අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලවතුන් දෙදෙනෙකුට මැදි වී ජීවත් වෙන්න ඩොලර් හිඟා කන ජාතියක්!

by editor
මාර්තු 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද ශ්‍රි ලංකාව ගැන “ණය දෙන ලෝකය කතා කරන්නේ දුන්නොත් ආපසු ගන්න අමාරු රටක් ලෙසය. ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන මේ වනවිට ශ්‍රි ලංකාව වර්ගීකරණය කර ඇත්තේ එසේ වාරික පොලු තැබීමේ අවදානමක් සහිත රටක් ලෙසින්ය.

මේ අනතුරුදායක තත්ත්වය මැද්දේ ශ්‍රි ලංකාවට පසුගියදා හදිසි ආධාර දෙන්නට අසල්වැසි ඉන්දියාව මැදිහත් ව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ තුන්වැනි ඉන්දීය සංචාරයෙන් පසුව නිවේදපය කෙරුනි. ඊට පසුව මේ පිළිබඳව ගිවිසුම්වලටද කඩිමුඩියේම අත්සන් තැබිණි.   විදේශ සංචිත අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය දිනෙන් දින පහළට කඩා වැටී මේ වනවිට ජනතාව බූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝලිම්වලට තමන්ගේ කාලය ගෙවා දමන්නේ ඇතැම් විට මරණයද අතේ අරගෙනය. මේ වනවිටත් එවැනි මරණ තුනක් සිදුව ඇත.

ශ්‍රි ලංකාවේ නායකයින් මේ පෝලිම් අවසන් කරන බවට සහ විදුලිය නොකපා දිනය ගෙවීම පිළිබඳව දුන්නේ බලාපාරොත්තු පමණකි. මේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් වූවා නම් ඒ  ඉන්දියාවේ මැදිහත් වීමෙන් ලැබෙන හදිසි මූල්‍ය ආධාර නිසා පමණකි. අපට එසේ කියන්නට සිදුව ඇත්තේ ඊට මෙපිටින් කිසිදු වෙනත් ආධාර හස්තයක් ශ්‍රි ලංකාව කෙරෙහි දිගු නොවූ  නිසාය.

ශ්‍රි ලංකාව භූ ගෝලීය පිහිටීම මත කලාපීය බල කේන්ද්‍රයට තීරණාත්මක බලපෑමක් සිදුවන රජ්‍යයක් නිසා දෝ මේ වනවිට ඉන්දියාව ශ්‍රි ලංකාවට අවශ්‍යම වෙලාවේ සහයට පැමිණියේය. ඒ ඩොලර් මිලියන 500ක ඉන්ධන මිල දී ගැනීම සඳහා ලබා දුන් ණය මුදලත් මූල්‍ය හුවමාරු ක්‍රමය යටතේ ලබා දුන් ඩොලර් මිලියන 500ක් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ වෙනුවෙන් ලබා දුන් බිලියනයක ණය යෝජනා ක්‍රමය ඇතුළත්ව ඩොලර් බිලියන 2.5ක මූල්‍ය සවියක් ඉන්දියාවෙන් ලැබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද මේ රටේ පොඩි දරුවාගේ සිට සෑම කෙනකුටම ඩොලර් හිඟය පිළිබඳව බඩට දැනෙන තරමේ අවබෝධයක් ඇත. මේ නිසාම කවුරුත් කොහෙන් හො ලැබෙන ඩොලර් ගැන උනන්දුය. ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් සහනයෙන් සියලු ප්‍රශ්න විසදීමට හැකි බවට හිතන ඇත්තෝද මේ අතර බහුලය. කතාව එය නොවේ.

මේ ඩොලර් ලැබීම් පිළිබඳව උනන්දුවෙන් සිටින ශ්‍රි ලාංකින්කයගේ කණට තවත් ඩොලර් ලැබීමක් ගැන මේ ඇසෙන්නට සැලසුණි. ඒ බව දැන්වුවේ චීනයයි.  ඉන්දියාවට ගිය බැසිල් ලංකාවට පැමිණි ගුවන් යානයේ එන්ජිමේ උණුසුම නිවෙන්නටත් කලින්  චීන තානපතිවරයා මාධ්‍ය කැඳවා ඩොලර් කතාවක් ශ්‍රි ලාංකිකයන්ගේ කණට දැම්මේය.

