ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට ධවල මන්දිරය සඳහන් කරයි
ඒ අනුව ජනාධිපති බයිඩන් මේවන විටත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද මධවල මන්දිරය අනාවරණය කළේය.
මිට අමතරව බයිඩන් ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කළ අනෙකුත් කාර්ය මණ්ඩලයට නිරෝධායනයට යොමු කර ඇති බවද ධවල මන්දියර සඳහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරායගේ තත්ත්වය බලපතල නොවන බවත් ඉතා සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බවද ධවල මන්දිර ප්‍රකාශිකාව මාධ්‍ය වෙත් සඳහන් කර ඇත.
බයිඩන් ජනාධිපතිවරයා මේවන විට 79 වැනි වියේ පසුවන අතර ඔහු කොරෝනා මර්ධන එන්නත් මාත්‍ර දෙකත් බූස්ටර් මාත්‍රාද ලබාගෙන ඇති බව ඔහුගේ ප්‍රකාශිකාව සඳහන් කර තිබේ.
ජනාධිපති බයිඩන් ඇමරිකානු ජනාධිපතිධුරයට පත්වූ වයස්ගතම පුද්ගලයාද වේ.