයෙන් පසු ශ්‍රි ලංකා නායකයකා කතා කළේ හොඳ කම් බෑක් එකක් ගැනය. අද නැවත නැගිටීම අප දුටුවේ පොලා පනිමිනි.  මේ වනවිට ශ්‍රි ලංකා ඉනිම පන්දු ඕවර 49.2ක් තුළ කඩුළු 05ක් දැවී ලකුණු 324කට නැවතී තිබේ. දඹුල්ලට මහ වැසි ඇද හැලෙමිනි.

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක් දින තරගයේ පළමු ඉනිම සැනකෙළියකි. තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රි ලංකා කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහර දීම තේරූහ. එක්දින ජාත්‍යාන්තර තරගයක් දඹුල්ලේ මේ පැවැත්වෙන්නේ වසර හයකින් පසුවය. එබැවින් මේ තරගය සම්බන්ධව අප කවුරු තුළත් විචිකිච්ඡාවක් වූයේය. විස්සයි 20 තරගයක දී ලකුණු 108ක් ආරක්ෂා කරගෙන ජයග්‍රහණය ලබන්නට නවසීලන්තයට හැකි වූයේ මීට දින හතරකට පෙර මේ ක්‍රීඩාංගනයේ දීම ය.

අවිශ්ක සහ කුසල් අතර පළමු කඩුල්ල වෙනුවෙන් සම්බන්ධය ලකුණු 206යි…

එහෙත් අද මේ තණ තීරුව හැසිරෙමින් තිබුණේ පිතිකරණයේ පාරාදිසියක් ලෙසය. එය කදිම තරගයක් වුයේය. අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශතක ලබා ගත්හ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධතාවය වාර්තාගත එකකි. පළමු කඩුල්ල වෙනුවෙන් එක්දින ජාත්‍යාන්තර තරගයක දී නවසීලන්තයට එරෙහිව රැස් කළ වැඩිම ලකුනු සංඛ්‍යාව ලෙස මෙතෙක් පැවතියේ ජයසූරිය සහ තරංග අතර වර්ෂ 2001 දී ගොඩනැගුන ලකුණු 201 සම්බන්ධතාවය ය. එම වාර්තාව අද කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාදු බිඳ දැමූහ. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 206ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගන්නේ පන්දු 215ක් තුළය.

ඉනිමේ මුල් කඩුල්ල දැවී යන්නේ මුළු ලකුණු සංඛ්‍යාව 17ක්ව තිබිය දීය. ලකුණු 12කට පැතුම් නිශ්ශංක දැවී යන්නේ 3ඕවරයේ 4 වැනි පන්දුවේ දී ය. තුන් වැනි ඕවරය යවමින් සිටි ජාකොබ් ඩුෆී ගේ දෙවැනි සහ තුන් වැනි පන්දු දෙකට පිට පිට හතරේ පහර දෙකක් එල්ල කළ පැතුම් වම් ඉන්නට පිටින් ඉහළ නැගි ඩුෆී ගේ සිව් වන පන්දුවට අපර් කට් පහරක් එල්ල කළේය. පන්දුව ඉහළින්ම ඩීප් තර්ඩ් මෑන් කලාපයට යොමු විය. එය ලකුණු 6ය් යැයි සිතුන පහරකි. එහෙත් නේතන් ස්මිත් වේගයෙන සිය දකුණු පසට දිව විත් ගුවනට පැන ලබා ගත් විශිෂ්ට උඩ පන්දු රැකීමකින් පැතුම් පිටියෙන් ඉවත් වූයේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

