ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබා දිය යුත්තේ පොදුජන පෙරමුණේ අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පවසයි.
ඔහු මෙම ප්රකාශය කරනු ලබන්නේ පක්ෂයේ මහ ලේකම් සාගර කාරයවසම් ප්රකාශයක් කරමින් ශ්රී ලංකා පොදු ජන පෙමුණෙන් නිල වශයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර නැති බවත් පක්ෂය රනිල් වික්රමසිංහ වෙත සහාය දීමට තීරණය කර ඇති බවත් දන්වා සිටිය දීය.
පාර්ලිමේන්තුවේ තමන්ගෙ ඡන්දය පමණක් හිමි වැඩ බලන ජනාධිපති රනිල් වික්රමසිංහ වෙත සහයෝගය ලබා දීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි සාගර කාරියවසම් කියද්දී සභාපති ජී.එල්. පීරිස් කියා සිටින්නේ ඩලස් අලහප්පෙරුම පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ඇති බැවින් ඔහුට සහාය දිය යුතු බවය. ඔහු ඒ තනතුර සදහා සුදුසුම පුද්ගලයෙක් බවය.
කෙස් නමුත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පිළි නොගන්නා බැවින් පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව සාගර කාරියවසම් පවසයි.







