බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බඩගින්නේ පෙළෙන  මිනිස්සුන්ගේ පණිවිඩය රටට දුන් තරුණයාත් බිහිසුණු පහර කෑමකට ලක්ව රෝහලේ….

අත්අංගුවට පත් 54 දෙනාගෙන් පිරිසකට එස්.ටී.එෆ් යුනිෆෝම් ඇඳගත් පිරිස් පහර දුන් ආකාරය සමාජ මාධ්‍යයේ පලවෙයි....

by editor
අප්‍රේල් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ඉදිරයේ උද්ඝෝෂණය කළ 54 දෙනාට ධරුණු  පහරදීම්වලට ලක් වී ඇති බව වාර්තා වේ.

පහර කෑමට ලක්වූ 35 දෙනෙක් කොළඹ ජාතික රෝහලේය.  ඒ අතර මෙම විරෝධතාවයේ මුඛ්‍ය ජනතා අදහස වඩාත් සංයමයකින් හා විචක්ෂණව ඉදිරිපත් කළ තරුණයා බරපතල ලෙස පහර කෑමට ලක් වී සිටී. ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා ආකරය අප මේ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන ප්‍රධාන ඡායාරූපයේ පෙනේ.

මේ තරුණයාගේ හිසට බරපතල ලෙස පහර දී තිබිණි. පැය හතක් යනතුරු ඔහුව සොයාගත නොහැකිව සිටි බව වාර්තා විය. දැඩි පහර දීමකට ලක් කර තරුණයා උසාවි නියෝග පිට රෝහල් ගත  කර ඇත. ඒ තරුණයා පොලිසිය ඉදිරියේ කතා කළ ආකාරය මේ ලෙස සමාජ මාධ්‍යයේ පල වී තිබිණි.


“ ඔලුවල පහර දීලා තියෙන්වා… පැය 7 ක් යනකන් හිටපු තැනක්වත් දන්නෑ. ඊය පස්සෙ හොස්පිල් එකට ගෙනත් දාලා. දැන් උසාවි නියෝග දාලා

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අත්අඩංගුවට පත් වූ තරුණයින්  මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ  “එස්.ටී.එෆ් යුනිෆෝම් ඇඳගත් පිරිස්“  තමන් සමග අත්අඩංගුවට ගත් කණ්ඩයමේ සියලු දෙනාටම  බරපතල ලෙස පහර දුන් බවය.

“ රට පෙරලන්න නෙමෙයි මෙතෙන්ට ආවෙ. බඩගින්න ඉවසගන්න බැරි නිසා. හොඳටම ගැහුවා. අපේ කීප දෙනෙකුට නැගිට ගන්න බෑ කකුල් කඩලා…“ එක් තරුණයෙක් පැවසුවේය.

“එස්ටීඑෆ් යුනිෆෝම් ඇඳගෙන ඒ අය හිටියෙ.  අපට ගහනවා දැකලා පොලිසියෙන් කිව්වා ඔය විදිහට ගැහුවොත්  අපට බාරගන්න බෑ කියලා. පොලිසිය හිටියෙ නැතිනම් උන් අපි මරනවා.“ තවත් තරුණයෙක් කීවේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී සිටින   නිදහස් වීඩියෝ මාධ්‍යවේදී සුමේද සංජීව බිහිසුණු පහරකෑමකට ලක් වී සිටියේය. ඔහු  මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් සැරසී සිටි පිරිස නිලධාරීන් හතර පස් දෙනෙක් තමන්ට බිම දමාගෙන පහර දුන් බවය.

වෙබ් අඩවියක වැඩ කරන සිය බිරියගේ සගයින්ට පහර දෙන බව අසා ඔවුන් රැගෙන එන්නට උද්ඝෝෂණය පැවති ස්ථානයට ගිය රාගම සෞඛ්‍ය සේවකයෙක් අත්අඩංගුවට පත් වී සිටියේය.

ඔහුගේ බිරිය   හැඬු කඳුලින් පැවසුවේ  අඳුරේ   මේ අතුරු පරාවල්වල ඇවිදිමින් තමන්ගේ සැමියා සොයා යන විට ඇය හැම තැනම  දුටුවේ අමානුෂික ලෙස පහර කෑමට ලක්වෙමින් සිටින තරුණයින් බවය.

“ඒ හැම කොල්ලෙකුට ගැහුවෙ එස්ටීඑෆ් උන්.  කෝල් කරපු වෙලාවෙ එයා කිව්වා අනේ මට ගහනවා කියලා. ඒ සද්දෙ මට ඇහුණා.  එකෙක් මට තිත්ත කුණුහරපෙන් කතා කරලා බැන්නා. තොගෙ මිනිහා අපේ ජනාධිපති තුමාගෙ ගේ ලඟට එව්වෙ ඇයි කියලා.“

“මගෙ මිනිහා මේ ගේ ලඟට ආවෙ උද්ඝෝෂණ කරන්න නෙමෙයි. මගෙ අවුරුදු පහක දරුවා ගෙදර දාලා ආවෙ. මිනිහා ඉන්නව ද කියලා කියන්නෙ නැතිව පාන්දර හතර වෙනකම් මුං මාව රස්තියාදු කළා. “

ඇය කීවේ හඬා වැටෙමිනි.

අත්අඩංගුවට ගත් පසු සිදුකළ මේ නින්දා සහගත පහරදීමට එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතු බව නීතිවේදීහු කීහ. මේ තරුණයින් පනස් තුන්දෙනා සහ එක් කාන්තාවක් වෙනුවෙන් මේ රටේ නීතිඥවරු සිය ගණනක් ගංගොඩවිල උසාවියේ රොක් වී සිටියහ.

මේ වීඩියෝව බලන්න….

&

;

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තමන්ගේ ගෙදර බත ඉදෙන හැටිවත්  නොදන්නා ඇමති කෙනෙක්!

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම 06 දක්වා බස්නාහිර පළාතට ඇඳිරි නීතිය…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.