ත්‍රි කුණාමලය – සමන් මල්ලවආරච්චි-
ඉල්ලීම් අටක් මුල් කරගනිමින් ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ උපවාසයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි උපවාසය අත් හරිනු ලැබූහ.
ඒ අරිසිමලේ අරණය සේනාසනාධිපති උතුරු නැගෙනහිර තමන්කඩුව තෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ නාහිමි, උතුරු මැද නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ත්‍රිකුණාමලය දිස්‍ත්‍රික් සංඝ සභාව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අමරපුර සංඝ සභාව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ත්‍රෛනිකායික සාමාග්‍රී සංඝ සභාවේ ගරු සභපති පුජ්‍ය කන්තලේ විමලසිරි නාහිමි, මූතූර් – ඓතිහාසික කොට්ටියාරම් පත්තුව සෑගිරිය රජමහා විහාරාධිපති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පූජ්‍ය බලල්ලේ රතනසාර හිමිවරුන්ගේ ඉල්ලීම පරිද්දෙනි.
ඉල්ලීම් අටක් මුල් කර ගනිමින් අද (15) දින බලංගොඩ කස්සප හිමි ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරය තුළ උපවාසයක් අරඹනු ලැබූහ.
පසුව උන්වහන්සේ ගේ සුව දුක් බැලීමට අද පස්වරුවේ එහි ගිය ත්‍රිකුණාමළය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අමරපුර සංඝ සභාවේ උක්ත හිමිවරුන් කස්සප හිමියන් හා සාකච්ඡා කිරීමෙන් පසු එම ඉල්ලීම් අට වෙනුවෙන් දිස්ත්‍රික් මහා සංඝරත්නය සහය ලබාදීමේ එකඟතාවය මත මෙම උපවාසය අවසන් කෙරිනි.







