බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බබාට කිරි දෙන බෝතලේ සහ ෆීඩින් කප් එකේ  පිළිකා මාරයෙක් !

by editor
පෙබරවාරි 16, 2022
in පුවත්
Newborn Baby drinking milk from glass cup.

Newborn Baby drinking milk from glass cup.

Share on FacebookShare on Twitter

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුලු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ජාත්‍යන්තර දූෂක නිවාරක ජාලය (International Polutants Eliminataion Network – IPEN) විසින් සිදුකරන ලද පරීක්ෂණයේදී, ළදරුවන් සඳහා වන කිරි බෝතල් සහ ආහාර බඳුන් (ෆීඩින් කප්) වල බිස්ෆීනෝල් ඒ නම් රසායනිකය අඩංගුවිය හැකි බව තහවුරු වී ඇත.

මේ සඳහා පරීක්ෂාකරන ලද බඳුන් 98න් 76 කම මෙම රසායනිකය අඩංගු වී ඇති බව තහවුරු වී තිබේ. මේ අතරින් ඇතැම් බඳුන්වල මෙම රසායනිකය අඩංගු නොවන බව සඳහන්කර තිබුනද විද්‍යාගාර පරීක්ෂණයේදී එය සාවද්‍ය බව ඔප්පු වී තිබේ.

බිස්ෆීනෝල් ඒ (Bisphenol A- BPA) යනු පිළිකා, ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා, පිරිමින් සහ කාන්තාවන් තුළ ලිංගික දුබලතාවය මෙන්ම දියවැඩියාව ආදී සෞඛ්‍යමය ගැටළු ඇතිකරන රසායනිකයකි. බොහෝ රටවල මෙය අන්තරායකර රසායනිකයක් ලෙස නීත්‍යානුකූලව හඳුනාගෙන ඇති අතර  යුරෝපා සංගමය තුළ හෝමෝන ක්‍රියාවලියට බාධාකරන රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබේ.

“ඇතැම් භාණ්ඩවල BPA රහිත බව ලේබලයේ සඳහන් කර තිබුනත් මේවායේ එම රසායනිකය අඩංගු බව තහවුරු වුනා. මේ නිසා ඇත්තටම දෙමව්පියන් තමන්ගෙ දරුවන්ට යහපත් දේ ලබා දෙන්න පෙළඹුනත්, වෙළඳ සමාගම් ඔවුන්ව නොමග යවන බව අපට පේනවා. මේ නිසා අපට මෙවැනි අන්තරායකර රසායනික ලේබල්කරණය සම්බන්ධයෙන් ශක්තිමත් නීති වගේම ඒවා නිසි පරිදි ක්‍රියාත්මකවන බව තහවුරු කිරීමට නිසි අධීක්ෂණ ක්‍රියාවලියකුත් අවශ්‍ය වෙනවා” පරිසර යුක්ති කේන්ද්‍රයේ , ව්‍යාපෘති සැලසුම් සහ කළමනාකරණ නිලධාරී  යැයි චලනි රූබසිංහ කීවාය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙම අධ්‍යයනය සඳහා බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, රුසියාව, ශ්‍රී ලංකාව, සහ ටැන්සානියාව යන රටවල  IPEN සාමාජික කණ්ඩායම්, ළදරු කිරි බෝතල්, සිපී කෝප්ප, ෆීඩින් කප් වැනි ළදරු නිශ්පාදන නියදි ලබාදෙන ලදී. ඉන් පසුව මෙම බඳුන්වලින් කොතරම් BPA ප්‍රමාණයක් එයට යොදන ද්‍රව වලට ගමන් කරන්නේද යන බව පරීක්ෂාකරන ලද අතර, මෙම රසායනික පරීක්ෂණය, චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් හි පිහිටි, රසායන විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය තුළදී සහ ඉන්දියාවේ නව දිල්ලියේ පිහිටා ඇති ශ්‍රී රාම් කාර්මික පර්යේෂණ ආයතනය තුළදී විශ්ලේෂණය කරන ලදී.

යුරෝපා සංගමයේ සාමාජික රටවල්, මැලේසියාව, චීනය, සහ ඉන්දුනීසියාව වැනි රටවල ළදරු භාණ්ඩ සඳහා මෙම රසායනිකය භාවිතය සීමාකර ඇත. එසේ වුවද පරීක්ෂාවට ලක් කරන ලද භාණ්ඩ අතරින් 78%කම මෙම රසායනිකය අඩංගු බව පර්යේෂණයේදී තහවුරු විය.

