ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ඉදිරයේ උද්ඝෝෂණය කළ 54 දෙනාට ධරුණු පහරදීම්වලට ලක් වී ඇති බව වාර්තා වේ.
පහර කෑමට ලක්වූ 35 දෙනෙක් කොළඹ ජාතික රෝහලේය. ඒ අතර මෙම විරෝධතාවයේ මුඛ්‍ය ජනතා අදහස වඩාත් සංයමයකින් හා විචක්ෂණව ඉදිරිපත් කළ තරුණයා බරපතල ලෙස පහර කෑමට ලක් වී සිටී. ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා ආකරය අප මේ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන ප්‍රධාන ඡායාරූපයේ පෙනේ.
මේ තරුණයාගේ හිසට බරපතල ලෙස පහර දී තිබිණි. පැය හතක් යනතුරු ඔහුව සොයාගත නොහැකිව සිටි බව වාර්තා විය. දැඩි පහර දීමකට ලක් කර තරුණයා උසාවි නියෝග පිට රෝහල් ගත කර ඇත. ඒ තරුණයා පොලිසිය ඉදිරියේ කතා කළ ආකාරය මේ ලෙස සමාජ මාධ්‍යයේ පල වී තිබිණි.
“ ඔලුවල පහර දීලා තියෙන්වා… පැය 7 ක් යනකන් හිටපු තැනක්වත් දන්නෑ. ඊය පස්සෙ හොස්පිල් එකට ගෙනත් දාලා. දැන් උසාවි නියෝග දාලා
අත්අඩංගුවට පත් වූ තරුණයින් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ “එස්.ටී.එෆ් යුනිෆෝම් ඇඳගත් පිරිස්“ තමන් සමග අත්අඩංගුවට ගත් කණ්ඩයමේ සියලු දෙනාටම බරපතල ලෙස පහර දුන් බවය.
“ රට පෙරලන්න නෙමෙයි මෙතෙන්ට ආවෙ. බඩගින්න ඉවසගන්න බැරි නිසා. හොඳටම ගැහුවා. අපේ කීප දෙනෙකුට නැගිට ගන්න බෑ කකුල් කඩලා…“ එක් තරුණයෙක් පැවසුවේය.
“එස්ටීඑෆ් යුනිෆෝම් ඇඳගෙන ඒ අය හිටියෙ. අපට ගහනවා දැකලා පොලිසියෙන් කිව්වා ඔය විදිහට ගැහුවොත් අපට බාරගන්න බෑ කියලා. පොලිසිය හිටියෙ නැතිනම් උන් අපි මරනවා.“ තවත් තරුණයෙක් කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී සිටින නිදහස් වීඩියෝ මාධ්‍යවේදී සුමේද සංජීව බිහිසුණු පහරකෑමකට ලක් වී සිටියේය. ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් සැරසී සිටි පිරිස නිලධාරීන් හතර පස් දෙනෙක් තමන්ට බිම දමාගෙන පහර දුන් බවය.
වෙබ් අඩවියක වැඩ කරන සිය බිරියගේ සගයින්ට පහර දෙන බව අසා ඔවුන් රැගෙන එන්නට උද්ඝෝෂණය පැවති ස්ථානයට ගිය රාගම සෞඛ්‍ය සේවකයෙක් අත්අඩංගුවට පත් වී සිටියේය.
ඔහුගේ බිරිය හැඬු කඳුලින් පැවසුවේ අඳුරේ මේ අතුරු පරාවල්වල ඇවිදිමින් තමන්ගේ සැමියා සොයා යන විට ඇය හැම තැනම දුටුවේ අමානුෂික ලෙස පහර කෑමට ලක්වෙමින් සිටින තරුණයින් බවය.
“ඒ හැම කොල්ලෙකුට ගැහුවෙ එස්ටීඑෆ් උන්. කෝල් කරපු වෙලාවෙ එයා කිව්වා අනේ මට ගහනවා කියලා. ඒ සද්දෙ මට ඇහුණා. එකෙක් මට තිත්ත කුණුහරපෙන් කතා කරලා බැන්නා. තොගෙ මිනිහා අපේ ජනාධිපති තුමාගෙ ගේ ලඟට එව්වෙ ඇයි කියලා.“
“මගෙ මිනිහා මේ ගේ ලඟට ආවෙ උද්ඝෝෂණ කරන්න නෙමෙයි. මගෙ අවුරුදු පහක දරුවා ගෙදර දාලා ආවෙ. මිනිහා ඉන්නව ද කියලා කියන්නෙ නැතිව පාන්දර හතර වෙනකම් මුං මාව රස්තියාදු කළා. “
ඇය කීවේ හඬා වැටෙමිනි.
අත්අඩංගුවට ගත් පසු සිදුකළ මේ නින්දා සහගත පහරදීමට එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතු බව නීතිවේදීහු කීහ. මේ තරුණයින් පනස් තුන්දෙනා සහ එක් කාන්තාවක් වෙනුවෙන් මේ රටේ නීතිඥවරු සිය ගණනක් ගංගොඩවිල උසාවියේ රොක් වී සිටියහ.
මේ වීඩියෝව බලන්න….
&
;