සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාව අපේ භාවිතය… මඩ අවලාද අසත්‍ය ප්‍රචාර ඔවුන්ගේ භාවිතය… අප අපේ ගමන යන්නම්… ඔබ ඔබේ ගමන යන්න… අනුර කියයි!

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ද්ධතියක් ලෙස බිඳවැටුණු රටක් තියුණු ප්‍රතිස්සංකරණ ක්‍රියාවලියකට ලක්ව නව පුනරුද යුගයක් නිර්මාණයය කිරීම සඳහා ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය පුරා වසර දෙකක් තිස්සේ ක්ෂේත්‍ර 39ක් ආවරණය කරමින් ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීනයන් සහ විද්වත් කණ්ඩායම් එක්ව සිදුකළ අධ්‍යයනයක හා විවිධ තලවල පොදු ජනතාව සමග එක්ව ගොඩ නගා ගත් පුළුල් සංවාදයක ශක්තිමත් ප්‍රතිඵලයක් බව ජාතික ජන බලවේගේය නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ජාතික ජන බලවගේය  රට වෙනුවෙන් ප්‍රතිපත්ති රාමුවක් සහිත භාවිතයක් ඉදිරිපත් කරද්දී අනෙක් පාර්ශවයේ භාවිතය වූයේ මඩ අවලාද අසත්‍ය ප්‍රචාර බවත්  අද ඒ සියලු අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු   සියල්ලටම ජාතික ජන බලවේගය  ශක්තිමත් පිළිතුරක් ලබාදී තිබෙනවා බවත්, ඔහු පෙන්වා දුන්නේය.

අද (26) ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්හි පැවති ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ලෙස නම් කෙරුණ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේ දී අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළේය. 

ඔහු එම අවස්ථාවේ දී මෙසේ ද කීවේය. 

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉතා සැලසුම් සහගතව ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරමින් හිටියා. මේ කඩා වැටී තිබෙන රට ගොඩනැගීමට නම් අපි බලවේග එකතු කළ යුතුයි. ඒ සඳහා අපි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම් එකතු කර ගනිමින් ඒ අය බලමුළු ගන්වමින් ඉදිරියට ආවා. ඒ විතරක් අපිට ප්‍රමාණවත් නැහැ. අපි ශක්තිමත් මතවාදයක්ද ජනතාව අතරට ගෙන යා යුතුයි. දීර්ඝ කාලයක් මේ රට වැටී තිබෙන අගාධය පිළිබඳව, ඊට හේතු පිළිබඳව සහ ඉන් ගොඩ යන්නේ කෙලෙසද යන්න පිළිබඳව මේ රටේ ජනතාව සමග සාකච්ඡා කළා.

ඒ සියල්ල සම්පිණ්ඩනය කරලා අපේ රටට විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම තමයි අපේ ඊළඟ අදියර වුණේ. ඒ අදියර තමයි අපි මේ මොහොතේ සම්පූර්ණ කරලා තිබෙන්නේ. අපිට ශක්තිමත් මතවාදයක් තිබෙනවා. ශක්තිමත් බලවේගයක් තිබෙනවා. ඊට නායකත්වය දිය හැකි නායකත්ව මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අප රට ගොඩනැගිය හැකි මාවතද අප සතුව තිබෙනවා. අපේ රටේ ජයග්‍රහණයේ මාවත සැප්තැම්බර් 21 උදාවෙනවා.

අපේ මේ වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ක්ෂේත්‍ර 39ක කරුණු ගොනුකරමින් සාකච්ඡා කළා. අධ්‍යයනය කළා. බොහෝදෙනා මේ කාර්යය සඳහා තම කාලය, දැනුම නිර්ලෝභීව ලබා දුන්නා. ඒ සියලු දෙනාටම අපේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම රටේ විවිධ තලවල ඉන්න ජනතාවත් සමග, ඒ ඒ ක්ෂේත්‍රවල ඉන්න ප්‍රවීණයන් සමග මේ වැඩපිළිවෙළ පිළිබඳව අපි සංවාදයක් කළා. කරුණු එකතු කළා. ඒ නිසා අපි උඩ සිට බලන ක්‍රමවේදයකට වඩා ඒ ඒ ක්ෂේත්‍රවල සිටින ජනතාවගේ අවබෝධය, අත්දැකීම් සහ ඔවුන්ගේ වුවමනාවන් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගු විය යුතුව තිබුණා. ඒ අත්දැකීම් සියල්ල පදනම් කරගෙන අද අපිට “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” කියන තේමාව මුල් කරගෙන දියුණු සහ සාර්ථක වැඩපිළිවෙළක් එළිදක්වන්න පුළුවන් වුණා.

