කීර්ති ප්‍රනාන්දු –
බස්නාහිර පළාත තුළ ඊයේ (02) උදෑසන සිට අද උදෑසන 06 දක්වා කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී විවිධ වැරදිවලට සම්බන්ධව චෝදනා ලද සැකකරුවන් 1156ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බස්නාහිර පළාතේ සියලුම පොලිසිවල නිලධාරීන් මෙම මෙහෙයුමට සහභාගී වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දූෂණ වැරදි සම්බන්ධව සැකකරුවන් 491ක්, අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 531ක්, හා විවිධ අපරාධ සම්බන්ධ සැකකරුවන් 54ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි.







