සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිඑම්එෆ් එක සතුටු කරනවා වගේම මේ රටේ අසරණ මිනිස්සු සතුටු කිරීමේ වගකීම ආණ්ඩුවකට තියෙනවා.-නාමල් රාජපක්ෂ

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අයිඑම්එෆ්,  ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සතුටු කරන්නා සේම මේ රටේ සමස්ථ අසරණ ජනතාව සතුටු කිරීමේ වගකීම ආණ්ඩුවකට ඇති බවත් පොදු ජන පෙරමුණ එම වගකීම තේරුම් ගත් දේශපාලන බලවේගයක් බව පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) යක්කල දී පැවති ජන හමුවක් අමතමිනි.  එහිදී ඔහු මෙසේ ද පැවසීය.

අපි මේ රටට ආදරය කරන දේශපාලන කණ්ඩායමක්. අපේ ප්‍රතිපත්ති අපේ හාමුදුරුවනේ හැමදාම තියෙන්නේ මේ රටේ පොඩි මනුස්සයත් එක්ක බද්ධ වෙලා. අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා. පන්සලත් එක්ක බද්ධ වෙලා. ගමේ අම්මා තාත්තාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ වගකීම ආණ්ඩුවකට තියෙනවා. අයිඑම්එෆ් එකයි ලෝක බැංකුවයි ආසියානු සංවර්ධන බැංකුවයි සතුටු කරනවා වගේම මේ රටේ ග්‍රාමීයව ජීවත්වන දෙමව්පියෝ දරුවෝ සතුටු කිරීමේ වගකීම ආණ්ඩුවකට තියෙනවා.

අපි ඒ වගකීම තේරුම් ගත්තු දේශපාලන බලවේගයක්. මං විශ්වාස කරනවා එක පැත්තකින් මේ රටේ දෙමව්පියෝ අපේක්ෂා කරන දරුවන්ගේ අධ්‍යාපනය නූතනත්වයත් එක්ක ගැලපෙන ලෝක රැකියා වෙළඳපොළට සරිලන අධ්‍යාපන ක්‍රමවේදයකට අපි පරිවර්තනය කරනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තරුණයෙක්ට දරුවෙක්ට, අවශ්‍ය නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා යන්නත් එහෙමත් නැත්තං ලෝක රැකියා වෙළඳපොළට සරිලන දැනුමක් බුද්ධියක් ලබාගන්න එහෙමත් නැත්තං වෘත්තීයය කාර්මික පුහුණුවක් ලබාගන්න පුළුවන් අවකාශය අපි හදලා දෙනවා.

තවත් පැත්තකින් අපි විශ්වාස කරනවා මේ රටට ආයෝජකයෝ ගේන්න ඕනේ. අපිට ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් තියෙනවා. ඒ ආයෝජකයාට හරියන ප්‍රතිපත්ති අපි අනුගමනය කරන්න ඕනේ. අසීමිත බදු තුළ සාමාන්‍ය පුරවැසියාට සාධාරණයක් වෙන්නෙත් නැහැ නැහැ. ඒ වගේම ව්‍යාපාරිකයාට සාධාරණයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මිනිස්සුන්ට දරන්න පුළුවන් බද්දක් අපි ගහන්න ඕනේ. බදු ගෙවන්න මිනිස්සු ලෑස්තියි.අපේ ජනතාව අපේ හාමුදුරුවනේ බදු ගෙවන්න විරුද්ධ නැහැ. හැබැයි ඒ ගෙවන බද්ද සාධාරණ වෙන්න ඕනේ. මිනිස්සුන්ට දරාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා පැහැදිලිවම අපි මිනිස්සුන්ට දරාගන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. එසේම ඒ ප්‍රතිපත්ති අපි කාලෙන් කාලෙට වෙනස් කරන්නේ නැහැ.

