ලලිත් චාමින්ද –
මෙවර පළාත් පාලන මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරණු ලැබු පළාත් පාලන ආයතන ගණනාවක සභාපතිවරු හා මන්ත්‍රිවරු පොහොට්ටුවෙන් තරග නොකර ස්වාධිනව හා වෙනත් පක්ෂවලින් තරග බිමට පිවිස සිටිති.
යක්කලමුල්ල ප්‍රදේශිය සභාවේ සභාපති යු.ජි පියදාස ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 06 දෙනෙකු මෙවර ස්වාධින කණ්ඩායමක් ලෙස යක්කලමුල්ල ප්‍රාදේශිය සභාව සඳහා තරග වදිති. ශ්‍රි ලංකා පොදුජනපෙරමුණේ වත්මන් නායකත්වය යටතේ පොහොට්ටුවට දේශපාලන අනාගතයක් නොමැති බවත් දුෂණ විරෝධි කණ්ඩායමක් හැටියට තම කණ්ඩායම තරග වදින බව යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පවසයි.
එමෙන්ම පොහොට්ටුව නියෝජනය කළ ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඕ.ඒ සිසිර මෙවර මැතිවරණයට ඉදිරිපත් වි ඇත්තේ සමගි ජනබලවේගයෙනි.
මේ අතර අක්මිමන ප්‍රාදේශිය සභාවේ සභාපති සේන කළහේවත්ත ඇතුළු මන්ත්‍රිවරු 07 දෙනෙකු මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වි නැත. පොහොට්ටුවේ ඇතැම් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු පවසා ඇත්තේ තමන්ට පොහොට්ටුවෙන් ඉදිරිපත් වි මැතිවරණ කටයුතු සදහා නිවෙස්වලට යාමට නොහැකි බවය.
මේ අතර අක්මිමන ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඒ.කේ සුගත් මැතිවරණය සදහා කොට්ඨාසයකින් ඉදිරිපත් වි නොමැති අතර සමගාමි ලැයිස්තුවෙන් ඉදිරිපත් වි ඇත.
හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ ඇතුළු මන්ත්‍රිවරු 12 දෙනෙකු මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වි ඇත්තේ වි කරල ලකුණෙනි. පොහොට්ටුවෙන් හබරාදුව ප්‍රාදේශිය සභාව සදහා කණ්ඩායමක් ඉදිරිපත් කොට නොමැති අතර ඔවුන් පොහොට්ටුව මගහැර ස්වාධින හා වෙනත් පක්ෂවලින් තරග බිමට පිවිස ඇත.
එමෙන්ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගාල්ල මහනගරාධිපති ප්‍රියන්තසහබන්දු ඇතුළු නාගරික මන්ත්‍රිවරු 07 දෙනෙකු මෙවර ගාල්ල මහනගර සභාව සදහා එක්සත් මහජන පක්ෂයෙන් නාම යෝජනා භාර දි ඇත.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරුන් වන එම්.එස්.ඒ රත්නපාල, සුසන්ත කරුණාරත්න, පාලිත බමුණුකුල, සුගත් ද සිල්වා, නිහාල්මහවිතාන, , එම්.ඊයාස්, යන මන්ත්‍රිවරු හා මාලා මංගලිකා මන්ත්‍රිවරිය එක්සත් මහජන පක්ෂයෙන් නාම යෝජනා භාර දි ඇත. ගාල්ල මහනගර සභාව සදහා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රිවරු 13 දෙනෙකු තේරිපත්වුහ. එම මන්ත්‍රිවරු අතුරින් කැළුම සෙනෙවිරත්න හා පරාක්‍රම දහනායක මහත්වරු මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වි නොමැති අතර චන්දනලාල් මන්ත්‍රිවරයා සමගිජන බලවේගයෙන් සහ ශ්‍රියාණි අබේගුණසේකර මන්ත්‍රිවරිය ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් තරග වදිති.
පොහොට්ටුවෙන් ඉදිරිපත් නොවි ස්වාධිනව හා වෙනත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන පොහොට්ටුවේ සභාපතිවරුන්ට හා මන්ත්‍රිවරුන්ට පක්ෂය හා ලකුණ තෝරා දි ඇත්තේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂකාර්යාලයෙන් බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර හම්බන්තොට හා තංගල්ල නගර සභාවන් සදහා ද මෙවර පොහොට්ටුව ඉදිරිපත් වි ඇත්තේ පොහොට්ටුව ලකුණෙන් නොව වෙනත් පක්ෂ සමග එකාබද්ධ වි සන්ධානයක් ලෙසිනි. හම්බන්තොට නගරාධිපති එරාජ් මෙවර තරග බිමට පිවිස ඇත්තේ ස්වාධින කණ්ඩායමකිනි.