කොළඹ සිටින චීන තානාපති කුයි සේන්හොන් පැවසුවේ ශ්‍රි ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණයක් චීනනේ ඉල්ලා ඇති බවය.  එය ලබා දීම පිළිබඳව චීනය සලකා බලමින් සිටින බවද චීන තානාපතිවරයා කීවේය.

“ශ්‍රි ලංකාව ගත්ත ණය ගෙවන මිතුරෙක්. අපිට ශ්‍රි ලංකාව ගැන විශ්වාසයි. මේ නිසා අප මේ ඉල්ලූ ණය ලබා දීම පිළිබඳව සලකා බලනවා. “ මාධ්‍ය කැඳවා ඔහු මේ සහතිකය දුන්නේ ජාත්‍යන්තර වශයෙන් ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානමක් ලෙසට ජාත්‍යන්තකර මූල්‍ය වර්ගීකරණ ආයතන පහළටම දමා ඇති රටකටය.

මේ සහතිකය දුන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා නියෝජනය කරන්නේ  ශ්‍රි ලංකාවේ සමස්ත ණය කන්දෙන් සියයට 10කට වඩා එනම් ඩොලර් බිලියන 36ක් පමණ ණය ලබා දී ඇති රටක රාජ්‍ය තාන්ත්‍රිකයාය. අනෙක හම්බන්කොට වරායට ලබා ගත් ණය ආපසු ගෙවීමේ දුෂ්කරතාවෙන් පෙළුණු මෙරටින් එම වරාය ඩොලර් බිලියන 1.4කට අනූ නව අවුරුද්දකට   ලියා ගත් රටේ මෙරට නියෝජිතයාය. එසේම ව්‍යාධිජනක අඩංගු පොහොර තොගයක් සමඟ මෙරටට පැමිණ ආපසු යැවූ නැවක් වෙනුවෙන් ඩොලර් මිලියන 6.7ක ගෙවන ලෙසට රජයට බලපෑම් කළ තානාපතිවරයාය.

මේ තානාපතිවරයා ප්‍රකාශ  කළේ ණයක් ලබා දෙන බව නොවේ. ණයක් ශ්‍රි ලංකාව ඉල්ලා ඇති බව සහ එම ණය ලබා දීම පිළිබඳව සලකා බලමින් සිටින බවය. එහෙත් මේ පණිවිඩයෙන් ශ්‍රි ලංකාවේ ජන විඥානයට යන්නේ ඉන්දියාවෙන් දුන්නු ණයට පසු ව චීනයෙනුත් ණයක් ලබා දෙන්නේ ය යන්නය.

එහෙත් මේ තුළ සැඟවුණු සංඥාවක් ඇති බව පෙනේ. චීන තානාපතිවරයා එන්නේ නිකම්ම නොවේ. ඉතා සාර්ථක ගොලීය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායයක්  ඇති චීනයේ තානාපතිවරයා ණයක් ඉල්ලූ පමණින් මාධ්‍යයට කතා කරන්නට ආවේ ඉන්දියාවෙන් ලැබුණු ණය සහනයට එකට එක කිරීමටම නොව්. බීජිං නුවරින් ක්‍රියාත්මක වන දකුණු අසියානු කලාපයේ ගෝලීය සහ භූ  දේශපාලනය තුළ සිදුවන ක්‍රියාකාරකම් කෙරෙහි සියුම් අවධානයෙන් සිටින ඔවුන් සිය රාජ්‍ය තන්ත්‍රයේ ශ්‍රි ලංකාව නියෝජනය කරනා ඉන්දියාවට මෙන්ම අසල්වැසි දකුණු ආසියානු රාජ්‍යයන්ටද යම් පනිවිඩයක් ලබා දීමේ අරමුණින් බවට සැකයක් නැත.

