අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ගවයෙක් දිනාගන්න රටේ නමගත් සෑම මල්ලවයෙක්ම පොර බදන ස්විස්ටර්ලන්තයේ මහා ක්‍රීඩා සැනකෙළිය…  

by editor
අගෝස්තු 31, 2025
in ජීවිතය
Share on FacebookShare on Twitter
  • සුනේත්‍රා ඇතුගල්පුර – ස්විස්ටර්ලන්තයේ ග්ලාරූස් සිට –

මව්බිමින් පිටුවහල් වී වසර 17කි.  සිංහල වහරන මගේ දරු පැටවු දෙදෙනා කවදාවත් ලංකාවට පැමිණ නැත. ඔවුන් ලංකාව ගැන දන්නේ මා සහ ශෂී ඔවුන්ට කියා දෙන අපේ අතීත ජීවිත පවත පිළිබඳ කතාවෙනි. උන් සුරංගනා කතාවක් අසන්නා සේ ඒ කතා අසා සිටින ආකාරය දකින විට මට මේ ජීවිත අන්තරය තරණය කළ ආකාරය ගැන ඇතිවන්නේ වෙහෙසකර හැඟීමකි. ඒ ආයාසය ඒ තරම්ම තියුණුය. එය දන්නේ අප දෙදෙනා පමණි.

ස්විස්ටර්ලන්තයට පැමිණි දා සිට පුරා 17 වසරක් ගෙවුනේ මේ ගමේය.  ඇල්ප්ස් කඳු පාමුල ඇති සිහිනයක් තරම් ලස්සන මේ ගමේය. කැලණියේ වරාගොඩ දැන් ජීවිතයේ ළමා කාලයේ සිහිනයක් සේ හදවතේ ගැඹුරේ තැන්පත් වී ඇත. ගතවූ 17 වසර තුළ ජීවත් වූ ග්ලාරූස්  මගේ ජීවිතයේ කොටසක් බවට පත් වී තිබේ.  මේ ගමේ ආචාරශීලී නිහඬ මෙන්ම කාරුණික මිනිස්සු කිසිම විටෙක මා හෝ ශෂී ආගන්තුකයන් සේ සැලකුවේ නැත. ඒ ලබා දුන් සමාජ වටිනාකම අප මේ ජීවිතය තුළ බොහෝ දුරක් රැගෙන ගොස්ය.

අද මේ සටහන තබන්නේ විශේෂ සිදුවීමක් නිමිති කරගෙනය. අද මා දකින්නේ  මේ 17 වසර තුළ ගමේ තිබූ නිහඬ ශාන්ත බව වෙනුවට ඉපදුන ලක්ෂ සංඛ්‍යාත  උද්‍යෝගී මිනිසුන්ගේ ප්‍රීතිමත් හඬින් ඇතිවන ආලෝනයකි. දැන් ග්ලාරූස් සැනකෙළියක් සේය. ලක්ෂයකට අධික පිරිසක් ගමට පැමිණ සිටිති. ඒ 47 වන ස්විස් ස්විස් මල්ලවපොර සහ ඇල්පයින් උත්සවය (ESAF) වෙනුවෙනි.

ග්ලාරුස් පලාතේ මෝලිස් ගම්මානයේ කුඩා ගුවන් තොටුපලක් වේ. උත්සවය පැවැත්වෙන්නේ  එම ගුවන් තොටුපලෙ භූමියේය. මේ උත්සවය ගමේ ජීවත්වෙන වෙන තුන්දාස් පන්සීයක් පමණ ජනතාවට සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කර ඇත. එය ආර්ථික සහ සහ සමාජීය වශෙයන් පමණක් නොවේ. සංස්කෘතික වශයෙන් ද වැදගත් ප්‍රවේශයක් බිහි වී තිබේ. මේ ස්විස් ස්විස් මල්ලවපොර සහ ඇල්පයින් උත්සවය   ග්ලාරූස්හි පැවැත්වෙන පළමු අවස්ථාවය.  දැන්   ගම්වැසියන්වන අප මේ මොහොත විඳින්නේ සංස්කෘතික විචිත්‍රත්වයේ ඇති ගැඹුරු සංවේදනයන් ද ස්ඵර්ශ කරමිනි. මේ ගමට පැමිණ කඳවුරු බැඳගෙන සිටින මිනිස්සුය.

