බැංකු ගිණුමක් විවෘත කරගන්නට ඇති නොහැකියාව නිසා තවමත් එක් ලක්ෂ හතලිස් දහස ඉක්මවූ අසරණයින් පිරිසක් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අප ජීවත්වෙමින් ඇති රටේ ස්වරූපය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පවසන්නේ මෙම පිරිසට නිශ්චිත රැකවරණයක් ලබා නොදෙන්නේ නම් මොන ආර්ථික ඉලක්ක ලඟා කරගත්තත් ප්‍රතිඵලයක් නොමැති බවය. ඊයේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙසේ කීවේය.
අස්වැසුම යන්නේ බැංකු ගිනුමකට. හැම අස්වැසුම ලාභියෙක්ම බැංකු ගිනුමක් විවෘත කළ යුතුයි. අස්වැසුමට බැංකු ගිනුමක් විවෘත කරලා තියන එක් ලක්ෂ හතලිස් දාහක් ඉන්නවා බැංකු ගිනුමක් විවෘත කරගන්න බැරිව. බැංකු ගිනුම විවෘත කරගන්න බැරි හේතුව තමයි හැඳුනුම්පතක් නොමැති වීම.
දැන් ඒ අයට අස්වැසුම ලැබෙන්නේ නෑ. ඒකත් බේරන්න ඕන. දෙසැම්බර් මාසේ කිසි කෙනෙක් එළියට වැටෙන්නේ නෑ. තවත් ලක්ෂ දෙකක් පමණ අභියාචනා ඉදිරිපත් කරලා තියනවා. නැවත අපි අභියචනා කමිටුවක් පත් කරලා තියනවා සුදුස්සන් තෝරා ගන්න.







