බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිඳ වැටුණ මියන්මාරයේ බෞද්ධ ආරාම තුළ පණ පිටින් වැළලෙන හිමිවරු… දුසිම් ගණන් ආරාම නටබුන් අතර හිර වෙලා… ආධාර කණ්ඩායම් වෙත ලඟා වෙන්න බෑ…

by editor
මාර්තු 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ලාංකික බුදුදහමේ මහා ප්‍රබෝධයක් ඇති කළ මියන්මාරයේ පුරාණ අමරපුර නගරය එකම සුන් බුන් ගොඩක්… දහස් ගණනක් මරණ වාර්තා විය හැකි බව එක්සත් ජනපද විශ්ලේෂණයක් කියයි!

ඉහත සිතියමේ දැක්වෙන්නේ  මැග්නිටියුඩ් ඒකක 7.4ක ප්‍රභලත්වයෙන් ඊයේ (28) මියන්මාරයේ ඇති වූ බිහිසුණු භූ කම්පනය පැතිරී ගිය ආකාරය දක්වන සිතියමය.  මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 140 කට වැඩි පිරිසක් මිය ගිය බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ. මේ භූ කම්පනය හේතුවෙන් අසල්වැසි තායිලන්තයේ ඉදිවෙමින් පවතින අහස උසට වැඩෙන ගොඩනැගිල්ලක් ඇතුළුව පුළුල් ප්‍රදේශයක ගොඩනැගිලි කඩා වැටී යටිතල පහසුකම් විනාශ විය.

මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ හි බොහෝ විනාශයන් සිදු වී තිබිණි. දිවා ආහාර වේලාවේදී ඇති වූ 7.7 ක භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානයට ආසන්නව මැන්ඩලේ පිහිටා ඇත. ඒ අවස්ථවේ බලවත් පසු කම්පනයට පසු තවත් පසු කම්පන කිහිපයක් ඇති වූයේය.

මිලියන 1.5 ක පමණ ජනගහනයක් සිටින මැන්ඩලේ, මියන්මාරයේ පුරාණ රාජකීය අගනුවර සහ එහි බෞද්ධ හදවතේ කේන්ද්‍රස්ථානයයි. මැනෙඩල් නගරසභාව යටතේ අමරපුර නගරය පාලනය වේ. අමරපුර යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ප්‍රබෝධයටත් පදනම දැමූ පැරණි බුරුමයේ ඓතිහාසික නගරයකි. පුරාණ අමරපුර නගයට නටබුන් ගොඩකි. අමරපුර හි ගලවා ගැනීමේ සේවකයෙකු පැවසුවේ කඩා වැටුණු බහු මහල් මහල් නිවාස සංකීර්ණවලින් පුද්ගලයින් 30 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බවය.

“මම මීට පෙර කවදාවත් මෙවැනි දෙයක් අත්විඳ නැහැ – අපේ නගරය කඩා වැටුණු නගරයක් වගේ පෙනෙනවා,” ඔහු පැවසුවේ ගොඩනැගිලිවලින් පහෙන් එකක් පමණ විනාශ වී ඇති බව ඇස්තමේන්තු කරමිනි.

මැන්ඩලේහි ෆායා ටවුන් ආරාමයේ සුන්බුන් අතර සිරවී සිටින දුසිම් ගනනක් භික්ෂූන් වහන්සේලා වෙත ළඟා වීමට ගලවා ගැනීමේ සේවකයින් උත්සාහ කරමින් සිටි බව අමරපුර හි හදිසි සේවකයා පැවසීය. ගොඩනැගිලි, පාලම් සහ මාර්ග විනාශ වී ගොස්ය. ප්‍රවේශ මාර්ග ඇහිරී ඇත. එය දරාගත නොහැකි ව්‍යසනයකි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෝ සයිදානාර් පුණ්‍යායතනයේ ගලවා ගැනීමේ සේවකයෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ අගනුවර වන නයිපිඩාවෝ අසල පයින්මානා හි ආරාම සහ ගොඩනැගිලිවලින් අවම වශයෙන් මළ සිරුරු 60 ක් සොයා ගත් බවත්, තවත් බොහෝ දෙනෙක් සිරවී සිටි බවත්ය.

“ඇතුළත සිට අපට උදව් ඉල්ලා ඇමතුම් ලැබුණා, නමුත් සුන්බුන් ඉවත් කිරීමට ප්‍රමාණවත් මිනිස් බලය සහ යන්ත්‍ර අප සතුව නෑ… ඒ මිනිස්සුන්ට අපට උදව් කළ නොහැකියි, නමුත් අපි වැඩ නතර නතර කරන්නේ නෑ”. පණ පිටින් වැලළෙන්නට නියමිත මිනිස්සු ගැන ඔහු කියන්නේ මහා ඛේදවාචකකි.

මියන්මාරයේ අවම වශයෙන් පුද්ගලයින් 144 දෙනෙකු මිය ගොස් 732 දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය රූපවාහිනිය උපුටා දක්වමින් රොයිටර් වාර්තා කර තිබේ. පාරවල් කැඩී ගොස් ඇත. පාළම් බිඳී ගොස් තිබේ. ප්‍රවේශ මාර්ග මුලුමනින්ම ඇහිරී ගොස්ය. රෝහල් බිඳ වැටී ඇත. විදුලිය බිඳවැටී තිබේ. මියන්මාරය බිහිසුණු ව්‍යසනයකය.