  • ස්විස් මල්ලවපොර සහ ඇල්පයින් උත්සවය (ESAF)

මෙම සැනකෙළිය ස්විස්ටර්ලන්තය පුබුදුවන්නකි.  ස්විස්ටර්ලන්ත සංස්කෘතියේ ගැඹුරු හරයන් ලෝකයට ප්‍රකාශ කරන විචිත්‍ර පෙරහර ඇතුළු ඉපැරණි ස්විස් සම්ප්‍රදාය ගර්වයෙන් යුතුව මතුකරන ඇල්පයින් උත්සවය උත්කර්ෂයට නන්වන්නේ මල්ලවපොර තරගාවලිය ය. ස්විස්ටර්ලන්තයේ විසිරී සිටින මල්ලවපොර ශූරයෝ මේ උත්සවයට එක් වීම ස්වකීය භාග්‍යක් කොට සලකති. මේ මල්ලවපොර ශූරයින් බොහෝ විට ඉහළ වෘත්තිකයන්ය. උගත් තරුණයින්ය. ඔවුන් මේ තරගාවලියට එක් වන්නේ ස්විස්ටලන්ත සංස්කෘතියේ ශික්ෂණය ලද මිනිසෙකු ලෙස උපන්   අභිමානයෙනි.

අද මොනතරම් ආර්ථික වර්ධනයන් අත්පත් කරගත්තද ස්විස් ආර්ථික පදනම දැමුණු මූලිකාංගය ලෙස සැලකෙන්නේ කිරි ගව පාලනය ය.  හරියටම අපේ කෘෂිකාර්මික ආර්ථික සම්ප්‍රදාය සේ ස්විස් ජනතාවගේ සංස්කෘතිය හා බද්ධ වුන ආර්ථිකය ය. එබැවින් තවමත් ස්විස් වැසියන් ඔවුන්ගේ ආර්ථිකයේ හදවත ලෙස සලකන්නේ කිරි ගොවීන්ය.

මේ සමස්ථ උත්සවයම ඒ අතීත ආර්ථික ප්‍රභවයට කරන ගෞරව කිරීමක් වැන්න.  ස්විස් සංස්කෘතිය තුළ ගවයා යනු උත්තම සතෙකි. හින්දු සංස්කෘතියේ සේම සිවිස් ජාතිකයෝ ගවයාට ගෞරව කරති. සම්ප්‍රදායික සංස්කෘතික විචිත්‍රාංග බොහෝමයක් බිහි වන්නේ මේ අතීත ආර්ථික පදනම දැමූ ගවයාගේ සංකේත සමගය.

ගවයා  පිරිමි ශක්තිය මෙන්ම කරුණාවේ සංකේතය ලෙස ද සැලකෙන්නේය.  මල්ලවපොර සම්බන්ධව ඇති සංස්කෘතික බැඳීම මේ ගව පාලනය සම්බන්ධ අතීතයට බද්ධ වන්නේය.

මල්ලව පොර හෙවත් (ෂ්වින්ගන්) යනු ස්ව්ට්සර්ලන්තයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩවකි.  ඔවුන් එය හඳුන්වන්නේ ලෝකයේ අව්‍යාජ ක්‍රීඩාව ලෙසය.  මල්ලව පොර තරඟයකදී ජයග්‍රාහකයන්ට හිමිවන තෑගි දක්වාම මේ අනන්‍ය සංස්කෘතික ස්වරූපය කියැවෙන්නේය.

