රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකාර බැකෝ සමන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ ඝාතන මෙහෙයවූ බව කියන සැකකාර අපරාධකරුවෙක් අද (04) විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා තිබූ පිස්තෝල අවියක්, මැගසිනයක් උණ්ඩ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට විමර්ශන අංශ සමත් වී තිබේ.
බැකෝ සමන්ගේ නැගනියගේ ස්වාමිපූරුෂයා බව කියන මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමෙන් පසු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.
පොලිසිය පවසන්නේ මේ වනවිට දින 07 රැඳවුම් නියෝග මත සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බවය. වැඩිදුර ප්‍රශ්න කිරීම් ක්‍රියාත්මකය.







