බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔබේ ගෑස් සිලින්ඩරෙත් ලීක් වුණොත්?… මරණයෙන් බේරෙන්න  දැනුම්වත් වෙන්න…. 

ගිනි අනතුරු වැළැක්වීමේ විශේෂඥයන් ගෑස් අනතුරු බේරා ගන්නා හැටි ගැන කියයි...

by editor
නොවැම්බර් 28, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

බීබීසී –

ඔබේ නිවෙසේ ඇති ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදුවුවහොත් හෝ සිලින්ඩරයට ගිනි ඇවිලුනහොත් ඔබ කුමක් කළ යුතුදැ යි දැනුවත්ව සිටීම, යම් දිනෙක ඔබේත්, ඔබේ පවුලේත් ජීවිත ආරක්ෂා කරනු ඇත.

ගිනි නිවීම් සහ ජීවිත ගලවාගැනීම් පුහුණු පාසැලේ ප්‍රධාන නිලධාරී එච්. එච්. මධුසිරි, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් කාන්දුවක් සිදුවිය හැකි අයුරුත්, එවිට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්නත් බීබීසී සිංහල වෙත පහදා දුන්නේ ය.

මුළුතැන්ගෙයි පහසුවෙන් ඉවත්කළ හැකි තැනක සිලින්ඩරය තැබීමේ වටිනාකම ඔහු අවධාරණය කරයි.

“හදිසියක් වුණෝතින් ඉක්මනින්ම මේ ගෑස් සිලින්ඩරේ ඉවත් කරගන්න පුළුවන් තැනක තියාගන්න එක තමයි ඉතාමත්ම වැදගත් දේ,” ඔහු කියා සිටියේ ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එසේම, ගෑස් සිලින්ඩරයේ සිට ලිප වෙත ගමන් කරන බටය ‘ඔරිජිනල්’ විය යුතුබවත්, ආදේශක බටයක් භාවිතය අනුචිතබවත් ඔහු පවසයි.

ගෑස්වලින් ඇතිවිය හැකි ගිනි වර්ග ප්‍රධාන වශයෙන් දෙකකි. මින් එක් අවස්ථාවක දී සිලින්ඩරය ගෑස් කාන්දුවත් සමග ගිනි ගැනීමට ලක්විය හැකි අතර, දෙවැන්න වන්නේ ගෑස් කාන්දුවක් සිදුවුව ද ගින්නක් ඇති නොවන අවස්ථා ය. මෙයින් දෙවැනි වර්ගය වඩාත් භයානක ය.

නිවසේ දී නිවැරදිව ගෑස් පාවිච්චි කරන්නේ මෙහෙමයි

  • ගෑස් භාවිතා කිරීමට පෙර මුළුතැන්ගෙයි දොර ජනෙල් විනාඩියක් දෙකක් පමණ විවෘතකර තැබිය යුතු ය. අනතුරුව ඔබට ගෑස් ගන්ධයක් නොදැනෙන්නේ නම් ගැටලුවක් නොවේ
  • ලිප් දැල්වීමට පෙර සියලු වෑංජන ආදිය ඒදා, පිසීමට සූදානමින් තබාගැනීම වඩාත් සුදුසු ය.
  • ගෑස් භාවිතා කරනා විට වෙනත් කිසිදු කටයුත්තක (දුරකතන ඇමතුම් ලබා ගැනීම, දුරකතනයක් භාවිතාව වැනි) නොයෙදීම වැදගත් ය. ජංගම දුරකතනය මුළුතැන්ගෙයට රැගෙන ඒමෙන් වැළකීම වඩාත් උචිත වේ (ඒ දුරකථනයේ ඉලෙක්ට්‍රොනික උපාංග ඇති බැවින් ගින්නක් ඇතිකිරීමේ ආධාරකයක් විය හැකි බැවිනි.)
  • ගෑස් ලිප දැල්වීමේ දී නොබ් එක ඔබා, ශබ්දයක් නැගෙන සේ කරකැවිය යුතු ය. මෙසේ ශබ්දයක් නැගෙන්නේ ගෑස් දැල්වීම සඳහා පුළිඟුවක් නිකුත්වීම හේතුවෙන් වන අතර, මේ පුළිඟුව නිකුත් නොවුණ ද ගෑස් නිකුත් වීම ඇරඹිය හැකි ය. එසේ නිකුත්වන ගෑස් ලිප වටා එකතු වේ. මෙහිදී ඔබ කීප වරක් උත්සාහ කර ලිප දල්වාගන්නා විට, පෙර කී අන්දමින් ලිප වටා එකතු වී ඇති ගෑස්වලට ගිනි ඇවිලීමේ අවදානමක් තිබේ. එනිසා ගෑස් ලිපක් එක වරකින්, ශබ්දය ද නැගෙන සේ දල්වාගත යුතු ය
  • ගෑස් ලිප භාවිතාවේ දී හිසකෙස් ලිහිල්ව තබාගැනීම නොකළ යුත්තකි. හැඳ සිටින කමිසයේ/හැට්ටයේ අත් වැළමිටෙන් පහළට දිගු නොවිය යුතු ය. විශේෂයෙන්ම මුස්ලිම් සහ හින්දු කාන්තාවන් පළඳන දිගු සාලු (ශෝල්) ගෑස් ලිප භාවිතාවේ දී ඉවත්කොට තැබිය යුතු ය
  • ගෑස් බටය සෘජු නැමුම් හරහා ගමන් කරන්නේ නම්, එවැනි ස්ථානවල දී බටය නොනැවී, නොකැඩී තිබීම සඳහා රෙදි කැබැල්ලක් හෝ රබර් ෂීට් එකක් වැනි යමක් ඇතිරිය යුතු ය

 ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් මෙහෙම කරමු

ඔබ පෙර කී සියලු උපදෙස් පිළිපැදි අවස්ථාවක ද ගෑස් සිලින්ඩරයට ගිනි ඇවිලුණහොත් කුමක් කළ යුතුදැ යි ගිනි නිවීමේ නිලධාරී මධුසිරි පැහැදිලි කළේ ය.

“මේ සේරමත් කරලා, බලාපොරොත්තු නොවූ විදියට ගෑස් ලීක් එකක් වෙලා සිලින්ඩරේ ගිනි ගත්තොතින්, ගෑස් සිලින්ඩරේ පෙරලගන්න එපා! පෙරලුනොතින් ද්‍රව ගෑස් එළියට ඇවිල්ලා ලොකු පිපිරීමක් එක්ක ලොකු ගින්නක් එනවා, එක්ස්කියුස් නෑ කාටවත්. ගින්නත් සමග ලොකු එක්ස්ප්ලෝෂන් එකක් එන එක නවත්තන්න බැහැ. පුළුවන් තරම් ගෑස් සිලින්ඩරේ කුස්සියෙන් ඉවත්කර ගන්න බලන්න, කවුරුවත් නැති තැනකට. කිසි ප්‍රශ්නයක් නැහැ, පිපිරීම් කිසිදෙයක් වෙන්නේ නැහැ. ගෑස් සිලින්ඩරේ කෙලින් සිටුවා තබා ඇති විදියටම අයින්කර ගන්න.”

“ගෑස් සිලින්ඩරෙත් එක්කම කුස්සිය ගිනි අරන් නම් නිවන්න හදන්න එපා, පුපුරලා යන්න ඉඩ තියෙනවා. ෆයර් බ්‍රිගේඩ් එකට, පොලිසියට කතා කරලා, ලොකු වතුර පාරක් එල්ල කරලා තමයි නිවන්න පුළුවන්. ඒක අනතුරුදායක යි,” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ගෑස් සිලින්ඩරය කුස්සිය තුළ දීම නිවා දැමීමට උත්සාහ නොකරන්නැ යි ගිනි නිවීමේ නිලධාරී මධුසිරි උපදෙස් දෙයි.

“හොඳම දේ තමයි [සිලින්ඩරේ] එළියට ගන්න, එළියට අරගෙන හොඳට තෙත, වතුර වැක්කෙරෙන ගෝනියක් අරන් සිලින්ඩරය වැහෙන විදිහට දාන්න ඒක උඩට. එක වතාවකින් බැරි නම් දෙවතාවක් දාන්න, තුන් වතාවක් දාන්න. බොහෝ දුරට නිවෙනවා. නිවාගන්න බැරි නම්, ෆයර් එක්ස්ටින්ගිෂර් (ගිනි නිවන උපකරණය) එකක් තියෙනවා නම් ඔය ඩ්‍රයි පවුඩර් එකක් ගහපු ගමන් නිවෙනවා, කාබන් ඩයොක්සයිඩ් ගහපු ගමන් නිවෙනවා.”

මෙහිදී කළ යුතු හොඳම දෙය වන්නේ සිලින්ඩරය කෙලින් අතට සිටින සේ ඇදගෙන මුළුතැන්ගෙයින් ඉවත්කර, කිසිවෙකුත් නැති ස්ථානයකට ගෙනයෑම යි.

“හැබැයි ගින්න නිව්වට පස්සේ, ගෑස් සිලින්ඩරේ රෙගියුලේටර්ස් අනම් මනම් ඔක්කොම පිච්චිලා ගිහින් තියෙන්නේ. ඉතින් එළියේ ගිහින් තිබ්බොත් ලොකු ඩැමේජ් එකක් වෙන්නේ, මොකද ගෑස් ලීක් එක නවත්තන්න බෑ. ගෑස් ලීක් වෙන්න ගන්නවා හතර වටේම. කාත් කවුරුවත් නැති ඒරියා එකකින් තියන්න කියන්නේ, ගෑස් එක නිවාගත්තොත් ඒක ඕෆ් කරන්න තැනක් නෑ. ගෑස් ලීක් වෙලා ලීක් වෙලා, ඔය කිට්ටුව මිනිස්සු ගිහින් සිගරට් එකක් බිව්වොතින්, කෝල් එකක් ගත්තොතින්, වාහන පාරේ ගියොතින් එහෙම අනිවාර්යයෙන් ගිනි ගන්න පුළුවන්.”