1926 දී, ස්විස් මල්ලවපොර ශූරතාවලියේ ජයග්‍රාහකයාට තෑගි ලෙස ලැබී ඇත්තේ බැටළුවෙකි. , 1961 දී, ජයග්‍රහණය කළ ජයග්‍රහයකයාට හිමිව ඇත්තේ එළදෙනකි. ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉහළම මල්ලවපොර ක්‍රීඩකයින් තිදෙනා ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම අනුව මේ සජීවී ත්‍යාග ලබා ගනී. ඒ අනුව මෙම ත්‍යාග තුනට ආර්ථික වටිනාකම ඉක්මවා ගිය මහා විසාල සංස්කෘතික වටිනාකමක් ලැබේ.

  • සීබු ගේ කතාව

ස්විස් මල්ලවපොර තරගවල බොහෝ විට ජයග්‍රහාකයා පිදුම් ලබන්නේ ජව සම්පන්න ගවයෙකුගෙනි. පසුගිය වසරක ස්විස්ටලන්තයේ පැවති මල්ලවපොර තරගයේ ජයග්‍රාහකයාට හිමි වුයේ ජව සම්පන්න ගවයෙකි. ඒ ගවයාගේ නම “බුල් කොලින්”ය . උගේ බර ටොන්12ක් විය.

මෙවර පැවැත්වෙන මල්ලව පොර ශූරතාවය සඳහා   ජයග්‍රාහකයාට ප්‍රදානය කරන්නේ මේ වන විට ස්විස්ටර් ලන්තය පුරා උමතුවක් සේ අවධානයට යොමු වී ඇති    සීබු (Zibu) නම් ගවයාය.

පිරිමි ගවයින් කුඩා කාලයේදී ස්විට්සර්ලන්ත වැසියන් හදුන්වන්නේ” මුනි”යන නමිනි. තරග ජයග්‍රහකයාට පිරිනමන්නේ  මුනී සීබුය.  ඌට දැන් වයස අවුරුදු 3යි මාස 09කි. සීබු උපත ලබා ඇත්තේ 2021 වසරේ නොවැම්බර් 06 වැනිදාය.

සීබු “ඕජිනල් බ්‍රවුන් වී” අභිජනනයේ ලස්සන අං ඇති ගවයෙකි. සීබුගේ හිමිකරුවන් ඔහුව   මලක් රැකගන්නා ලෙස ආරක්ෂා කරගන්නා ආකාරය පසුගිය කාලය පුරාම දුටුවෙමි. ස්විස් මල්ලව පොර තරගයක ප්‍රධාන ත්‍යාගය ලෙස තෝරාගත් වසුපැටවා යනු එම වසුපැටවාගේ හිමිකරුට මහත් අභිමානයක් ගෙන එන්නකි. එය එසේ මෙසේ හිමිකමක් නොවේ. හිමිකරුවන්ට අනුව සීබු හොඳටම හීලෑ ය. කුළු ගතියක් ඇත්තේම නැත. සන්සුන්ය. විශ්වාසවන්ත ලෙස බියෙන් තොරව මිනිසුන් අතර හැසිරෙන්නේය.

RelatedPosts

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

සීබු හදා වඩාගත් හිමිකාරයා සමග..
  • සීබු ගේ අනුරුව සහිත ටොන් 1ක චොක්ලට් එක

ස්ව්ට්සර්ලන්තයේ ප්‍රධානතම චොකලට් සමාගමක් වන ලෙදරක් සමාගම (Laderach) සිබූ ගේ  ජීවමාන ප්‍රමාණයේ චොකලට්  අනුරුවක් එලිදැක්වීය.  ලෙදරක් සමාගමේ නිර්මාණ ශිල්පීන්ගේ අතින් නිම වෙන මෙම චොකලට් ගවයා සෑදීම සඳහා හොඳම චොකලට් ටෝන් එකක් භාවිතා කර තිබිණි.