ශ්‍රී ලංකාවේ ලබාගත් සාම්පල 10 අතරින් 3ක BPA අඩංගු වූ බව තහවුරු වූ අතර මින් එක් සාම්පලයක ලේබලයේ BPA රහිත (BPA free) බවද දක්වා තිබුණු අතර එහි BPA කිලෝග්‍රෑමයට මයික්‍රොග්‍රෑම් 0.9 ක් වාර්තා විය.

හමුවූ උපරිම මට්ටම කිලෝග්‍රෑමයට මයික්‍රොග්‍රෑම් 3.2ක් වූ අතර එය ළදරුවන් සඳහා වන බීම කෝප්පයකින් (සිපී කප්) වාර්තා විය. අවාසනාවන්ත ලෙස මෙය කෙතරම් හානිකර රසායනිකයක් වුවද මේවා සඳහා නෛතික මට්ටම් ලංකාවේ නොමැත.

“ළදරුවන්ගේ භාණ්ඩ වල මෙවැනි අන්තරායකය, කිසිදු ආරක්ෂිත මට්ටමක් නොමැති රසායනිකයක් හමුවීම ඉතා දැඩි අවධානයක් යොමුකළ යුතු කරුණක්. ඒ වගේම මේ එක හානිකර රසායනිකයක් වෙනුවට තවත් හානිකර රසායනිකයක් ආදේශ කිරීම වැළැක්වීමට නම් අප මෙම සියලු බිස්ෆීනෝල වර්ග කාණ්ඩයක් ලෙසම තහනම් කල යුතුයි” IPEN ගෝලීය පර්යේෂිකා ජිත්කා ස්ට්‍රැකෝවා පැවසුවාය.

මෙම පර්යේෂණය හරහා IPEN ආයතනය මතුකරන තවත් අවදානමක් වන්නේ මෙවැනි අන්තරායකර රසායනික අඩංගු ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය හරහා චක්‍රීය ආර්ථිකයට එක් වීමයි. එවිට කුමන භාණ්ඩයක් හරහා කවුරුන් මෙම රසායනිකවලට නිරාවරණය වන්නේදැයි සොයා ගැනීම ඉතාම අපහසු කාරණයක් වියහැකි බව ඔවුහු පෙන්වා දෙති.

මෙම අධ්‍යයනයෙන් ඉදිරිපත්කරන නිර්දේශ කීපයකි. එම නිර්දේශ මෙසේය.

  1. ළදරුවන්, දරුවන්ගේ භාණ්ඩ ඇතුළු බිස්ෆීනෝල් අඩංගු අමුද්‍රව්‍ය වලින් සාදන ද්‍රව්‍ය වහාම ක්‍රියාත්මකවන පරිදි තහනම් කිරීම.
  2. බිස්ෆීනෝල් රහිත බව ලේබල්කරණය සඳහා නෛතික ලෙස බැඳීමක් ඇති කරන නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම හරහා වැරදි ලෙස ලේබල්කරණයන් වැළැක්වීම.
  3. බිස්ෆීනෝල් අඩංගු අමුද්‍රව්‍ය වලින් සාදන භාණ්ඩ සඳහා විකල්ප අමුද්‍රව්‍ය යොදා ගැනීමට සහාය දීම
  4. භාණ්ඩවල ප්‍රමිතිය විමර්ශනය සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීම
  5. බිස්ෆීනෝල් අඩංගු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙන් ඉවත් කිරීම හරහා මේවා නව භාණ්ඩ තුලට ඇතුලුවීම වැළැක්වීම.

(වාර්තාව සඳහා සබැඳිය: https://ipen.org/documents/call-to-action-free-children-bpa-toxic-legacy )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිරිසේනගේ පැජට් පාරේ නිවාස කෙළිය මාර්තු 29 දා සිට උසාවියේ දිගහැරෙයි…

Next Post

ආගමට අපහාස කළ බව කියා පකිස්ථාන් ආගමික අන්තවාදීන් ප්‍රියන්ත මැරූ සේම තවත් පුද්ගලයෙක් මරා දමයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.