අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බයවෙන්න එපා… වැස්සට හේදුනෝත් හේදෙන ගානෙ නැනෝ නයිට්‍රිජන් දෙනවා.. රාජ්‍ය ඇමති රොෂාන්

අයවැයෙන් සල්ලි වෙන් නොකළත් පරිපූරක ඇස්තමේන්තුවක් දාලා හානි වුනොත් වන්දි දෙනවා...

by editor
නොවැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

අධික වර්ෂාව නිසා රජය මගින් ලබාදෙන නැනෝ නයිට්‍රජන් පොහොර දිය වී ගියහොත් ඊට රජයෙන් මැදිහත් වී පොහොර වරක් නොව තුන් වරක් වුව ද ලබාදීමට අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තමා සමඟ කරන  දුරකථන සංවාදයක දී   පොරොන්දු වූ බවද  පළාත් සභා හා පාලන කටයුතු රාජ්‍ය  අමාත්‍ය  රොෂාන් රණසිංහ   සඳහන් කළේය.

මිනිසාට හානිකරන අවම මට්ටමේ තිබෙන පොහොර ආනයනය කිරීමට රජය අවසර ලබාදුන් බවත් ,පවතින   තත්ත්වය මත වෙනත් රසායනික  පොහොර  මෙරටට ආනයනය කිරීමට කාලයක් නොමැති බවත් රාජ්‍ය ඇමතිවරයා  මෙහිදී පැවසීය.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (28) සවස, පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡාවකට එක් වූ එක්වෙමින්  රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ  ඒ බව සඳහන් කළේය.

රජය එකවර ගොවියා කාබනික පොහොර  වැඩපිළිවෙළකට  රැගෙන නොගිය බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රසායනික  පොහොර ඉවත්කර ගොවියා කාබනික පොහොර සඳහා  යොමු කිරීමට තීරණය   කළේ මීට වසර තිහකට එපිට රට පාලනය කෙරූ එක්සත් ජාතික පක්ෂ රජයැයි කී ඇමතිවරයා  එම වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක  කිරීමට  නිලධාරීන් සහ මහජනතාව දැනුවත්  කිරීමට රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කර ඇති බව ද කීවේය., ලෝක බැංකුව හරහා ව්‍යාපෘති අනන්ත  අප්‍රමාණ  ගෙනවිත් ඇති බවත් පැවසුවේය.

මෙහිදී පැමිණි සිටි ගොවි නියෝජිතයින්ගෙන් සීයට අසූවකටත් වැඩි පිරිසක්  කියා සිටියේ තමන් කාබනික පොහොර ක්‍රමයට කැමති බවත් එය එකවර කළ නොහැකි ක්‍රියාවක් බවත්, හැකිනම් මෙවර කන්නයට සියට පනහක් වත් රසායනක පොහොර ලබා දීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන ලෙසය.

ජනාධිපතිවරයාගේ කාබනික පොහොර   වැඩපිළිවෙළ පිළිබඳ  බිම්  මට්ටමේ ගොවීන් දැනුවත් නොකළ බවට  ගොවි නියෝජිතයින් කිහිප දෙනෙක් මෙහිදී කෘෂිකර්ම හා ගොවිජන, මහවැලි,  නිලධාරීන්ට චෝදනා  කළේය..

ඊට පිළිතුරු දුන්  රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ  සඳහන් කළේ ජනාධිපති වරයාගේ කාබනික පොහොර  වැඩපිළිවෙළ   බිම් මට්ටමට රැගෙන නොගිය  රාජ්‍ය  නිලධාරින් පිළිබඳ  සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවය.

කාබනික පොහොර යටතේ වී වගා කරන ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඊට අයවැයෙන් මුදල් වෙන් නොකළ ද  අවශ්‍ය වුවහොත් පරිපූරක  ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන් කරගෙන   අවශ්‍ය වන්දි ලබාදීමට රජය පියවර ගන්නා බවද   රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ    මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, පොළොන්නරු දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ  ආර්. පී. උපාලි ය  සහ වාරිමාර්ග, මහවැලි ,ගොවිජන සේවා ආයතන වල උසස් උසස්  නිලධාරීන් , සහ මහජන නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔබේ ගෑස් සිලින්ඩරෙත් ලීක් වුණොත්?… මරණයෙන් බේරෙන්න  දැනුම්වත් වෙන්න…. 

Next Post

තවත් ගෑස් ගිනි ගැනීම් දෙකක්… ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ ගැටලුව දුර යන ලකුණු…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.