කාසල්රී ජලාශයට හැටන් ප්‍රදේශයේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින දික්ඔය ඇළෙහි ගසාගෙන විත් ගලක් මත රැඳී සිටි දෙදරු මවකගේ ජීවිතය බේරා ගැනීමට දික්ඔය ප්‍රදේශවාසින් සහ හැටන් පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සමත්ව ඇත.
හැටන් දික්ඔය වතුයායේ පදිංචි දෙදරු මව අද (03) අලුයම දික්ඔය වනරාජා වතුයායේ පදිංචි තම පුතුගේ නිවසට යෑම සඳහා දික්ඔය ඇළ හරහා ගමන් කිරීමට කිරිමට ගිය අවස්ථාවේ සැඩ පහරට අසුවී ගසාගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේ ගල් පරයක් අල්ලා ඒ මතට නැග ඇති ඇය පසුව තමන් බේරා ගන්නා ලෙස කෑගසා ඇත.
ඒ අනුව දික්ඔය ඇළ අසල පදිංචිකරුවන් සහ හැටන් පොලිසියේ නිලධාරින් වහාම ක්‍රියාත්මක වී ඇය බේරා ගැනීමට පියවර ගෙන ඇත.
බේරාගත් දෙදරු මව හැටන් පොලිසියේ නිලධාරින් විසින් ඇය පදිංචි නිවසටම රැගෙන ගොස් බාරදී තිබේ.