කෙසේ වෙතත් ශ්‍රි ලංකාව තුළ චීනයේ හැසිරීම ඉන්දියාව පමණක් නොව බටහිර සහ නැගෙනහිර ආසියානු කලාපයේ රටවලද අවධානයට යොමු වඇත්තේ ඔවුන් ශ්‍රි ලකාව ණය උගුලක සිර කළ බවට පවතින මතවාදය  සහ රට පාලනය කරන රාජපකෂවරුන් චීන හිතවාදී ප්‍රතිප්තිතයක පිහිටා කටයුතු කරන බවට මතවාදයක් පවතින නිසාය.

එහෙත් චීනය පසුගිය කාලය තුළ සිදු කරන ලද  ක්‍රියාකාරකම් විමසීමේදී ඔවුන් රාජපක්ෂවරුන්ට පිටුපා ඇති ආකාරයක්ද නිරීක්ෂණය වෙයි. එහි ආසන්නතම උදාහරණය චීන විදේශ අමාත්‍යවරයාගේ පසුගිය ශ්‍රි ලංකා සංචාරයෙදී රාජපක්ෂ පවුලෙන් බිහි වූ දෙවැනි ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලිමට පිටුපෑමය.

දැවැන්ත විදේශ විනිමය අර්බුදයක සිටින ශ්‍රි ලංකාව තමන් ලබා ගත් ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ පළමු ඉල්ලීම සිදු කළේ චීනයෙනි. පවතින අර්බුදය හමුවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට කළ ඉල්ලිමට හොඳ ප්‍රතිචාරයක් චීනයෙන් ලැබුණේ නැත. ඊට පසුව බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී විදේශ මාධවේදීන්   මේ ඉල්ලීම පිළිබඳව අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසුවද එහිදී ඔහු වෙනත් පිළිතුරක් දී අදාළ පුශ්නය කෙමෙන් මඟ හැරියේය.

පසුගියදා ද චීන තානාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් මේ ප්‍රශ්නය අසා ඇත. එහිදී ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ ශ්‍රි ලංකාව සහ චීනය අතර මේ වනවිට මේ සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වීය මට්ටමේ සාකච්ඡාවක් පැවත්වෙන බවය. එසේම ඔහු එහිදී පවසා ඇත්තේ ශ්‍රි ලංකාවට පවතින විදේශ ණය ගෙවීම සඳහා අලුත් ණයක් ලබා දීමට ක්‍රියා කරන බවය.

එය ශ්‍රි ලංකා ජනාධිපතිවරයාගේ   ණය පුතිව්‍යූහගත කිරීමේ ඉල්ලීමට අනුව සිදුවන බවද චීන තානාපතිවරයා පවසා ඇත.

එඒ අනුව පැහැදිළිව පෙනෙන කරුණක් වන්නේ හුදෙක් මිත්‍රශීලිත්වයට වඩා චීනය උත්සාහ කරනනේ ඔවුන්ගේ භූ දේශපාලනික ලකුණ ශ්‍රි ලංකාව තුළ තවත් ණයක් හරහා තැබීම පමණි  .

මේ වනවිට ඉන්දියාව විසින් ලබා දී ඇති ආධාරයත් ඉන්දියාව ශ්‍රි ලංකාවේ නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශයට සම්බන්ධව  ත්‍රිකුණාමලයේ සිදු කිරීමට යන ක්‍රියාකාරකම් පිලිබඳව සැලකීමේදී චීනයට එය නුරුස්සනා බව පැහැදිළිය. ඔවුන්ට ඇතැම් විට විවිධ කොන්දේසි හරහා ඉන්දීය ක්‍රියාකාරීත්වය යම් නියාමනයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොතිබෙනවා යයි අපට කිව නොහැකිය.

එසේම ඔවුන් ඉතා කැමැත්තෙන් ක්‍රියාක්මක කරන්නට උත්සාහ කළ උතුරේ සහ නැගෙනහිර  පළාතේ බලශක්ති  ආයෝජන සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ ශ්‍රී ලංකාවෙ පාර්ශ්වයෙන් වැඩි උනන්දුවක් දැක්වීම පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු ඇතිවාට සැකයක් නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුපිරි පාසල් පච කරන පරාජය දරාගත නොහැකි ගෝත්‍රිකයෝ…

Next Post

ශාන්ත තෝමස් – ත්‍රිත්ව රගර් තරගය අවසානයේ විනිසුරුට පහර දුන් තරුණියට පොලිසියෙන් කැඳවීමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.