ගෑස් ආඝ්‍රාණය වීම ද මාරාන්තික විය හැකි ය.

ගින්නක් නැතුව ගෑස් ලීක් වුණොත්?

ගින්නක් නොමැතිව සිදුවන ගෑස් කාන්දුව භයානක තත්ත්වයකි. කුස්සියෙන් පිටත කාමරවලට ද ගෑස් ගන්ධය දැනේ නම්, තත්ත්වය ඉතා බරපතලබව ඔබ දත යුතු ය.

“ගින්නක් ඇතිවෙන්න අවශ්‍යතා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. අපි කියනවා ‘ෆයර් ට්‍රයෑන්ගල්’ (ගිනි ත්‍රිකෝණය) කියලා ඕකට. ඔක්සිජන් ඕනේ, ඉන්ධනයක් ඕනේ, පුළිඟුවක් ඕනේ… එතකොට මේ ගෑස් ලීක් වෙලා තිබ්බොතින් එහෙම, ගෙයි ඔක්සිජන් තියෙනවා, ගෙයි ගෑස් පිරිලා තියෙනවා, ගිනි ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න අපෙන් අඩුවෙන්නේ ස්පාක් එකක් විතරයි. මේක අපි කරගන්නවාම යි අපි දැනුවත් නැත්නම්,” ගිනි නිවීමේ නිලධාරී මධුසිරි කියයි.

ඔහු පවසන පරිදි, ගෑස් ගන්ධයක් දැනුණු විට පුළිඟු ඇතිවීම වළකාලීම සඳහා ඔබ නොකළ යුතු දේ කීපයකි:

  • ගෑස් කාන්දුව තුළ ජංගම දුරකතන භාවිතය සපුරා තහනම් ය. ජංගම දුරකතනවල ටච් පෑඩය භාවිතා කළත්, බොත්තම් එබුවත්, එහි පරිපථ තුළ අපට නොපෙනෙන පුළිඟුවක් නිපදවේ. දුරකතනය තුළට ගෑස් ඇතුළුවී තිබුණහොත් ගිනි ත්‍රිකෝණය එතැනින් ඇරඹීමට ඉඩ තිබේ.
  • ප්‍රධාන ස්විචය ඇතුළු කිසිම අන්දමක විදුලි ස්විචයක් “ඕන්” කිරීමෙන් හෝ “ඕෆ්” කිරීමෙන් වැළකිය යුතු ය.
  • නිවෙසේ කුඩා දරුවන්, ගැබිණි කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් හෝ මහලු පුද්ගලයින් වෙසේ නම් ඔවුන් ගෑස් ගන්ධය නොදැනෙන සීමාවකට ගෙනගොස්, ගෑස් කාන්දුව ඇති ස්ථානයට යළි නොපැමිණෙන්නට වග බලාගත යුතු ය
  • කිසිවෙකුගෙන් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ගෑස් කාන්දුවෙන් ඈතට යෑමෙන් පසු පමණක් ඔබේ ජංගම දුරකතනය භාවිතා කළ යුතු ය
  • ගෑස් කාන්දුව සහිත සීමාවේ ඇති යතුරුපැදි ද ඇතුළු කිසිදු වාහනයක් පණ ගැන්වීමෙන් වැළකිය යුතු ය
  • දොර ජනෙල් ඉතා සෙමින් විවර කිරීමෙන් පසු පමණක් මුළුතැන්ගෙයට ගොස්, ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ් කළ යුතු ය
  • ගෑස් කාන්දුවක් වළකාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපි සාමාන්‍යයෙන් විදුලි පහන් නිවා දමන්නා, දොර ජනෙල් වසා දමන්නා සේම, සෑම ආහාර වේලක් පිසීමෙන්ම අනතුරුව හෝ, අවම වශයෙන් රාත්‍රී ආහාර වේල පිසීමෙන් පසුව ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ්කර දැමීම යි.
Tags: නවතම
Share69Tweet43
Previous Post

“ආර්ථිකය හිතාගත නොහැකි තරමේ අසීරු තැනක”- ජනාධිපති ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්!

Next Post

බයවෙන්න එපා… වැස්සට හේදුනෝත් හේදෙන ගානෙ නැනෝ නයිට්‍රිජන් දෙනවා.. රාජ්‍ය ඇමති රොෂාන්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.