සතියක් ඇතුළත බිත්තරයක විකුණුම් මිළ ගණනය කොට ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙළඳ අමාත්‍යාංශයට නියෝග කළේය.

කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, අද තියෙන මිළ අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුළත ගණනය කොට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් මෙසේ මුදල් සහ වෙළඳ අමාත්‍යංශය නිලධාරීන් ට නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් සකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
එසේම අදාළ රෙගුලාසි පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2022.05.10 දිනැති අංක 2300/12, 2022.05.06 දිනැති අංක 2278/21, 2022.06.24 දිනැති අංක 2285/19, 2022.10.21 දිනැති අංක 2302/31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල ප්‍රකාශයට පත් කරන ලද, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වීම ද මෙහිදී සිදු විය.







