අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියන 40ක බදු වංචාවට පසුපස ඇති මත්පැන් බෝතලේ ස්ටිකර් මගඩිය !

by editor
දෙසැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මත්වතුර බෝතලය මත ස්ටිකරය හොරට ඇලවීම තවමත් ක්‍රියාත්මක වන බවත් පසුගියදා මෙලෙස හොරට මුද්‍රණය කළ ස්ටිකර් තොගයක් හසුව ඇති නමුත් සුරා බදු දෙපාර්තමේන්තුව ඔවුන්ට ස්ථානීය දඩයක් පමණක් අය කර සිද්ධිය යට ගැසු බවත්  සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ ඊයේ (08) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. 

මෙම වැරැද්ද හොර සල්ලි මුද්‍රණය කිරීම තරම් ම බරපතල වරදක් වුවත් ඒ පිළිබඳව සුරා බදු නිලධාරීන් කිසිදු සැලකීමක් නොදක්වන බවත් ඔවුන් තමන්ගේ සේවා දිගුව හෝ වෙනත් තතුරු වරප්‍රසාද ගැන පමණක් සිතා කටයුතු කරන බවත් චෝදනා කළ අතර සුරා බදු නිලධාරීන් බරපතල දෝෂ දර්ශනයට ලක් කළේය.

“ දැන් බලන්න අපට ඉන්ධන ගත්තම QR කෝඩ් එකෙන් ඒ වෙලාවෙම අපේ දුරකථනවලට කෙටි පනිවිඩය එනවා. නමුත් මත් පැන් නිෂ්පාදකයන් කරන හොර වැඩ නිසා අහිමි වන රුපියල් බිලින 40ක මුදල රජයට ලබා ගන්න ක්‍රියාත්මක කළ මත් වතුර බෝතලවල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ යෝජනාව බලාත්මක කරන්න මහ ලොකු කයි ගහන මුදල් අමාත්‍යංශයට තාම බැරිවෙලා.

එහෙම වෙලා තිබෙන්නේ ඇයි? මත් වතුර බෝතලේ QR කෝඩ් එක ජංගම දුරකථනවලින් කියවන්න බෑ. හේතුව ස්ටිකර් හොරට ගහනවා. දෙපාර්තමේන්තුවට එකක්. පිට පාරෙන් යවන ඒවට තව එකක්. කෝඩ් දෙකක්. පහුගියදා හොරට ස්ටිකර් ගෙනාවා. ඒව අහුවුණා. මොකද කළේ සුරාබදු නිලධාරීන් ස්ථානීය දඩයක් ගෙවල මේක යට ගැහුවා.

ඊයේ අයවැය විවාදය අතරේදී මේ කතාව කී බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාගේ කතාව අතරේ නැගී සිටි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද මේ චෝදනාව තහවුරු කළේය. ඔහු ප්‍රකාශ කළේ මෙම ස්ටිකර් ම්‍රදුණය කරන මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් සමාගම මේ ආකාරයට හොරට ස්ටිකර් ලබා දීමේ ජාවාරම් සිදු කිරීම හේතුවෙන් රටවල් තුනක අසාධු ලේඛන ගත කළ සමාගමක් බවයි. එම සමාගමට එරෙහිව තමන්ද අභියාචනාධිකරණයේ නඩු කී බව සඳහන් කළ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම නඩුවද ඉදිරියට කරගෙන යාමට ඔවුන් ඉඩ නොදුන් බව ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඔය ස්ටිකර් හඳුන්වා දෙන්නට කටයුතු කළේ මේ රටේ මත් පැන් ව්‍යාපාරිකයො රජයට බදු ගෙවන් නැතිව හොරට කොටසක් වෙළෙඳපොළට නිකුත් කරන බවට වාර්තා වෙලා තිබුණා නිසා. මේ නිසා රුපියල් බිලියන 40ක පමණ බදු අලාභයක් අපට සිදුවනවා. මේ තත්ත්වය නැති කරන්න තමයි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්ටිකරයක් සෑම මත්පැන් බෝතලයකටම හදුන්වා දෙන්නට කටයුතු කළේ.

නමුත් මේ වැඩේ පැවරුවේ ලෝකයෙන්ම අසාධුලේඛණ ගත වෙලා ඉන්න සමාගමකට. දැන් වාර්තා වෙනවා. මේවා රහසේ මෙරට මත්පැන් ව්‍යාපාරිකයන්ගේ අතටත් යනව කියල.

ඔය ස්ටිකරය ගහන්න දුන්නු සමාගම ලෝකයේ රටවල් තුනක මේ විදිහට හොර කරලා ඒ රටවල බදු ආදායම් අහිමි කිරීම සම්බන්ධයෙන් හසුවෙලා බ්ලැක් ලිස්ට් කරපු සමාගමක්. අපේ සුරාබදු නිලධාරීන්ට මේ සමාගම හැර ලෝකයේ වෙන කිසි සමාගමක් තිබුණේ නෑ මේ වැඩේ පවරන්න. ඕක ස්ටිකරය නිකං දිනමිණ පත්තරේ ගහනව වගේ කඩදාසියක මුද්‍රණය කරන එකක්. ලෙක්හවුස් එකෙත් ඕක ගහන්න තිබුණා

.දැන් මේ ස්ටිකරයට බිලියන ගාණක් වියදම් කර තිබෙනවා. තවමත් වංචා සිදුවෙනවා.  .
“ යයිද අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්ලෙන බඩෙන්  කිලෝ 5 ක තෙල්   ඉවත් කළ සැත්කමක් කෑගල්ල මූලික රෝහලෙන්…  ( වීඩියෝ සහිතයි)

Next Post

වැට් බදු පනත් කෙටුම්පත සම්මත වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.