වඩාත් ගැඹුරින් සාකච්ඡා කළ යුතු කරුණු පිළිබඳවත් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ වැඩපිළිවෙළ පිළිබඳවත් දියුණු සහ ගැඹුරු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඉංජිනේරු ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ආර්ථික, සමාජ, අධ්‍යාපන, සෞඛ්‍යය ආදිය ඇතුළත් සමාජයේ සියලු ක්ෂේත්‍ර පිළිබඳව හා ඒවා ගොඩනංවන ආකාරය පිළිබඳව විධිමත් සැලසුම් මේ වැඩපිළිවෙළ තුළ අපි ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළේ අඩංගු වන්නේ එම සියලු ක්ෂේත්‍රවල සාරාංශයක් පමණයි. වැදගත් ක්ෂේත්‍ර සියල්ලේම එකිනෙකට අදාළ පුළුල් වැඩපිළිවෙළ අපි වෙන වෙනම ඉදිරිපත් කරනවා.

පසුගිය කාලයේ අපේ වැඩපිළිවෙළ ගැන, අපි ගැන අපිට වඩා කතාකළේ වෙන අය. අදත් අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන, අපේ ආණ්ඩුකරණය පිළිබඳව වැඩිපුරම කථා කරන්නෙ වෙන අය. අපි ගොඩාක් ඒවට පිළිතුරු ලබා දෙන්න යන්නේ නැහැ. අපි අනවශ්‍ය සංවාදයක, අනවශ්‍ය දේවල් සමග ගැටුමකට මැදිහත් වෙන්න යන්නේ නැහැ. නමුත් අපි අද ඒ සියලු අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු ඒ සියල්ලටම ශක්තිමත් පිළිතුරක් ලබාදී තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ වැඩපිළිවෙළ තමයි අපේ භාවිතය. ඔවුන්ට හිමි භාවිතය තමයි, අසත්‍ය, අවලාද, විකෘති කරන ලද තොරතුරු ප්‍රචාරය කිරීම. ඒක ඔවුන් තෝරා ගන්නා මාවත. මේක තමයි අපි තෝරා ගන්නා මාවත.

පද්ධතියක් ලෙස බිඳ වැටුණු රටක්

මෙම වැඩපිළිවෙළ තුළ ගැබ්වෙලා තිබෙන කරුණු කිහිපයක් අවධාරණය කරන්න මම කැමතියි. මේ රට පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා. ඒ කියන්නේ ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම පුරවැසියෙකු අපිට මුණ ගැසුණොත් එයාට කියන්න තිබෙනවා ඒ ක්ෂේත්‍රය පිළිබඳ ඛේදනීය කතාවක්. අපි නීතියේ විධානයේ ආධිපත්‍ය දරන කණ්ඩායම්වල උදවිය හමුවුණොත් ඔවුන් එම ආයතනවල පද්ධතිය කඩා වැටිලා තිබෙන අන්දම නීතියේ විධානයේ ආධිපත්‍යය පවත්වාගෙන යාමට තිබෙන බාධාවන් ඔවුන් අපිට පෙන්වා දෙනවා. සංචාරක කර්මාන්තයේ නියැලෙන කණ්ඩායමක් හමුවුණොත් ඔවුන්ට ඔවුන්ගේම ඛේදජනක කථාවක් තිබෙනවා කියන්න. රටේ කර්මාන්තකරුවත් හමු වුණොත් ඔවුන්ටත් ඔවුන්ගේම ක්ෂේත්‍රයේ ඛේදවාචකයක් කියන්න තිබෙනවා. අපේ ගණකාධිකාරීවරු හමුවුණොත් ඔවුන්ට ඔවුන්ගේ ක්ෂේත්‍රයේ විගණන කටයුතු ගැන කියන්න ඛේදජනක කථාවක් තිබෙනවා. අපි සංඝයා වහන්සේලා, ආගමික පූජකතුමන්ලා හමු වුණොත් ඔවුන්ටත් ඔවුන්ගේ ක්ෂේත්‍රය ගැන කියන්න ඛේදජනක කතාවක් තිබෙනවා.

ඒ කියන්නේ අපි ඉන්නේ ක්ෂේත්‍ර එකක, දෙකක අර්බුදයක නොවෙයි. සමස්ත පද්ධතියකම පවතින්නේ අර්බුදයකයි. අපේ රට සමස්ත පද්ධතියම කඩා වැටුණු රටක්. අපි කිසිවෙකුට කවර හෝ ක්ෂේත්‍රයක සුබවාදී හැඟීමක් කවර හෝ බලාපොරොත්තුවක් අද ඉතිරිවී නැහැ. සමස්ත සමාජ දේහයම කඩා වැටිලා. එනිසා මේ පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙන රාජ්‍යය යළි පුනරුදයක් කරා ගෙන යාම අපි වගකීමක් ලෙස පවරා ගන්නවා. කුඩා කුඩා ප්‍රතිසංස්කරණවලින් පමණක් මේක ගොඩදාන්න බැහැ. කොච්චර නම් කුඩා කුඩා ප්‍රතිසංස්කරණ කරලා තිබෙනවාද? මේ අර්බුදයෙන් ගොඩයන්න. ඒත් ඒවායින් සිද්ධවෙලා තිබෙන්නේ මේ අර්බුදය නැවත නැවතත් ප්‍රතිපෝෂණය වෙන එකයි. මේ සමස්ත පද්ධතියම වෙනස්කොට ගොඩනැගීම තමයි ජාතික ජන බලවේගය බාර අරගෙන තිබෙන්නේ. මුල සිට ලස්සන වියමනක් කරන්න අපට සිදු වී තිබෙනවා. අපි අපේ වැඩපිළිවෙළ මේ අර්බුදය පියවරෙන් පියවර විසඳීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් දමා තිබෙනවා. මේ නූල්බෝලයක් වගේ පැටලී තිබෙන අර්බුදයෙන් පියවරෙන් පියවර මිදිලා “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” අපේ පුරවැසියන්ට ලබාදීම තමයි අපේ වැඩපිළිවෙළ් ප්‍රමුඛතම කාර්යය වෙලා තිබෙන්නේ.

