ඉන්දියා බංගලාදේශ තරගය ඊයේ (23) පැවැත්විනි. බංලියන් ලකුණු 50කින් පරාදය.
අප නැති තරගාවලියේ දී මේ දෙපාර්ශවයේ කවුරු දිනුවත් අපේ ප්‍රේක්ෂකයින්ට වැඩි ලකයක් නැත. එහෙත් බංගලියන් ඉන්දියාවට ගැහුවොත් හොඳයි යැයි සිතන මානසිකත්වයෙන් තරගය බැලුවත් ක්‍රිකට් යනු යථාර්ථයකි. ඉන්දියාව සිය විශිෂ්ඨත්වය යළි තහවුරු කළේය. කාසියේ වාසිය දිනුවේ බංගලියන් ය. ඔවුහු පන්දු යැවීම තේරූහ. ඉන්දීය කණ්ඩායම ලකුණු 196ක් ලැබුවේය. දැවී ගියේ කඩුලු පහකි.
ඉන්දියා වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාණ්ඩ්‍ය පන්දු 27ක දි හයපෙහර තුනක් සහ හතරේ පහර 4ත් දහිතව ලකුණු 50ක් ලැබුවේය.

ෂිවම් ඩුබේ ලකුණු 34කි. රිෂාක් පාන්ට් ලකුණු 36කි. ෂිවම් ඩුබේ ලකුණු 34කි. කඩුළු 05කට ලකුණු 196කි.
පන්දු යැවීමේ දී ටන්සිම් හසන් සකිබ් ලකුණු 32ට කඩුළු 02කි. රිෂාඩ් හොසේන් ලකුනු 43ට කඩුලු 2කි. ශකිබ් අල් හසන් ලකුණු 28ට කඩුල්ලකි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පැමිණි බංගලිය ඉනිම විනාශ කිරීමේ ප්‍රධානම කටයුත්ත කළේ ජස්පිට් බුම්රා සහ කුල්දීප් යාදේව් ය. බුම්රා පන්දු ඕවර 4ටම දුන්නේ ලකුණු 13කි. කඩුළු 02ක් ලැබුවේය. කුල්දීප් යාදේව් ද එසේමය. ඔහු පන්දු ඕවර 4ටම ලකුණු 19කි. කඩුළු 03කි. අර්ෂදීප් සිං ලකුණු 30ට කඩුළු 2ක්, හර්දික් පාණ්ඩ්‍ය ලකුණු 32ට කඩුල්ලක් ලැබුවේය.
බංගලි ඉනිම කඩුළු 8කට ලකුණු 146ට සීමා විය. නායක නජ්මුල් හොසෙන් සැන්ටො ලකුණු 40ක් ලැබුවේය. ඒ පන්දු 32ක දී ය. ටන්සිනඩ් හසන් ලකුණු 29ක්, රිෂාඩ් හොසේන් පන්දු 10ක දී ලකුණු 24ක් ලැබුවේය.
ලකුණු 146කට බංගලියන් සීමා විය. ඉන්දියාව ලකුණු 50ක විශිෂ්ට ජයග්‍රහණයකය.
ඉන්දියානු කණ්ඩායම මේ වනවිටත් අපරාජිතවය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් සහිතව තරගය නිමා කර ඇත.







