අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල්ට මෝදි මිස්වෙයි – විදේශ මුදල් ඇමතිවරු දෙවරක්ම හමුවෙති!

by Lanka Sara Editor
දෙසැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය දා ඉන්දියාවේ සංචාරයක යෙදුණු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට සැලසුම් කර තිබුණද එම අවස්ථාව මඟ හැරී මගහැරුණු බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 30 වෙනිදා ඉන්දියාව බලා ගිය බැසිල් රාජපක්ෂ මහතා නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා හමුවීමට සැලසුම් කර තිබුණේ පසුගිය 02 දාය.

කෙසේවුවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ වන විට ඉන්දියානු සංචාරයට පැමිණ සිටි රුසියානු අග්‍රාමාත්‍යවරයාගේ හමුවීම් ඇතුළු කලින් යොදාගත් කටයුතු රැසකට කාලය ලබාදීමට සූදානමින් සිටියද ඔහුට බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් කාලයක් ලබා දීමට හැකියාවක් නොමැති වූ බව වාර්තා වෙයි.

මේ හේතුව නිසා මුදල් අමාත්‍යවරයා එදින තෙවැනි වරටත් ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරාමන් මහත්මිය සමඟ මෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය ජේ. ජයශංකර් මහතා සමඟ ද දෙවන වරටත් සාකච්ඡා පවත්වා තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඊට පෙර දින ද සැලසුම් කළ ආකාරයට ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම අවස්ථාවට ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතාද සහභාගී වී ඇත.

ඉන්දීය බලධාරීන් ට අමතරව මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන්ද සහභාගි වූ අතර ඔවුන් එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව මේ මොහොතේ දක්වන අනුග්‍රහය පිළිබඳව ද සාකච්ඡා පවත්වා ඇත.

එහිදී නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන දුෂ්කර තත්වය තමන්ට ඉතා මැනවින් අවබෝධ වන බවත් අසල්වැසි රටවල් සමග කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ලබාදීමට තමන් කටයුතු කරන බවත් මුදල් අමාත්‍යවරයා වෙත ප්‍රතිඥා දී ඇති බව සඳහන් වේ.

එසේ වුවද මේ සම්බන්ධයෙන් තවදුරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ අදාළ කරුණු සාකච්ඡා කිරීමට යොදා ගෙන තිබුණද නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය බහුලතාවය හේතුවෙන් ඔහු තමන් වෙනුවට ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මුණගැසී සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දී ඇත.

එහිදී රටවල් දෙකට අදාල වූ කරුණු සම්බන්ධයෙන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා සමඟ සාකච්ඡා කර ඇති අතර එදිනම යළිත් ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ලබාදී යුතු ආර්ථික ආධාර සම්බන්ධයෙන් මූලික සැලසුම් සකස් කර ඇති බව සඳහන් වේ.

බලශක්තිය, විදේශ සංචිත හිඟය, අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ආනයනය මෙන්ම ආයෝජන ඉන්දියාවෙන් ලබා ගැනීම පිළිබඳව ද මූලික වශයෙන් සාකච්ඡා වී ඇති අතර මෙහිදී ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරවල සංඛ්‍යාත්මක අගයන් පිළිබඳ පිළිබඳව මෙතෙක් හෙළිදරව් කර නැති බව සඳහන් වෙයි.

එම සාකච්ඡාවලට ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා අමාත්‍යවරයාත් සහභාගි වූ අතර එහිදී පැවැති විශේෂත්වයක් වන්නේ මුදල් ඇමති ලෙස රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය සහ මුදල් ඇමති සමග පිට පිට දෙවරක් දින දෙකක්ම සාකච්ඡා කිරීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජී.එම්.ඕ.ඒ නඩුවලට වෛද්‍යවරයකුගෙන් හාරදාහක් බැගින් එකතු කරයි

Next Post

ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය පක්ෂ විපක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේ දී හෙළා දකිති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.