බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්දුල චැනල් අයි විකුණන්න හදද්දී අනුෂ නෑ කියයි…

දැනටමත් මාස තුනකට සංඛ්‍යාත විකුණලා සල්ලි අරන් වියදම් කරලත් ඉවරයි... සේවකයෝ චෝදනා කරති....

by editor
අගෝස්තු 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රජය සතු මාධ්‍ය නාලිකා විකිණීමට රජය උත්සාහ කරන බවට චෝදනා එල්ල වුවද  එවැනි කිසිම සූදානමක් නොමැති බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශ  ලේකම් වරයා මෙසේ පවසන්නේ කළු සල්ලි සුදු කරන බවට ලොව පුරා ගර්හාවට ලක් වී ඇති ලයිකා සමාගමට චැනල් අයි රූපවාහිනිය විකිණීමෙන් අනතුරුව ඊට ආවරණ අනුමැතිය ලබා ගැනීමට ජනමාධ්‍ය ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එය අගමැතිවරයාගේත් බරපතල දෝෂ දර්ශනයට ලක් වී ප්‍රතික්ෂේප වී තිබිය දීය.

එමෙන්ම අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ  චැනල් අයි පෙන්වමින්  මාස තුනක් සඳහා මුලු දිවයිනම ආවරණය වන නේත්‍රා නාලිකාවේ සංඛ්‍යාත ලයිකා සමාගමට ලබා දීමෙන් පසු ඊට අත්තිකාරම් මුදලක් රැගෙන එම මුදල ද මේ වනවිට වියදම් කර ඇති බවය.

රූපවාහිනී සභාපතිවරයා සහ ජනමාධ්‍ය ඇමතිවරයා විසින් මේ ආකාරයෙන් කුප්‍රකට ලයිකා සමාගමට අදාල පැවරීම සිදුකර ඇත්තේ තවත් දේශීය නියෝජිතයන් දෙදෙනෙක් ඉදිරිපත් වීමෙන් පසුව බවත්, එම පැවරීම අදාල ඉල්ලුම්කරුවන්ට දැනුම් දී නොමැති බවත් වාර්තා වී ඇත.

කැබිනට් මණ්ඩලයේ දී අගමැතිවරයාගේ දෝෂ දර්ශනයට ලක් වී තිබුනේ විනිවිද නොපෙනන මේ සංවෘත ගනුදෙනුවේ ස්වරූපය ය.  මේ විකිණිම සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ප්‍රශ්න කර තිබුණේය.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

මෙම චෝදනාව සම්බන්ධයෙන්  ඩේලි මෝනිං කළ විමසීමකදී ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට   එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා ඇත්තේ එවැනි සූදානමක් නොමැති බවය.

“රජයට අයත් මාධ්‍ය නාලිකාවක් විකිණීමට හෝ බදු දීමට යම් සූදානමක් තිබේ නම් ඒ පිළිබඳ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලැබිය යුතුයි. නමුත් අමාත්‍යාංශය එහෙම කරලා නැහැ. කිසිදු නාලිකාවක් විකිණීමට හෝ බදු දීමට සූදානමක් නැහැ.” ලේකම්වරයා පවසා ඇත.

කෙසේ වෙතත්  පවතින ආර්ථික අර්බුදය තුළ රජය සතු මාධ්‍ය නාලිකා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් දීර්ඝ කාලයක් තිස්සේ පාඩු ලබමින් සිටින බැවින් ඒවා පවත්වාගෙන යෑම දුෂ්කර බව රජය අවස්ථා ගණනාවකදී පෙන්වා දී  තිබේ.

රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති පසුබිමක රාජ්‍ය මාධ්‍ය නාලිකාවල අයිතිය උනන්දුවක් දක්වන පාර්ශ්ව වෙත පැවරීමේ සූදානමක් පවතින බවට වරින් වර වාර්තා වී තිබිණි.

රජය සතු මාධ්‍ය ආයතන අතර රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ( ලේක් හවුස් ආයතනය)  වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපති වරයෙක්…

Next Post

13ට කපුටො කොටයි!

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.