අපි දැක්කා පහුගිය කාලේ මැතිවරණයක් ළං වෙනකොට කැබිනට් පත්‍රිකා දානවා 2025 ඉඳලම පඩි වැඩි කරන්න. ඇයි ඒ? පහුගිය කාලේ කිව්වේ සල්ලි නෑ කියලා. හැබැයි ඡන්දෙ ළං වෙනකොට සල්ලි හම්බෙලා. ඇයි අපි රවට්ටන්නේ. ඇයි අපි මැතිවරණය කේන්ද්‍ර කරගත්ත ක්‍රමවේදයකට පමණක් ආණ්ඩු කරන්නේ? ඒ නිසා මං පැහැදිලිව විශ්වාස කරනවා අපි ගේන්න ඕනේ මැතිවරණ ඉලක්ක කරගත්ත දේශපාලන ප්‍රතිපත්ති නෙමෙයි.
රාජ්‍ය යාන්ත්‍රණය තුළ රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා කරනවා වගේම උද්ධමනයට සාපේක්ෂව පඩි වැඩි කිරීමක් කරනවා නම් ඒකට අවශ්‍ය ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්න ඕනේ. ඒක මැතිවරණ වේදිකාවට තීන්දු කරන්න ඉඩ තියන්න ඕන නෑ. ඒ සඳහා අවශ්‍ය පැහැදිලි ක්‍රමවේදයක් අපි හඳුන්වලා දෙන්න ඕන. මං විශ්වාස කරනවා එක පැත්තකින් රාජ්‍ය සේවයට තාක්ෂණය බද්ධ වෙන්න ඕනේ. ජනතා සේවාවන් ඩිජිටල්කරණයට පරිවර්තනය වෙන්න ඕනේ. අපි තෙල් පෝලිම අයින් කරා කියනවා හැබැයි අනිත් පැත්තෙන් පාස්පෝර්ට් පෝලිම දික් වෙලා. පෝලිං අයින් කරන්න ජනාධිපතිවරු පත්වෙන්න ඕනෙද?

නෑ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය අපි හඳුන්වලා දෙන්න ඕනේ. ඒ වගේම මේ රටේ දේශීය ව්‍යාපාරිකයා සහ ගොවියා ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්න ඕන. අපි දැඩි සේ විශ්වාස කරනවා මේ රටේ සංස්කෘතියත් හා බද්ධ වෙච්ච ආර්ථික ක්‍රමවේදයක් අපි අනුගමනය කරන්න ඕනේ කියලා.

ගමයි පන්සලයි කේන්ද්‍ර කරගත් සමාජයක් අපි හදන්න ඕනේ. යම්කිසි හේතුවක් හින්දා පවතින ක්‍රමවේදයත් එක්ක අද සමාජය බිඳ වැටිලා තියෙනවා. තරුණ පරම්පරාව පන්සලෙන් ඈත් වෙලා තියෙනවා පල්ලියෙන් කෝවිලෙන් ඈත් වෙලා තියෙනවා. ඒ තුළින් අපි සංස්කෘතික වශයෙන් යම් කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා. මේකට අපි මුහුණ දෙන්න ඕනේ. එනිසා ආණ්ඩුවකට වගකීමක් තියෙනවා ආර්ථික, සමාජ, දේශපාලන වගේම මේ රටේ ජනතාවගේ ආරක්ෂාව, පාතාලයෙන්, මංකොල්ලකරුවන්ගෙන්, පික් පොකට්කාරයන්ගෙන් බය නැතුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ආරක්ෂාවක් සහිත පසුබිමක් හදන්න ආණ්ඩුවකට වගකීමක් තියෙනවා.

මේ කාරණා එක්ක අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහින්ද චින්තනය කේන්ද්‍ර කරගත්ත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන අපි, එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්තපු තැන ඉඳලා ඉදිරියට අරගෙන යන්න සැප්තැම්බර් මාසේ 22වෙනි ද ඉඳලා අපි ආරම්භ කරනවා කියන එක මතක් කළ යුතුයි.අපි ඒ වගකීම ඉෂ්ට කරනවා.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ශෙහාන් සේමසිංහ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා බනී…

Next Post

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාව අපේ භාවිතය… මඩ අවලාද අසත්‍ය ප්‍රචාර ඔවුන්ගේ භාවිතය… අප අපේ ගමන යන්නම්… ඔබ ඔබේ ගමන යන්න… අනුර කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.