බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බඩු බෙදන්න නෙමෙයි… යුක්තිය ඉෂ්ට කරන්න එන්න… පාස්කු ඉරිදා බඩු බෙදන්න කටුවාපිටියට ගිය පොලිස්පතිට කතෝලික සභාව සැරට උත්තර දෙයි!

by editor
අප්‍රේල් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පොලිස්පතිවරයා සිදුකළ යුත්තේ කටුවා පිටිය ගමට ඇවිත් බඩු මලු බෙදා දේවස්ථානයේ ඉටිපන්දම් පත්තු කිරීම නොව ඒ මහා ව්‍යසනය සිදුවූ ඛේදවාචකය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කිරීමට කටයුතු කිරීම බවත් ඔහු කටුවාපිටියට පැමිණි යුත්තේ කවුරුත් ඉල්ලුවේ නැති බඩු මලු බෙදන්නට නොව යුක්ති ඉෂ්ට කිරීමට සුදුසු විමර්ශන රැගෙන බවත්  කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද (03) පැවසුවේය.

උන්වහන්සේ මේ බව පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාස්කු ඉරුදින කටුවාපිටිය ගමට ගොස් පාස්කු ප්‍රහාරයේ වින්දියින්ට බඩු මලු බෙදා කටුවාපිටිය පල්ලියට පැමිණ ඉටිපන්දම් දල්වා යාඥා කිරීමේ සිද්ධිය සම්බන්ධව සාමාජ මාධ්‍ය ඔස්සේ පලවන විවිධ ප්‍රකාශ නිවැරදි කිරීම සඳහා අද බොරැල්ල අගරදගුරු මැදුරේ සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

එහිදී සිද්ධිය පිළිබඳ විස්තර කිරීමට කටුවාපිටිය දේවස්ථානය සහ මීසම භාර මංජුල නිරෝෂණ පියතුමා පැමිණ සිටි අතර උන්වහන්සේ මෙසේ පැහැදිලි කලේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැමිණියේ කිසිම පුර්ව දැනුම් දීමකින් තොරව බවය.

දේවස්ථානයකට ඕනෑම පුද්ගලයෙකුට පැමිණිය හැකි නමුත් රටේ පොලිස්පතිවරයා පාස්කු ඉරුදින වැනි වැදගත් දිනයක පැමිණෙන විට ඒ බව නොදැන්වීම ගැටලුවක් බවත් ගමේ ගෙවල් කීපයකට ගොස් විශේෂ ප්‍රභූවරයෙක් පැමිණෙන බවට පමණක් දැනුම් දී තිබුණ බවත් නිරෝෂන් පෙරේරා පියතුමා පැවසුවේය.

කටුවාපිටිය දේවස්ථානය සහ මීසම භාර මංජුල නිරෝෂණ පියතුමා…

“අපව කිසිම ආකාරයකින් දැනුම්වත් කලා තිබුණේ නෑ. ගමට හෝ ගමේ ගෙවල්වලට කිසිම කෙනෙක් එනවා කියලා දන්වලා තිබුණේ නෑ, දේවස්ථානයට එනවා කියලා දැනුම් දුන්නේත් නෑ.”

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“අවුරුදු පහක් තිස්සේ අපි අපේ අරමුණ ප්‍රකාශ කළා. කාදිනල් හිමිපාණන් ඍජු කියලා ඉඳලා තියනවා අපට අවශ්‍ය දේ. අපට අවශ්‍ය ඇත්ත. යුක්තිය. මේකෙ තියන ඇත්ත හෙළි දරවු කරලා දෙන්න කියලා තමයි අපි කාදිනල්තුමා එක්ක එකතු වෙලා  ඉල්ලා සිටින්නේ.”

“ඉල්ලා සිටින අපේ අවශ්‍යතාවය සිදුනොකර මොන දේ කරන්නත් කුමකට පෙළඹෙනවා ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා. අප ඉල්ලා සිටින්නේ වියලි ආහාර මල්ලක් නොවේ. අප ඉල්ලා සිටින්නේ අපිව ඇවිත් බලලා යන්න නෙමෙයි. අපි කියා සිටින්නේ අපට යුක්තිය සාධාරණත්වය ඉටු කරන්න කියලා. අපරාධය සම්බන්ධව හරි අනාවරණයක් ලබා දෙන්න කියලා.”

“මේ අවුරුදු පහ තුළ අපි දන්නවා විවිධ පාර්ශවයන් විවිධ සංදර්ශන ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කරනකොට සාමාන්‍ය මාධ්‍යය වැරදියට ජනතාවට ගෙනියනවා. මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කරනකොට සත්‍ය කරුනු වටහාගෙන ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. “

“ නැවත කිව යුත්තේ  මෙම සිද්ධිය සම්බන්ධව කිසිම දැනුම්වත් කිරිමක් කවුරුත් කළේ නෑ කියන එක.  අපිත් දන්නේ නෑ හරියට උනේ මොකක්ද කියලා. “

“ඔහු එන්න කලින්  සමහර ගෙවල්වලට ගිහින් තිබුණා. ගිහින් ඒ ගෙවල්වලට කියලා තිබුණේ ඉහළ තනතුරු දරන්නෙක් එනවා කියලා පමණයි. කවුද එන්නේ කියලා නිශ්චිත තොරතුරක් දීලා තිබුණෙ නෑ. පසුව පොලිස්පතිවරයා  ගෙවල් හය හතකට ගිහින් බඩු මල්ලක් ලබා දීලා තිබුණා.”

“දෙවස්ථානයට ගිහින් ඉටිපන්දම් පත්තු කරලා උත්ථාන ජේසු ප්‍රතිමාව අසලට ගිහින් යාඥාවක් කරලා ගිහින් තිබුණා. ඒ දේ තමයි සිද්ධ වුනේ. ඔහු පැමිණියේ පාස්කු ඉරිදා පෙරහරින් පසුවයි.”

“දේවස්ථානයකට ඕන කෙනෙකුට යන්න එන්න පුලුවන්. ඒත් ආවේ පොලිස්පති.  ඔහු එනවා නම් අපට  හරි දැනුම්වත් කිරීමක් කළ යුතුයි. ඔහු මේ ලෙස කිසිවෙකුට නොදන්වා  මොන අරමුණක් වෙනුවෙන් ආවද දන්නෙ නෑ. හැබැයි අපි විශ්වාස  කරන්නේ පොලිස්පති  එන්න ඕන විමර්ශනයන් වෙනුවෙන් සහ යුක්තිය  ඉෂ්ඨ කිරීම වෙනුවෙන්. “

“මේ වගේ දේවල්වලට ඇවිත් මොනවද අපට බලාපොරොත්තු වෙන්න පුලුවන්.” කටුවාපිටිය මීසම බාර මංජුල නිරෝෂණ පියතුමා විමසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තරගාවලි ජයග්‍රහණයත් සමග දෙවැනි ටෙස්ට් තරගයත් ලකුණු 192කින් දිනුම්…

Next Post

දුමින්ද, ලහිරු සහ ජිනරතන හිමි ඇප මත නිදහස්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.