සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටලන්දේ සමූහ ඝාතන අපරාධයෙන් රනිල්ට ගැලවිල්ලක් නෑ… දුමින්ද නාගමුව බටලන්ද වාර්තාව අරන් පෙන්වා දෙයි!

by editor
මාර්තු 16, 2025
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

බටලන්ද කොමිෂන් සභා වාර්තාවට අනුව බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යමින් සමූහ ඝාතනයක් සිදුකළ ම්ලේච්ඡ අපරාධයෙන් රනිල් වික්‍රමසිංහට ගැලවිය නොහැකි බව බටලන්ද කොමිෂන් සභා වාර්තාවම උපුටා දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද (16)  පැහැදිලි කළේය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කරමින් රනිල් වික්‍රමසිංහ විස්‍න් අද  කළ ප්‍රකාශයට පිළිතුරු දීම සඳහා නුගේගොඩ දී කැඳවූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් දුමින්ද නාගමුව පෙන්වා දුන්නේ  බටලන්ද කොමිෂන් සභා වාර්තාවේම නිරීක්ෂණ හා නිර්දේශ අනුව බටලන්ද වධකාගාරය වෙනුවෙන්   පොහොර සංස්ථාවට අයිති බටලන්ද නිවාස සංකීර්ණයේ නිවාස ඒකක නීති විරෝධීව  වෙන් කර දෙමින් එම වධකාගාරයට මුල් ගල තැබූ අපරාධකරුවා රනිල් වික්‍රමසිංහ බවය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොතිබුණ බවට ලෝකය ඉදිරියේ  රනිල් වික්‍රමසිංහ   කියූ කතාව ඔහු විසින්ම බොරුවක් කර ඇති බවත් මෙම වාර්තාව 2000 වසරේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී සභා වාර්තාවක් ලෙස පැවති ආකාරය ඔහුටම යළි පිළිගන්නට  සිදුවී ඇති බවත්  දුමින්ද නාගමුව පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ තමන්ට එරෙහිව කිසිම නිර්දේශයක් මේ කොමිෂන් සභා වාර්තාවේ නොමැති බවට කී කාරණයත්,   නිර්දේශ ක්‍රියාවට  නැගීමට  කොමිෂන් සභාව ගොඩනැගූ පනතට අනුව හැකියාවක් නොමැතිය යන කාරණයත් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව කී නාගමුව රනිල් වික්‍රමසිංහගේ  සමස්ථ ප්‍රකාශය තුළම ඇත්තේ ඔහුගේ චූදිත භාවයෙන් ගැලවීමේ දුබල උත්සාහයක් බව ප්‍රකාශ කළේය.

“බටලන්ද කියන්නෙ වධකාගාරයක්. ඒ වධකාගාරය පොලිසියට වෙන් කරලා ලබා දීලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. බටලන්ද වධකාගාරයේ බී 2 කියන නිවාසය ලබා දීලා තියෙන්නේ කාටද. මෙම වාර්තාවේ ඉතාම පැහැදිලිව මෙහෙම  කියනවා… “ 1989 මැයි සිට 1994 අගෝස්තු දක්වා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාර්යාලය ලෙස පැවතිනි. “

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“ඔහුට කාර්යාලයක් විතරක් නෙමෙයි නිවාඩු නිකේතනයක් මෙතන තිබිලා තියනවා. මේ වාර්තාවේ ඒක පැහැදිලිව තියනවා. මේ ස්ථානයේ නීති විරෝධී  රැස්වීම් පවත්වලා තියනවා කියලා.

මෙම රැස්විම් පොලිස් දෙපාර්තමේන්තුවේ හෝ ආරක්ෂක අමාත්‍යාංශයේ  අනුදැනුම මත පැවැත්වුන රැස්වීම් නොවන බව සඳහන් වෙලා තියනවා.    රැස්විම් තියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ නිල නිවසේ සහ බංගලාවේ. ප්‍රධානත්වය දැරුවේ රනිල් වික්‍රමසිං කියලා කොමිෂන් වාර්තාවේ පැහැදිලිවම තියනවා.”

“ඉතාම වැදගත් කාරණාවක් මේ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. එහි කියනවා මෙහෙම.”

“බලය නොලත් රැස්විම් නීති විරෝධි රැස්විම්  පැවැත්ම් සහ වධකාගාර පවත්වා ගැනීම් බේරිය නොහැකි ලෙස වෙලී පැටලී ඇත.”

“දැන් ඔහු කියනවා ඇහින් දුටු සාක්ෂි නෑ කියලා. සාක්ෂි තියනවා. මිනිස්සු ඉදිරිපත් වෙනවා දැන්.” දුමින්ද නාගමුව අවධාරණය කලේ මේ ඇසින් දුටු සාක්ෂි සහිත මනුෂ්‍යයින් මිය යෑමට පෙර මේ තොරතුරු ලබා ගත යුතු බවත් එය නීතිය ඉදිරියට ගොස් විසඳාගත යුතු බවත්ය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ද නම සඳහන් සුදත් චන්ද්‍රසේකර ඒ වකවානුවේ උප පොලිස් පරික්ෂකවරයෙකි.  ඔහු රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ලේකම්වරයා ලෙස සැලකිය යුතු කාලයක් ගත කළේය.

2018/08/10 වැනිදා රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ලේකම්  ධූරයෙන් ඉල්ලා අස් වෙන සුදත් චන්ද්‍රසේකර මේසේ ලියා තිබිණි.

“ මම එදා කුරුඳු පොළු හමුදාවට මංගල සමරවීර මැතිතුමා සමග නායකත්වය ලබා දෙමින් සන්නිවේදන බලකාය ප්‍රමුඛ කණ්ඩායම් මෙහෙයවා ඔබවත් පක්ෂයත් බේරා ගත් බව අද සියල්ලන්ටම මෙන් ඔබතුමන්ට අමතක වී ඇත. “

“ ඔබ නිසා මා බටලන්දේ මිනී මරුවා විය. ගාමිණී අතුකෝරලගේ මිනී මරුවා විය. ඔබ වෙනුවෙන්  සිරිකොත ඉදිරියේ ගිනි තබාගෙන මිය ගිය රියන්සි අල්ගමගේ මිනී මරුවා විය… “   පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් ඔවුන් ආණ්ඩුවට පවසන්නේ මේ ප්‍රකාශ පදනම් කරගෙන සුදත් චන්ද්‍රසේකර   අත් අඩංගුවට ගැනීමට නීතිපතිගෙන් අවසර ගන්නට අවශ්‍ය නැති බවය.

දුමින්ද නාගමුව අද කළ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදේශ ඇමති විජිතගේ පුද්ගලික ලේකම් කාන්තා අතවර චෝදනා ලද සල්ලාලයෙක්… දයාසිරි පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි…

Next Post

දේශබන්දුගේ නීතිඥවරුන්ගෙන් අභියාචනාධිකරණයට මෝසමක්!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.