හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට එරෙහිව දොම්පේ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට සහ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ගම්පහ මහාධිකරණයේදී අද (03) ලබාදීමට නියමිතයි.
අක්කර 16 ක ඉඩමක් මිලදී ගැනීමට සහ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම නඩුවේ පළමු විත්තිකරු වන බැසිල් රාජපක්ෂට නීතිපතිවරයා විසින් අධිචෝදනා තුනක් ඉදිරිපත් කර තිබුණි.
නඩුව පවත්වාගෙන යාමේ තීන්දුව මැයි මස 13 වැනිදාට නියම කර තිබුණද රටේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් තමා විභාගයට නොපැමිණෙන බව බැසිල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පසුව අනෙක් විත්තිකරු තමන්ගේ අසනීප තත්ත්වය හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් නොවන බව ඔහුගේ නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබා දීම අද දිනය දක්වා කල් තැබිණි.