මෙම චොකලට් ගවයා නිර්මාණය කලා කෘතියක් ලෙස සැකසුවේ වර්ල්ඩ් චොකලට් මාස්ටර් සහ සමාගමේ ප්‍රධාන නිර්මාණ නිලධාරී එලියාස් ලෙඩෙරාච් විසිනි. ඔහුට සංගීතඥ සහ ව්‍යවසායක මාර්ක් ට්‍රෝෆර් විසින් සහාය දැක්වීය .

ගවයා චොකලට් ස්ථර කිහිපයකින් ඉදිකර ඇති අතර සම්පූර්ණයෙන්ම ආහාරයට ගත හැකි චොකලට් වලින් සෑදීමට නිර්මාණ ශිල්පීන් මහත් කැපවීමකින් කටයුතු  කළහ.

ඊට අමතරව නැගෙනහිර ස්විට්සර්ලන්තයේ දැව සැකසුම්කරුවන්ගේ එකමුතුවද ග්ලාරුස් ස්විස් මල්ලවපොර සහ ඇල්පයින් උත්සවය සඳහා යෝධ ගවයෙකු නිර්මාණය කළහ. මෙම ලී ගවයා මීටර් 20 ක් උස සහ මීටර් 30 ක් දිගය. ඇල්ප්ස් කන්ද පාමුල ඇල්ප්ස් කන්ද සේ නැගී සිටින මේ ගවයා ග්ලාරූස් ගමටත් කඳු පාමුලින් පෙනෙන්නේය. එය මනරම් දසුනකි.

චොක්ලට් අනුරුව එහි නිර්මාපකයින් සමග…
  • සැනකෙළි භූමිය

අගෝස්තු 29 සිට ඇරඹුන සැනකෙළිය අද ( 31 ) නිමා වන්නේය.    තරඟය  සඳහා විශේෂයෙන් ඉදිකරන ලද ෂඩාස්‍රාකාර ක්‍රීඩාංගනයකය. එය “ග්ලානර්ලන්ඩ් ක්‍රීඩාංගණය” ලෙස නම් කර ඇත.    මොලිස් ගුවන් තොටුපළේ පවත්වන මෙම උත්සව භූමිය හෙක්ටයාර 70ක් ආවරණය කරයි, එයට විශාල ක්‍රීඩාංගනය, කඳවුරු භූමියක්,   මහජන නැරඹුම් ප්‍රදේශයක් ඇතුළත්ය.

මේ වනවිට ලක්ෂයකට අධික පිරිසක් ගමට රොක් වී සිටිති. ගම වටා කූඩාරම්ය. රැය පහන් කළ හැකි කුඩා නිවෙස් බඳු කැරවෑන් රථ පෝලිමට ගාල් කර ඇත. ඇල්ප්ස් කඳු පාමුළ කොලපැහැති නිල්ලේ මීදුම් අතරින් දකින මේ නුහුරු දැකුම විටෙක මා තුළ ආගන්තුක චමත්කායක් උපදවයි.

සීබු ගේ දැව අනුරුව

මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසට  සලසා ඇති පහසුකම් ප්‍රමාණය ලාංකිකයෙකුගේ දෘෂ්ඨියෙන් දකින්නේ නම් මවිතයකි.  මේ සා විශාල පිරිසක් රැස් වූ මොහොතක් බව සැබෑය. එහෙත් ටොෆි කොළයක දෙයක් වැටී ගම අපවිත්‍ර වී නැත.  මිනිස්සු පා තබන්නේත් මේ බිමේ සුන්දරත්වයට හානියක් වෙතැයි බියෙනි. ඒ ශික්ෂණය යනු මේ මිනිසුන් අත්පත් කරගත් දියුණුවේ ප්‍රකාශනය බව කියමි.