අධාර ඉල්ලීම්

මියන්මාරයේ හමුදා ජුන්ටාවේ නායක ජෙනරාල් මින් අවුන් හ්ලයිං පැවසුවේ තවත් මරණ හා තුවාල සිදුවනු ඇති බවත්, උදව් සහ පරිත්‍යාග ලබා දෙන ලෙස “ඕනෑම රටකට” ආරාධනා කළ බවත්ය.

සිකුරාදා අපරභාගයේ ධවල මන්දිරයේදී කතා කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මියන්මාරයේ නිලධාරීන් සමඟ කතා කළ බවත් ඔවුන්ගේ පරිපාලනය යම් ආකාරයක ආධාර ලබා දෙන බවත්ය. “අපි උදව් කරනවා…” ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) වසා දැමීමට සහ ඉතිරි ව්‍යාපෘති සියල්ලම පාහේ නතර කිරීමට එක්සත් ජනපද පරිපාලනය තීරණය කළ ද ආහාර සහ පානීය ජලය වැනි අයිතම ඇතුළුව USAID ආපදා විශේෂඥයින් මේ ව්‍යසනයේ දී උදව් කිරීමට සූදානම් බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ටැමි බෲස් පැවසීය.

“විපතක් සිදුවුවහොත් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඇති ආපදා විශේෂඥයින් කණ්ඩායමක් USAID විසින් පවත්වාගෙන ගිහින් තියනවා,” ඇය මාධ්‍ය හමුවකදී පැවසුවාය. “අපි දැන් එහි යාමට සූදානම් එම රාජකාරි ඉටු කිරීමට. ආධාර සඳහා වන ඉල්ලීම් පැමිණි විට ඒ සහන අපි සලසනවා. ” අවශ්‍ය ඕනෑම වෙලාවක ඒ සඳහා එක්සත් ජනපදය සූදානම් බව ද රාජ්‍ය ප්‍රකාශිකාව පැවසුවාය.

සැබෑ ව්‍යසනය

භූමිකම්පාවේ ශක්තිය හා ගැඹුර මත පදනම්ව එක්සත් ජනපද රජයේ විශ්ලේෂණයක් ඇස්තමේන්තු කර ඇත්තේ දහස් ගණනක් මරණ සහ දැඩි ආර්ථික අලාභ වාර්තා විය හැකි බවය, සගායිං සහ මෙයික්ටිලා ප්‍රදේශවලට වඩාත්ම හානි වාර්තා විය යුතු බව ද එම විශ්ලේෂණයේ දැක්වේ.

රාජ්‍ය මාධ්‍යවලට අනුව නගර පහක් විනාශය. යැන්ගොන්-මැන්ඩලේ අධිවේගී මාර්ගය බිඳ වැටී ඇත. ප්‍රධාන දුම්රිය පාලමක් ද බිඳී ගොස්ය. ඉරාවඩි ගඟ හරහා විනාශ වූ ආවා පාලම, එහි ආරුක්කු ජලයට නැඹුරු වී ඇති ආකාරය රූපවලින් පෙන්නුම් කෙරේ.

නරකම කාලය

මියන්මාරයෙන් ලැබෙන තොරතුරු සීමිතය. හානියේ සහ අලාභයේ ප්‍රමාණය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් යම් කාලයක් සඳහා මතු නොවිය හැකි බව මියන්මාර පර්යේෂක ජෝ ෆ්‍රීමන් උපුටා දක්වමින් රොයිටර් වාර්තා කරයි.

අවතැන් වූවන්ගේ සංඛ්‍යාව, සහන ආධාර සඳහා පවතින අවශ්‍යතාවය තීව්‍ර වී තිබෙද්දී ට්‍රම්ප් පරිපාලනය විසින් එක්සත් ජනපද ආධාර කපා හැරීම නිසා මියන්මාරයට ඉතිහාසයේ නරකම කල දසාවක් ලබා ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තා කර ඇත.

2021 දී නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ කීගේ තේරී පත් වූ සිවිල් රජය පෙරලා දැමීමෙන් පසු, හමුදාව මියන්මාරය පාලනය අත් කර ගත්තේය. හමුදා ජුන්ටාවේ පාලනය ආර්ථිකය සහ සෞඛ්‍ය සේවා ඇතුළු මූලික සේවාවන් අඩාල කර ඇති අතර ජාත්‍යාන්තරව හුදකලා බවට පත් කර තිබේ. මේ වනවිට මියන්මාරයේ හමුදා ජුන්ටාව සහ ප්‍රතිරෝධී කණ්ඩයම් තුළ අභ්‍යන්තර යුද්ධයකි. සටන් හේතුවෙන් මියන්මාරයේ මිලියන තුනකට අධික ජනතාවක් අවතැන් වී සිටියහ. පොළව දෙදරා ගොස් මහා ව්‍යසනයක් ඇති වී තිබෙන්නේ ඒ ජනතාවටය. පුළුල් ආහාර අනාරක්ෂිතභාවයක් සහ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ( රොයිටර් ඇසුරිනි)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක දී රැඳවියෙක් මිය ගිහින්… අත්වලට මාංචු දමා කකුල් දම්වැල්වලින් බැඳ පහර දී ඇතැයි සැකයක්!

Next Post

වරෙන්තු පිට සැඟවී සිටි දේශබන්දුට රැකවරණය දුන් 02ක් අත් අඩංගුවට….

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.