බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විශාලතම දික්කසාද වන්දි මුදල ගෙවන ලෙස ඩුබායි හී පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මකුටුම් හට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් නියෝග කර තිබේ.
ඒ අනුව ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මකුටුම්ට හට ඔහුගේ හිටපු බිරිදි වූ හායා කුමරිය වෙත බ්‍රිතාන්‍ය පවුම් මිලියන 554ක වන්දියක් ගෙවීමට සිදුව ඇත.
අධිකරණ තීන්දුව අනුව ඩුබායි හී පාලකයා මාස තුනක් ඇතුලත මේවන විට බ්‍රිතාන්‍යයේ රැදී සිටින හායා කුමරිය වෙත
පවුම් මිලියන 251.5ක් ගෙවිය යුතුය. එම මුදලට හායා කුමරියගේ ජීවිත කාලය පුරාවටම ඇගේ ආරක්ෂාව වෙනුවන් වූ වියදම් ඇතුලත්ය.
ඊට අතිරේකව වාර්ෂිකව පවුම් මිලියන 11 නතත්තු ගෙවීම් වෙනුවෙන් ඩුබායි පාලකයා විසින් පවුම් මිලියන 290ක බැංකු ඇපකරයක්ද ලබාදිය යුතු බවද අධිකරණය නියෝග කර තිබේ.
මේ අතර හායා කුමරිය සමග ජීවත්වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මකුටුම්ගේ දරුවන් දෙදෙනාගේ ආධ්‍යාපන කටයුතු වෙනුවෙන් පවුම් මිලියන 3ක්ද හිඟ ගෙවීම් වශයෙන් තවත් මිලියන 9.6ක් ගෙවීමටද නියෝග කර ඇත.
කෙසේ වෙතත් ඩුබායි පාලකයා විසින් ගෙවිය යුතු සමස්ථ මුදල කෙතෙක් දැයි නිෂ්චිතව නිර්ණය කිරීමට නොහැකි බව බි්රතාන්ය මාධ්‍ය සඳහන් කරයි.
එසේම දැනට නව හැවරිදි වියේ සහ 14 හැවරිදි වියේ පසුවන දරුවන් දෙදෙනා දිවි ඇති තුරාවට වාර්ෂිකව ආරක්ෂාව සඳහා ගාස්තු ගෙවීමටද ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මකුටුම් හට සිදුවේ.
හායා කුමරිය විසින් 2019 වර්ෂයේදී සිය දරුවන් දෙදෙනා සමඟ ඩුබායි වෙතින් පලා ඇවිත් ලංඩනයේ ආරක්ෂාව පැතුවාය. එහිදී ඇය තමන්ගේ ජීවිතයට දැඩි තර්ජනයක් පවතින් බවත් ඇය පවසා සිටියාය.
මේ අතර ඩුබායි පාලකයා විසින් හායා කුමරියගේ ජංගම දුරකථනයට ඊශ්‍රායලයේ නිෂ්පාදිත ස්පයිවෙයා මෘදුකාංගය යොදාගෙන රහසිගතව ඇතුලුවීම ඇති බවද පසුගිය කාලයේදී අනාවරණය විය.
ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මකුටුම් ඩුබායි සංවර්ධනය කිරීම සම්බන්ධයේ විශාල කීර්තියක් අත්කරගෙන සිටියද ඔහු සිය පවුලේ සාමාජිකයින් කෘර වදබන්දන වලට ලක්කරන බවට චෝදනා එල්ලවී තිබේ.
එහිදී ඔහුගේ එක් දියණියක් වු ලතීෆා කුමරිය ඩුබායි වෙතින් පලායාමට උත්සහ කිරීමේදී කොමාන්ඩෝ සෙබලුන් යොදා ඇයව අත් අඩංගුවට ගත් බවටද පසුගිය කාලයේදී වාර්තාවිය.