එතැන් සිට කුසල් සහ අවිශ්ක අතර ගොඩනැගෙන්නේ ප්‍රහර්ෂවත් ඉනිමකි. 3 වැනි ඕවරයේ යැවූ 4 වැනි පන්දුවේ දී පැතුම් දැවී ගිය පසු කුසල් සහ අවිශ්ක අතර ගොඩනැගෙන දිවිත්ව ශතක සම්බන්ධය නිමා වන්නේ 38 වැනි ඕවරයේ 2 වැනි පන්දුවෙනි. ඒ වනවිට අවිශ්ක පන්දු 115ක දි සිය ශතකය රැස් කරගෙන සිටියේය. ඉෂ් සෝධි එවූ පන්දුවකට විල් යන්ග් විසින් මිඩ් ඕෆ් හි සිට උඩ පන්දුව රැකගෙන ඔහුගේ ඉනිම නිමා කරන විට කුසල් සහ අවිශ්ක නවසීලන්තයට එරෙහිව වාර්තාවක් තබා අවසන්ය. අවිශ්ක දැවී ගිය පසු පිටියට පැමිණි සධීර සමරවික්‍රම සාර්ථක වූයේ නැත. ඔහු මුහුණ දෙන්නේ පන්දු 4කට පමණි. ලකුණු 05කට සධීර දැවී යන්නේය.

කුසල් ලකුණු 143 යි….

පන්දු 128ක දී ලකුණු 143ක් රැස් කරගෙන සිටිය දී කුසල් මෙන්ඩිස් දැවී යන්නේ 45 වැනි ඕවරයේ 2 වැනි පන්දුවේ දී ය. ලකුණු 150 පෙනි පෙනී කුසල් මෙන්ඩිස් දැවී යන්නේය. ජාකොබ් ඩුෆී පිට ඉන්නෙන් පිටත පතිත කළ පන්දුවට කුසල් එල්ලකළ පහර මදක් ඉපිලී එද්දී මිඩ් ඕෆ් හි පන්දු රකිමින් සිටි හෙන්රි නිකලොස් විසින් රැක පහසුවෙන් ගන්නේය. මෙන්ඩිස් පිටියෙන් ඉවත් වන්නේ නවසීලන්ත ක්‍රීඩකයින්ගේ ආදරය හිතෙන ක්‍රීඩා ශීලී ගුණය සහිත සුබ පැතුම් අතරය.

කුසල් දැවී ගිය පසු අසලංක සමග එක්වන ජනිත් ලියනගේ යළිත් වරක් වාර්තාවක් වෙත ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන යමින් සිටියේය. ඒ නවසීලන්තයට එරෙහි මෙතෙක් කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු ගණන වූ 326 ඉක්මවා යෑමය. එහෙත් නායක චරිත් අසලංක අසලංක ලකුණු 49.2 දැවී යන්නේ පන්දු 28 කදී ලකුනු 40ක් ලබාගෙන සිටියදී ය. ජනිත් ලියනගේ පන්දු 13ක් තුළ ලකුණු 12ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරමිනි. බොහෝ විට නැවත ශ්‍රි ලංකා ඉනිමේ ඉතිරි පන්දු 4 නොයැවෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්. ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ඩිල්ෂාන් මධුශංක සහ අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරති. වනිඳු වෙනුවට වැන්ඩර්සේ කැඳවා තිබේ. වර්ෂාවෙන් පසු තණ තීරුව වැඩිපුර දඟ කැවෙන බව මිෂෙල් සැන්ට්නර් ඊයේ කීවේය. ඒ විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා පිතිකරුවන්ට අපහසු වූ හේතුව කියමිනි. දැන් මහා වැස්සකි. තණ තිරුව වසා දමා ඇත. මේ වැස්සෙන් අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව අඩු පන්දු ඕවර ගණක දී තියුණු ඉලක්කයක් නවසීලන්තයට ලැබෙන්නට ඉඩ තිබේ. ඒ අභියෝගය ඔවුන් ගනු ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව දැන් අප විමසිල්ලෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකා එක්සත් ජනපදය අරුගම්බේ ප්‍රදේශයට පැනවූ සංචාරක සීමාව ඉවත් කරයි!

Next Post

බිලියන 6ක බදු වංචා කළ අරක්කු සමාගම් 05ක බලපත්‍ර නොවැම්බර් 30න් අහෝසියි… ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමෙන් විතරක් බිලියන 05ක බදු පොල්ලක්!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.