දැනට බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා නිවසින් ආහාර ලබා ගැනීමට ඉල්ලීමක් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පැවසුවේ ඊයේ (30) පස්වරුවේ මෙම ඉල්ලීම කළ බවත් ඒ පිළිබඳව සලකා බලන බවත්ය.
අගෝස්තු 29 වන දින අත්අඩංගුවට ගත් නිමල් ලන්සා සැප්තැම්බර් 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
2006 පළාත් පාලන මැතිවරණයේදී මීගමුව නියෝජ්‍ය නගරාධිපති සුනිල් විල්බට් පෙරේරාගේ නිවසට පහරදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.