ගමට එන විසල් ආගන්තුක පිරිස් වෙනුවෙන් සේවා සැපයීමට නගර සභාවේ අනුමැතිය සහිතව ගම් වැසියෝ සැරසී සිටිති.  මහා ව්‍යාපාරිකයාගේ සිට ගමේ පුංචිම දරුවා දක්වා ඒ සේවා සැපයීමෙහිය. පාසල් නිවාඩු බැවින් සංජලී ද ඇයගේ යෙහෙළිය ලේනා සමග පුංචි මේසයක් මත ජල බෝතල් සහ බීම බෝතල් අලෙවි කළාය.

  • තරග උණුසුම

මල්ලවපොර ශූරයින් 274 දෙනෙක් මෙම තරගාවලියට එක් වී සිටිති. කලාපීය සංගම්වලින් 268ක් සහ ජාත්‍යන්තර මල්ලවපොර ක්‍රීඩකයින් හය  දෙනෙක් ලෙසිනි. මෙවර  මල්ලවපොර ශූරයා මුළු වට අටකින් තීරණය කෙරේ. සීබු තෑගි බලන්නේ ඔහුය. වැලි දමා සැකසුන වෘත්තාකාර විවෘත භූමියක තරග වදින තරග කරුවන් ස්වකීය ඇඳුමට උඩින් සමින් කළ කොට කලිසමක ස්වරූපයේ ඇඳුමකින් සැරසී සිටිති. පොර බදන්නේ ඒ කලිසමේ පට වැරෙන් අල්ලාගෙනය.

අප දකින්නේ පුදුමාකාර අවධානයකින් යුතුව එම අවස්ථා වින්දනය කරන මිනිස්සුය. උපන් උපරිම සංයමයකින්  එම අවස්ථාව වින්දනය කරන සිය සිත් ගත් මල්ලවයා පරාජයට පත්වන විට  හැඟීම්බරව හඬා වැටෙන කාන්තාවන්ය. පිරිමින්ය. තරගය අවසානයේ දී එකිනෙකා වැළඳගෙන ආදරයෙන් සමුගන්නා තරගකරුවන්ය.

මාධ්‍යවේදීන් 247ක් සහ රූපවාහිනී නාලිකා 12ක් මෙම ඉසව්ව ආවරණය කිරීමට කැප වී සිටිති. රටේම මධ්‍ය අවධානය මේ ඉසව්ව වෙතය. ලෝකයට යොමු වූ ඇස් කන් වසා දමා මේ මිනිස්සු ස්වකීය සංස්කෘතික විචිත්‍රත්වය තුළ කිමිදෙති. වින්දනය කරති. අවසානයේ දී සිය පා සලකුණු පමණක් ඉතිරිකර පිටව යති.

ලෝකයේ ඉළම විචිත්‍රත්වයෙන් යුතු සංස්කෘතික පෙළහරක් බඳු මහා සංස්කෘතිකාංග ඇත්තේ අපට බව මට සිතෙන්නේ මේ සැණකෙළි දකිනවිටය. මහනුවර දළදා පෙරහර තරම් අති උත්කර්ෂවත් විචිත්‍රත්ත්වයක් ලෝකයේ වෙන කොතැනකවත් ඇතියි සිතෙන්නේ නැත. එහෙත් ලෝකයේ විශිෂ්ටම සංස්කෘතියකින් ශික්ෂණය වූවායැයි සිතන ලෝකයේ මහා සංස්කෘතික ධාරාවක උරුමය හිසින් ගත් අප තවමත් මිනිසුන් ලෙස මොනතරම් අශික්ෂිත ද?.  ඔබට ස්විස්ටර්ලන්තයට පැමිණිය හැකි නම් බෞද්ධ සංස්කෘතියෙන් ශික්ෂණය වූ පසු සිටිය හැකි යැයි උපකල්පිත ආදර්ශ මිනිසා ඇල්ප්ස් කඳු පාමුලින් පෙන්වා දියහැකිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පද්මේ ඇතුළු අපරාධකරුවන් 05 දෙනා ගැන අද අධිකරණයට වාර්තාවක්…

Next Post

බන්ධනාගාරයේ සිටිනා ලන්සා ගෙදරින් කන්න ඉල්ලයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.