රට ගොඩනගන හැටි…

පළමු කොටම මේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමානයි කියන මූලධර්මයට අපි යළි පණ දිය යුතුයි. පවතින කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කර, යළි අපේ රටේ පුරවැසියන්ට නීතිය පිළිබඳ විශ්වාසය ගොඩනැගිය යුතුයි. මහා පරිමාණ මිනිස් සංහාරයක් කරලා, මහාපරිමණ මහජන ධනය මංකොල්ල කාලා, එහෙම කෙනෙකුටත් මේ රටේ ජනාධිපති පුටුවේ වාඩිවෙන්න පුළුවන් කියන විශ්වාසය ජනතාව තුළ ගොඩ නැගුණොත් ඒ රටට මොකද වෙන්නේ. අද දේශපාලන හස්තයට යට වී තිබෙන නීතිය ක්‍රියාවට නඟන ආයතන පද්ධතිය අපි ඉන් සම්පූර්ණයෙන්ම මුදා ගන්නවා.

අපේ රටේ මුළු දේශපාලන ව්‍යුහයම සකස් වී තිබෙන්නේ අනෙකාට එරෙහිවයි. එනිසා දීර්ඝ කාලයක් තිස්සේම අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය සැබෑ ලෙසම ඇති කරන්න නොහැකි වී තිබෙනවා. සමගිය නිර්මාණය කිරීම වගන්ති ඇතුලේ, නීතිය ඇතුලේ, අයිතීන් ඇතුලේ විතරක් කරන්න බැහැ. සමගිය නිර්මාණය කිරීමේ ප්‍රධාන කාර්යය තිබෙන්නේ දේශපාලනය තුළයි. අනෙකාට එරෙහි දේශපාලනයකින් සමගිය නිර්මාණය කරන්න බැහැ. අනෙකාගෙ ගරුත්වය, පිළිගැනීම බිඳ දමන දේශපාලනයකින් සමගිය, ජාතීන් අතර සමගිය නිර්මාණය කරන්න බැහැ. ශිෂ්ට සමාජයක් රඳාපවතින්නේ සාමූහිකත්වය මතයි. තනි පුද්ගල ආධිපත්‍යය මත ශිෂ්ට සමාජයක් නිර්මාණය කරන්න බැහැ. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු වගන්තිය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපි අඩංගු කර තිබෙනවා.

අමාත්‍ය ධුර ගොඩනැගීමක් ආණ්ඩුකරණයට ඉතා වැදගත්. පාලකයාගේ සිතැඟි පරිදි අමාත්‍ය ධුර ගොඩනගන එක නොවෙයි අපේ පාලනයක් යටතේ අපි කරන්නේ. එසේ කරන්නේ ඒ පිළිබඳ විද්‍යාත්මක සැලසුමකට අනුවයි. යහපත් ආණ්ඩුකරණයක් අපි ගොඩනඟනවා. ශක්තිමත් ඉතා දියුණු රාජ්‍යතාන්ත්‍රික විදේශ ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. අපේ රට අත්තිවාරමක් නැති රටක්. ඒ නිසා රට ගොඩනගනවා නම් ශක්තිමත් අත්තිවාරමක් තිබිය යුතුයි. මේ වැඩපිළිවෙළ එවැනි ශක්තිමත් අඩිතාලමක් අපට ලබා දෙනවා. ඒ මත පුරවැසියන්ට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ලැබෙන ජාතික ජන බලවේගයේ පාලනය මේ රට තුළ ගොඩනගනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අයිඑම්එෆ් එක සතුටු කරනවා වගේම මේ රටේ අසරණ මිනිස්සු සතුටු කිරීමේ වගකීම ආණ්ඩුවකට තියෙනවා.-නාමල් රාජපක්ෂ

Next Post

යෝගට් හදන්නට ගෙන ගිය මිනිස් පරිභෝජනයට නුසුදුසු දියර කිරි ලීටර 400ක් විනාශ කරයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.